බදියුදීන්ගේ මෙහෙයවීමෙන් අන්තවාදය උගන්වන අරාබි පාසල් ජාලයක් රට පුරා..

June 16, 2020 at 2:10 pm | lanka C news
බදියුදීන්ගේ මෙහෙයවීමෙන් අන්තවාදය උගන්වන අරාබි පාසල් ජාලයක් රට පුරා..

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක‍්‍රියාත්මක වන අන්තවාදී ඉගැන්වීම් සිදු කරන අරාබි ජාත්‍යන්තර පාසල් ජාලයක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බව බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළහ.

ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා පළමු දිනට සාක්ෂි ලබා දෙමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ එවැනි පාසල් 30 කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ ක‍්‍රියාත්මක වන බවය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් උන්වහන්සේ මෙසේද සඳහන් කළහ. හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් තුර්කි ආධාර යටතේ ක‍්‍රියාත්මක වන ජාලයක් මෙරට තුළ ක‍්‍රියාත්මක වනවා.

අදාළ ජාලය තුළ අරාබි ජාත්‍යන්තර පාසල් 30 ක් පමණ ක‍්‍රියාත්මක වනවා. එම පාසලක නම සඳහන් ප‍්‍රකාශයක් සිදු කළහොත් ඊට පසුදිනම එහි නම වෙනස් කිරීමක් සිදුකරන බැවින් මෙම පාසල් ජාලය පිළිබඳ තොරතුරු සෙවීමට අපහසුයි.

කෙසේ වෙතත් අදාළ පාසල් පිහිටුවා ඇත්තේ තිහාරිය, පුත්තලම, මාවනැල්ල යන ප‍්‍රදේශ තුළයි. ඒවායේ ප‍්‍රධානීන් ඉහ්වාන් හා ජමාතේ ඉස්ලාම් යන අන්තවාදී මතයන් දරන්නන්ය. ශ‍්‍රී ලංකාවේ සිටියදි අයි. එස්. සංවිධානයේ ක‍්‍රියාකාරකම් සඳහා යොමුවූ පළමු පුද්ගලයාද ගලේවෙල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අරාබි ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙකි.

මෙහිදී ජනාධිපති කොමිසම ඥානසාර හිමියන්ගෙන් විමසා සිටියේ ‘‘මෙරට තුළ ෂරියා විශ්වවිද්‍යාල ඇති බවට තොරතුරු ලැබුණේද?’’ යන්නයි.

ඊට පිළිතුරු දුන් උන්වහන්සේ සඳහන් කළේ මෙරට කිසිදු විශ්වවිද්‍යාලයක් රටේ නායකයෙකුගේ නමින් හෝ ආගමික නායකයෙකුගේ නමින් නම් කර නොමැති පසුබිමක නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ඇතුළු කණ්ඩායමක් ‘මලික් අබ්දුල්ලා’ යන සෞදි අරාබි රජවරයෙකුගේ නමින් මෙරට තුළ විශ්වවිද්‍යාලයක් ඉදි කළ බවය.

විරෝධතා සිදුකර එම විශ්වවිද්‍යාලය ඉදි කිරීම වළක්වා ගැනීමට නොහැකි වුවද ඊට ඇතිකළ විරෝධතාවන් හමුවේ ‘මලික් අබ්දුල්ලා’ යන නම ගලවා දැමීමට හැකිවූ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අද වන විට එය බැටිකලෝ කැම්පස් ලෙස පවතින බවත් මේ වන විට එහි ෂරියා ඉගැන්වීම් සිදු නොකරන බව හිමිකරුවන් පැවැසුවද ර්‍ණ්රඑි සබ ිය්රස් සික්පසජ ර්‍ණ යන ඉගැන්විම සිදුකිරීමට ඔවුන් සූදානමින් සිටි බව ඥානසාර හිමියෝ සිය සාක්ෂි ලබාදීමේදි කියා සිටියහ.

සිය සාක්ෂි ලබාදීමේදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අබ්දුල් රාසික් නමැති පුද්ගලයකු දෙහිවල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන බීකාස් නමැති අධ්‍යාපන ආයතනය තුළද ඇතැම් අන්තවාදී ඉගැන්වීම් සිදු කරන බවයි.

