බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධද..

May 14, 2019 at 7:26 pm | lanka C news
බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධද..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරමි.

අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ඡවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැත.

එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප‍්‍රකාශය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තරයේ ප‍්‍රතික්ෂේප කරන බව සිහිපත් කරමි.

සංජීව එදිරිමාන්න
ප‍්‍රකාශක

47 views

18 Comments to “බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් රාජපක්ෂ විරුද්ධද..”

  1. මුස්ලිම් හෝ වේවා ද්‍රවිඩ හෝ වේවා ඒ නායකයින් රජයකට හැම විටම සම්බන්ධ කර ගන්නේ එසේ නැතුව රජයක් ගෙන යන්න බැරි තත්ත්වයක් පාර්ලිමේන්තුවේ නිර්මාණය වන නිසයි. ඒකය වග කියන්න ඕනෙ සිංහල ජන්ද දායකයින් හා සිංහල ජන්ද ගොඩවල් වෙන් කර ගන්නා පක්ෂයි. කළ යුත්තේ සිංහල එක ගොඩකට ඇවිත් ශුද්ධ බලයක් පාර්ලිමෙන්තුව තුළත්, ජනාධපතිවරණයේදීත් ඇති කර ගැනීමයි. හැබැයි එසේ කරන්නේ සුළු ජාතීන් පාගා දැමීමට නොව, ඔවුන්ව මේ නරුම දේශද්‍රෝහීන්ගෙන් ගලවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව ද ඇතිවයි.

Main News