බදියුදීන්ගේ බිරිදට, මාමන්ඩියට, මස්සිනාට නීතිය තදින්..

July 24, 2021 at 2:22 am | lanka C news
බදියුදීන්ගේ බිරිදට, මාමන්ඩියට, මස්සිනාට නීතිය තදින්..

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත්විම සහ එම දැරිය අපයෝජනයට ලක් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කරන බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි.රත්නායක මහතා නුවරඑලියේ අමාත්‍යවරයාගේ කාර්යාලයේදි මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ඉදිරියේදි මෙවැනි සිදුවිම් සිදු නොවිමට රජය කටයුතු කරන බවයි.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කර තිබියදි එම ක්ෂෙත්‍රයේ රැකියා කිරිමට එම වතු කම්කරුවන්ගේ දරුවන් කැමැත්තක් නොදක්වන බවත්, එම දරුවන් හොද අධ්‍යාපනයක් ලබා වෙනත් රැකියාවලට යාමට කැමැත්ත දක්වන නිසා ඒ සදහා අවස්තාව ලබාදිම රජයේ අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

වතු ආශ්‍රිත දරුවන් මෙහෙකාර සේවයේ යොදවන තැරුව්කරුවන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙස පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

23,271 views

11 Comments to “බදියුදීන්ගේ බිරිදට, මාමන්ඩියට, මස්සිනාට නීතිය තදින්..”

  1. neil says:

    What is happening with the list and investigation of 15-year-old child abuse and rape? Why media do not follow up.

Main News