බදියුදීන්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරමින් සිටී…

December 30, 2019 at 12:00 pm | lanka C news
බදියුදීන්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරමින් සිටී…

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ගෙන් මේ වන විටපොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටියි.

ප්‍රකාශයක් ලබාගැනීමට පැමිණෙන ලෙස කරන ලද කැඳවීම් මත පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු ඇමතිවරයාගෙන් මෙසේ ප්‍රකාශ ලබා ගනිමින් සිටී.

පාස්කු ඉරිදා දිනය මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරුන් වන රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මීට පෙර කරුණු දක්වා තිබිණි.

37,938 Viewers

13 Comments to “බදියුදීන්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරමින් සිටී…”

  1. ඩපයා says:

    මූටත් ච්ම්පිකයටයී, රාජිතයටයී වගේ තවත් නාඩගමක් රඟ දක්වන්න ඉඩ දීලා පස්සේ ඇප දීලා යවන්න වෙන්නැති.

  2. HMG says:

    First, Champika then Rajitha now Rishad. This will also be finished as other cases finished. They( the government) need news to hide the reality from the people.

  3. බන්ඩා says:

    අවශ්‍ය වන්නේ මොකක් හරි චෝදනාවකට රිමාන්ඩ් කිරීම නොවේ. ඔප්පු කල හැකි චෝදනා පමනක් මත නඩු දමා චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දීමය්.

  4. Hemantha says:

    Attorney General gave the order to take Rajitha to remand. If doesn’t have enough evidence to remand him, he shouldn’t have gave that order. AG is a failed officer. He must be sacked.

  5. පොඩි බයියා says:

    රාජිතල, චම්පිකල පෙන්න පෙන්න වැලි ජාවාරම් කරුවන්ට, පස් ජාවාරම් කරුවන්ට නිදහසේ වැඩේ කරගෙන යන්න ඉඩ දීල. වැලි ජාවරම් කරුවෙකුට විරුද්ධ වෙච්ච නුවර තරුණයෙකුගෙ කශේරුකාව කැඩෙන්න ගහල. දිනපතා මාධ්‍ය සාකච්ඡා පවත්වන හාමුදුරුවරුන්ටවත් මේවනම් පේන්නෙනෑ.

  6. Critic says:

    Not to worry Badudeen! All these things are fart show. you’ll also be released on bail while we’re sucking lolipops given by the Govt.

  7. ඇත්ත යථාර්ය says:

    නීතිපති, රහස් ‌පොලිසිය පිස්සු නටනවා , හරියට නඩුවක් පයිල් කර කළ යුතු ‌දෙය ‌නොකර ‌මොවාද ‌මේ කරන්නේ.

  8. අනේ අපොයි says:

    දැන් දැන් සිද්ද වෙන දේවල් අනුව මටනං පේන්නෙ ජනාධිපති තුමාගෙ සායම යනව වගෙයි . මේ විකාර වැඩ හින්දා රටේ ගමන අවුල් වගේ . එක්කො ඕවට දෙන ප්‍රසිද්ධිය සීමා කරන්න ඕන එහෙම නැත්තං කෙටියෙන් හමාර කරන්න ඕන . ඇදෙනවා වැඩියි .

  9. Aurora says:

    කලබල නොවී බලන් ඉම්මු. කොහොමත් මේ රටේ නීතිය ක්‍රියාත්මකවීම බොහොම ප්‍රමාදයි. නමුත් වරද්දකරපු එකා විඳව විඳව ඉන්නවා, කොයි වෙලාවේ පත්තුවේවිද කියල. අපි අපේ වැඩවලට ප්‍රමුඛස්ථානය දෙමු. පොලිසිය වැරදි කලොත් ජනාධිපති තුමා ඒක නිවැරදි කරනවා කියන විශ්වාසය තමයි අපට තියෙන්නේ.

  10. Upul says:

    Please stop these drama’s. People are fed up because, final result is nothing after spending so much money and time.

Main News