බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනිට සාධාරණයක් කරන හැටි පියල් කියයි..

July 25, 2021 at 4:40 pm | lanka C news
බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනිට සාධාරණයක් කරන හැටි පියල් කියයි..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ජේ.ඉෂාලිනිට සාධාරණය ඉටු කිරිමට වත්මන් රජය සහ තම අමාත්‍යංශය කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසිය.

පියල් නිශාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ සහන් එළිය නමින් දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ ළමුන් උදෙසා වන ප්‍රවේශය යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයට එක් වෙමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙවැනි සිදුවිම් ඉදිරියේදි සිදු නොවිමට ඉෂාලිනිගේ මරණය හරහා තම අමාත්‍යංශය උපරිම අයුරින් කටයුතු කරන බවයි.

ළමා සහ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔහුන්ව ආරක්ෂා කර ගැනිමට අනෙකුත් සියළු දෙනාගේ සහයෝගය ලැබිය යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මෙම අවස්තාවට වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක , රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ,නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ යන මහතුන් සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

16,154 views

9 Comments to “බදියුදීන්ගේ නිවසේ මිය ගිය ඉෂාලිනිට සාධාරණයක් කරන හැටි පියල් කියයි..”

  1. Ms.commonsense says:

    Monahari karala pennala kiyanawanan hodai , hamoma kiyanawa withari mukuth karanne ne 🙃

  2. NuwanJ says:

    හරි හමන් නායකත්වයක් දැන් කරන්න ඔන ඉදිරියට මෙ වගේ වද හිංසන නොවිමට නිති හරි හැටි කියාත්මක කරිම. නිති මදිනම් ඒව ඇති කිරිම.
    ඔව කොළඹ හා වෙනත් පලාත් වල මහ මන්දිිර 100ක් පරික්ෂා කලොත් 25ක වත් වද හිසාවට පත්වන මෙහෙකාර කාන්තා සහ ලමයි ඇති.
    අනික ඔය නගරවල ස්පාවල වැඩ කරන කාන්තාවොත් වැඩි හරියක් කරන්න දෙයක් නැති කමට ඒව කරනව. නය ගෙවා ගන්න ලමයිට උගන්වන්න , ඔත්පල පුරැෂය සනිප කරගන්න.

    මෙව ගැනත් බැලුවොත් මහා කෙදවාචක කතා තමයි
    රජයන් ඔන මෙ විපත් වලට විසදුම් දෙන්යි. නැතිව එකක් වුනාම එකෙ මාධය සංදර්ශන කරන්න නෙවෙයි.
    ඒ හදුගත්ත සමස්ත ගැටලුවටම විසදුමක් දෙන්න

  3. 3% ට බය බයියා. says:

    එක්ණැළිගොඩ ,ලසන්තගේ දරුවන් ,මරුවන් ද?

  4. " කොනකපාල " says:

    පියල්….
    ඔව් එහෙමම කරමු…. කරලා ……!
    ඊට පස්සේ ඕක විල්පත්තු විනාශය වගේ නොදැක්කා වගේ ඉඳිමු…!
    තොගේ දුවට ඕකා ඔහොම කරානම් තෝ ඔහොම කියනවද බූරවෝ..!

  5. චමින්ද says:

    මුන් මාධ්‍යවේදීන් ප්‍රවෘත්තියක් දැන්මහම බල්ලෝවගේ ටික දවසක උඩ බුරල හුලං ගියා වගේ ටික දවසකින් ඇහැක් ඇරලා බලන්නේ නැහැ ඔය ප්‍රශ්ණ දිහා.මුන් නම් නියම වන්දි බට්ටෝ.

  6. අතුලසෞදි says:

    ඉෂාලනි වෙනුවෙන් කාඩිනල් මොකුත් කියලා නැහැ නේද ? එයාල හරි වෙනස්.

  7. බන්ඩා says:

    අනේ පල යන්න බොරු නොකියා. උදේ හයට අතිවූ ගින්නෙන් සියයට හැත්තෑ පහක් පිච්චිලා තියෙද්දි දවල් දොලහ කිට්ටු වෙනකං ඉස්පිරිතාලෙ එක්කං ගියේ නැත්තේ ගෙදරදීම මැරේවි කියලා හිතාගෙන වෙන්න ඇති. නමුත් ගෙදරදී මිය නොගිය නිසා තමයි ගිහින් දාන්න ඇත්තේ. දින විසි එකක් තිස්සේ හමු නොවූ පිච්චී ගිය සෙරෙප්පු දෙක සහ බූමිතෙල් බෝතලයක් ලයිටරය සමග මතු උනේ කොහොමද?

  8. බාකරන් says:

    කෝ මේ කොටි ඩයස් පෝරාව? උන්ට දුප්පතුන් පෙනෙන්නේ නැහැ.

  9. Sam says:

    Duminda ට වගේ දරුණු දඬුවම් දෙන්න එපා බදියුදීන් ට පවූ නේ

Main News