බදියුදීන්ගේ නිවසේ මිය ගිය දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්…

July 27, 2021 at 12:40 pm | lanka C news
බදියුදීන්ගේ නිවසේ මිය ගිය දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්…

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඩයගම පදිංචිව සිටි අවු 16 හැවිරිදි ජේ.ඉෂාලිනිගේ මෘත දේහය තැන්පත් කර ඇති ඩයගම වත්තේ පොදු සුසාන භුමියට (26) දින සිට ඩයගම පොලිසිය විසින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇත.

ජිවිතක්ෂයට පත් ජේ.ඉෂාලිනි දැරියගේ මෘත දේහය යලිත් ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කරන ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයක් සමග ජේ.ඉෂාලිනි දැරිය මිහිදන් කර ඇති ඩයගම වත්ත පොදු සුසාන භුමියට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මෘත දේහය ගොඩ ගැනිමේ කටයුතු (27) දිනයේ සිදු කිරිමට නියමිත අතර, ඩයගම ප්‍රදේශයේම පදිංචි තරුණියන්  කිහිප දෙනෙකු රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා ඇති බවට තැරුව්කරුවන් විසින් කොළඹ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්යංශය පොලිස් නිලධාරින් පිරිසක් (27) දින ඩයගම ප්‍රදේශයට පැමිණ එම පිරිසගෙන් ප්‍රකාශ ලබා ගැනිම සිදු කරනු ලබයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

19,483 views

7 Comments to “බදියුදීන්ගේ නිවසේ මිය ගිය දැරියගේ සොහොනට දැඩි පොලිස් ආරක්ෂාවක්…”

  1. අනේ අනිච්චං says:

    දැන් ඉතින් දාපියව් ඔක්කොම ආරක්ෂාව. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා තියෙන වැඩේ මොකක්ද? සාක්ෂි හංගලා බොරු කටඋත්තර ලියලා දැන් මොනවාද මේ කරන්නේ. ඔය බඩඋඩින් පවුලෙන් පගාව අරගත්ත පොලිස් නිලධාරීන් ඉන්නවා නම් දැන්මම ඔවුන් අල්ලා ගන්න වෙනවා.

  2. Priyanth says:

    හරක් එළුවන් වැනි සතුන් කිසිම අනුකම්පාවක් නැතිව මරණ තම්බියන්ට මිනිසුන් මරණ එක මොන කජ්ජක් ද

  3. කැලණියේ නයා says:

    බයි මල්ලිලාට මතකද රටම හොල්ලපු විල්පත්තු නාට්ටිය කට්ටිය හිතුවෙ කැලෑ පාලු කලාට බදුර එල්ලුම් ගස් කියාල අන්තිමේ උනේ බදුරට පැල හිටුවන්න කියපු එක බදුර හිටෝපු පැල දැන් පේනොනෙ.ඒ වගෙම තමා බන්ස්ල මේ නාට්ටියත් ලොමු දැහැ ගන්වල කදුලු වගුරෝල අන්තිමට නාට්ටිය ඉවර වෙන්නෙ මැරුණු දරුවටත් විල්පත්තුවට වෙච්චි දේම වෙලා.

  4. චන්ද දායක says:

    සිරි ලංකා පොලීසිය ? හොඳ වැඩ දාහක් කරලා එකකින් G ගාගන්නවා හැමදාම.

  5. 3% ට බය බයියා. says:

    වතු කරයේ තරුණ තරුණියන්ට රජයේ කම්කරු හෝ සුදුසු රැකියා දිය යුතුය .

  6. මහනුවර අක්‍රම් says:

    ඔය ආරක්ෂාවට කියලා ඉන්න පොලීසිය ෂුවර්ද?

Main News