බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගනී…

July 26, 2021 at 10:40 am | lanka C news
බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගනී…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැනීමට තීරණය වී තිබේ.

එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පැවැත්වීමට නියමිත බව විමර්ශන කණ්ඩායම් කියා සිටිති.

ඒ අනුව අධිකරනයෙන් ලබාගන්නා අවසරයක් මත සිරුර යළි ගොඩ ගැනීමට නියමිතව තිබේ.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පිරිසක් ඩයගම ප්‍රදේශයට පිටත් යාමට ද නියමිතය.

32,503 views

9 Comments to “බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගනී…”

  1. ලමාස් says:

    ඉක්මනින් මෙයාගෙ ශරීරයට විශ වර්ග ඇතුළු කරලාද කියලා හොයාගන්න වෙනවා. ඒ වගේම මේ ලමයා ඊට කලින් දිනයේදී පවා අමානුෂික ලෙස දූෂණය කරන්න ඇති. මේවා DNA සාක්ෂි මගින් ඔප්පු කරන්න පුළුවන්. මිනීමරපු එවුන්දලාට පැනලා යන්න දෙන්න එපා.

    • Saman says:

      මේ ගොඩ දාන්නේ වෙන මොනවටත් නොවේ. ගොඩ අරගෙන කියනවා දරිය දූශණයට ලක්වෙලා නෑ කියල. හෙරොයින් පාන්පිටි කරන උන්ට මේවා සිම්පල් .අපි නොද්න්න ලයිව් .

    • හතර හිනා says:

      පලමුව අත්අඩංගුවට ගත යුත්තේ බාලවයස්කාර දැරියව විකුණූ දෙමාපියන්ව හා තරව් කාරයාවයි..මොනවද මේ හතර හිනා?
      ඔවුන් පෝස්ටර් උස්සාගෙන මාධ්‍ය සංදර්ශන..

  2. weerasinghe says:

    වලදාපාංං … ගොඩ දාපාංං

    • Sasha says:

      ගොඩ අරගෙන හරි පරීක්ෂන කරන්න ඕනෙ.ඕකුන්ව අතහරින්න හොඳ නැහැ මේ කරපු අපරාදවලට.ඇයි ඔයාට දුකද බඩුර්දීන් මිනිමරුවා ගැන.

  3. කැලණියේ නයා says:

    බදුර ජම්පරේ ඇදන් හිර දඩුවම් විදී කියල හිතා ඉන්න බයි මල්ලිලා පව් .මීට වඩා නාට්ටි බොලා දැකල නැද්ද .

  4. TikTok says:

    J.Rගේ සිට G.R දක්වා ලංකාවට ඩොලර් උපයන්න මැදපෙරදිග සුල්තාන්ලගේ මන්දිර වල වහල් වැඩට යවලා ඉන්න සිංහල කාන්තාවන් මීටත් වඩා වදහිංසා දූෂණ වලට ලක්වෙනවා.
    බදුර්දීන්ගේ ගෙදර සිද්ධිය ගැන කිඹුල් කඳුළු සලන වීරෝදාර පොන්න චීත්ත පාහරයන්ට චැලෙන්ජ් එකක් දෙනවා අපේ සිංහල ගෑණුන්ව වහාම වහල්භාවයෙන් මුදවාගෙන ආපසු ලංකාවට රැගෙන එන ලෙසට.
    ගෑණු අපා දුක් විදලා ඩොලර් එවනකම් මුහුදට දත නියවන “පොන්න චීත්ත පාහරයනී” මේ චැලෙන්ජ් එක උඹලාටයි.

  5. 😪😢😪😢 says:

    හා …. බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගත්තා කියමුකො…
    ඇත්ත සියල්ලම ” වල දායි ” හැමෝම නිදහස්…!
    බොරැල්ල පොලිසිය ලොකුවට ආගමික වතාවත් කරලා
    ඒ දැරිය වෙනුවෙන් රිෂාඩ්ගෙ ගෙදරට යන නමේ පාරට ඒ ලමයගෙ නම දායි
    සැමරුමක් ලෙස..!!

  6. වල් බල්ලා says:

    මරන පරීක්ෂණයි අනික් මෙකී නොකී පරීක්ෂණයි කරන්න හිතවත් මුස්ලිම් දොස්තර වරුන් පත්කර ගත්තෙ කාගේ උවමනාවටද? පොලිසිය හදපු සාක්කිත් පිලිගැනීමට අමාරුයි. සුමාන තුනකට පස්සේ බූමිතෙල් බෝතල් සහ ලයිටර් ඉබේම පහල වෙලා. මේ බොරු සාක්කි හදන්නේ කාව රවටන්නද? මිනී ගොඩ අරන් කරන්න යන්නේ මීටත් වඩා ලොකු බොරුවක්. කාලකණ්ණි රටක්.

Main News