බදියුදීන්ගේ විශ්වාස බංගයට ඈත දිනයක් දෙයි… පාර්ලිමේන්තුව ගිණියම් වේ..

May 23, 2019 at 12:40 pm | lanka C news
බදියුදීන්ගේ විශ්වාස බංගයට ඈත දිනයක් දෙයි… පාර්ලිමේන්තුව ගිණියම් වේ..

ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් ලබා දීමට අද දිනයේදීද කටයුතු කර නැත.

එම විශ්වාසභංගය ගැන සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ රැස් වූ පක්ෂ නායකයන් ගේ හමුව අවසන් වී ඇත්තේ තීන්දුවකින් තොරවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සදහන් කර ඇත්තේ ජූනි 5-6 දිනවලට පෙර ඒ සදහා දිනයක් ලබා දිය යුතු බවයි.

කෙසේ වෙතත් සභානායක ලක්‍ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේ ජුනි 18-19 දිනයන්හිදී මෙය විවාදයට ගැනීමට සූදානම් බවයි.

ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ විශ්වාසභංගය විවද කිරීමට දිනයක් ලබා නොදුනහොත් පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවයි.

43 views

12 Comments to “බදියුදීන්ගේ විශ්වාස බංගයට ඈත දිනයක් දෙයි… පාර්ලිමේන්තුව ගිණියම් වේ..”

  1. බුද්ධි says:

    මුලු රටම අද කියන්නේ මුන් 225ම එලවන්න ඕනේ කියලයි…මුං අපව රවට්ටන්නයි මේ විශ්වාශභංග ගේන්නේ…අමතක කරන්න එපා මුං 225ම 21 ප්‍රහාරය කලින් දැනගෙන හිටි බව.මේ විශ්වාශභංග කතාවත් මුං 225ම එකතු වෙලා රටේ ජනතාවට ගහන තවත් බෝම්බයක් පමණයි….මුං මේවා ගහන්නේ උන් 225ට පෞදුවේ එල්ලවන විරෝධය වෙනතකට හරවන්න.