බදියුදීන්ගේ නිවස හමුදා-පොලිස් බල ඇණි හදිසි පරීක්‍ෂාවකට ලක් කරයි..

May 6, 2019 at 5:30 pm | lanka C news
බදියුදීන්ගේ නිවස හමුදා-පොලිස් බල ඇණි හදිසි පරීක්‍ෂාවකට ලක් කරයි..

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු මෙන්ම හිටපු උතුරු පලාත් සභා මන්ත්‍රී වරයෙකු වන රිෆ්කාන් බදියුදීන්ගේ මන්නාරම් තාරාපුරම්හි පිහිටි නිවස අද (06) හදීසි සෝදිසි පරික්ෂාවකට ලක් කල බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කොට සිටියි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 54 වන සේනාංකයේ යුද හමුදා සෙබලුන් හා මන්නාරම පොපීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම සෝදිසි මෙහෙයුම දියත් කොට ඇති අතර අද උදෑසන් සිට දහවල් වන තුරු සිදු කොට ඇත.

තාරාපුරම් හි පිහිටි රිෆ්කාන් බදියුදීන්ගේ නිවස පරික්ෂා කලද එහි තිබී සැකකටයුතු කිසිවක් හමු වී නොමැති අතර පසුව තාරාපුරම් ගම්මානය හා අවට තිබූ තුර්කි නගර් ගම්මානයද සෝදිසි පරික්ෂාවකට ලක් කරන ලදි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මන්නාරමට පැමිණෙන අවස්ථාවේදී තාරාපුරම්හි පිහිටි රිෆ්කාන් බදියුදීන්ගේ නිවසේ රැඳී මැතිවරණ කටයුතු හා මහජන හමුවීම් ආද කටයුවල නිරත වෙයි.

කෙසේ වෙතත් අමාත්‍ය වරයාගේ සොහොයුරාගෙ නිවස පරික්ෂා කරන අවස්ථාවේදී සොහොයුරාද නොසියට ඇති අතර එහි සිට ඇත්තේ සේවකයින් කිහිප දෙනෙකු පමණකි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

105 views
Main News