බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය යලිත් භූමදානය කරයි..

August 14, 2021 at 2:02 am | lanka C news
බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය යලිත් භූමදානය කරයි..

රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ කිතුනු ආගමික වතාවන් වලට අනුකුලව (13) දින පස්වරුවේ හැටන් ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියේ ඇය මිට ප්‍රථම භුමිදානය කල ස්ථානයේම භුමිදානය කෙරිණ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත මියගිය ඉෂාලිනිගේ දේහය (13) දින මවට සහ ඇයගේ සොහොයුරාට භාර දිමෙන් අනතුරුව දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට ඩයගම වත්ත දක්වා රැගෙන එනු ලැබුහ.

දෙවන පශ්චාත් මරණ පරික්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙක් යටතේ සිදු කල අතර එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

11,517 views

5 Comments to “බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය යලිත් භූමදානය කරයි..”

  1. බබා says:

    අන්තිමේ වෙන්නේත් මේක තමයි. තනියම දූෂණය කරගෙන තනියම ගිනිතබාගෙන බදියුදීන් සහ මිනීමරු ගෑනි නිදොස් කොට නිදහස් කිරීමයි. බදියුදීන්ගේ කුඩු මුදල් සහ පාර්ලිමේන්තු චන්ද ටික පාවිච්චි කර පොලිසිය, නීතිය, දොස්තර රිපෝට් සියල්ල මිලට ගනු ඇති

      • LION says:

        විල්පත්තු වන රක්ෂිතය විනාශ කරලා ලැබුණු ගස් සිටුවීමේ දඩුවම වගේම මේකත් ඉවරවෙයි …ද්විත්ව පුරවැසි පනතට දුන් සහයට ඔහුට නිදහස ලැබේවි

  2. සහොදරය says:

    දෙවියන්ගේ කෙමෙත්ත නෙ පොඩි පොඩි කන්‍යාවිය න් එක්ක යහන් ගත වීම හා ගිනි තෙබීම.
    රීසාඩ් ලොක්ක මොනව කරත් දන්න ව සල්ලි දීලා ගොඩ යන්න පුලුවන් කියල ලන්කවෙ .
    ( මේක මුලු මහත් මුස්ලිම් සමාජ යම දන්න දෙයක් රුපියල් 5000ක් පෙන්නුවා නම් එති)

Main News