එසේම විදේශයන්හි සිට අන්තවාදීන් මෙරටට එවනු ලබන මුදල් ගණනය කිරීම සඳහා මෙරට තුළ තවමත් නිසි ක‍්‍රමවේදයක් නොමැති බවද ඥානසාර හිමියෝ ජනාධිපති කොමිසමට පැහැදිලි කළහ.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙරට තුළ කාලාන්තරයක් පුරා සිදුවූ අන්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව තමන් හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ එවක හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිඛිතව ක‍්‍රමානුකූලව ද මෙම අන්තවාදී ක‍්‍රියා පිළිබඳව දැනුවත් කළ බවය.

එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් තමන් ඇතුළු පිරිස ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවා මේ පිළිබඳ විමසීම් කළ බවත් වෙනත් කිසිදු වගකිවයුත්තෙකු හෝ රජයක් 2012 වසරේ සිට පාස්කු ප‍්‍රහාරය එල්ලවන තුරු අන්තවාදය පිළිබඳව තමන් හෙළි කළ තොරතුරු ගැන කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

– divaina

31,379 Viewers

36 Comments to “බදියුදීන්ගේ මෙහෙයවීමෙන් අන්තවාදය උගන්වන අරාබි පාසල් ජාලයක් රට පුරා..”

  1. මහී ජිනපාල says:

    ඉස්ලාම් අන්තවාදය විනාශ කරන්නේ අන්‍යාගමිකයන් පමණක් නොවේ. ඔවුන්ගේම වෙනත් නිකායන්ද විනාශ කරනු ලබයි. ෂියා සුන්නි මුස්ලිම් ගැටුම් එහි එක් ලක්ෂණයකි. ඉස්ලාම් ආගමික අන්තවාදීන්ගේ මතය වන්නේ අන්‍යාගම් අදහන්නන් මරා දමා ඉස්ලාමය පැතිරවීමයි. ඔවුන්ගේ අදහස වන්නේ ලෝකයම ඉස්ලාම් විය යුතු බවයි. ඒ සඳහා කුඩා දරැවන් ඝාතකයන් වශයෙන් සූදානම් කිරීම ඉස්ලාම් අන්තවාදීන්ගේ පාසල්වල සිදු කරයි. මෙය නැවැත්වීම රජයක වගකීමකි. එය අවසානයේ ආගමට නොව ජාතික ආරක්ෂාවට බලපායි.

  2. පොහොට්ටුව says:

    චන්දය චන්දය ……..චන්දය…… බදියුදින් බදියුදින්…………බදියුදින් බදියුදින් බදියුදින් ………බැංකු හොරා. සාෆි නැතෝ. …..

  3. sinhale le says:

    මද්‍රසා වැනි අන්තවාදි අදහස් පෝෂණය කරන පාසල් තහනම් විය යුතුයි. පකිස්තානයේ ඉම්රාන් කාන් අගමැතිවරයා මෙවැනි පාසල් 800ක් තහනම් කරලා තියෙනවා.

  4. *** says:

    Why can’t be arrested him? Puduma wadakne. Podi 1k nam me weddi marana daduwamath deela.

  5. john the baptice says:

    ඉස්ලාම් ආගම ආගමක් නොවේ එය හුදෙක්ම දේසපාලන මෙහෙයුමක් මොහමඩ් බැන්ද වැන්දබුවට විසාල මුදල් සම්බහාරයක් තිබුණා ඇ මැරුණ පසු සියලුම දේපළ මෝහමෙඩ් ට ලැබුණා රටේ ලොකුම පෝසතා බවට පත් උනා ඒ රටේ පෝසතා සැමවිටම නායකයා පසුව ඔහු ඒ රටේ සිටිය හොදම කවියා ලවා කුරානය ලියන්න බාර දුන්නා, තමන් පැරණි බයිබලයෙන් කොපිකර ගත් දේ සහා පෙර්සියාවේ සොරාස්ටියෙන් ආගමේ කොටස්ද එකතුකර මේ කුරානය ලියවා තිබෙනවා මේ පොත ලියාපු කවි කාරයා කවියක් විදියටයි මේ පොත ලියා තිබෙන්නේ පොත කියවනවිට මෙය තේරුම් ගන්න පුලුවන්. මේ පොත අල්ලාහ් විසින් එවන ලද්දක් යනබව කියමනත් දේසපාලන විජ්ජාවක්.

  6. Fernando says:

    දැන් ඕව කියකිය ඉදල වැඩක් නෑ .අල්ලලා නඩු දාපල්ලකෝ .ඕව කරනවා කියල නේද ආවේ ?