බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..

October 2, 2020 at 6:51 pm | lanka C news
බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..

හිටපු අමාත්‍යවරයෙකු වන රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදුර්දීන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් සාක්ෂි හමුවී නැතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පිට රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලදී.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරීමට තරම් සම්බන්ධයක් ඇතැයි විමර්ශනවල දී හෙළි නොවුණු බවයි.

කෙසේ නමුත් ඔහු ඇප මත මුදා හැරියේ දේශපාලන බලපෑමක් මත නිසා නොවන බවද සේනාරත්න මහතා කියා සිටියේය.

25,868 views

25 Comments to “බදියුදීන්ගේ සහෝදරයා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ යයි නඩු දාන්න සාක්‍ෂි නෑ..”

  1. සුදේශ් says:

    කොහොමත් රිෂාඩ් ජෙප්පන්ට වඩානම් හොඳා….

    • සමන් වර්ණකුලසුරිය says:

      දැන් රිෂාඩ් බදුර්දීන් දේශප්‍රේමියෙක් , දේශද්‍රෝහියෙක් දේශප්‍රේමියෙක් වෙන්න තියෙන එකම
      මග රාජපක්ෂ වරයෙක් එක්ක අතට අත දී 20 චන්දෙ දෙනවා කියන්න විතරයි ,රිෂාඩ් එහෙම චමල්ට කිව්වා
      විතරයි දැන් රිෂාඩ් බදුර්දීන් දේශප්‍රේමියෙක්, සොහොයුරා රියාජ් බදුර්දීන්ට තිබ්බ නඩුත් සුන්
      දැන් බයියෝ හෙට ඉදන් රිෂාඩ් බදුර්දීන් ගේ ගුණ වර්ණනා කරයි , විල්පතුවේ රිෂාඩ් බදුර්දීන් ගස් කැපුවේ නැ ගස් හිටුවා කියයි , බයියෝ ගේ කටවල් පුට්ටු වෙලා දැන්

    • ශිරාන් says:

      ගෝටා ජනාධිපති උනාම නම් මෙහෙම නටන්න හම්බෙන්නේ නෑ.
      කොහෙද මේ හිටන් ගේ කොන්ද පන නෑ නේ.

  2. සමන් says:

    ඒතකොට මුදල් දුන්න කියල, රටින් පනින්න උදවු කලා කියල ප්‍රවෘත්ති ගියේ? මේ මොන අපරාධයක්ද? එතකොට කරපු උන්ට ලගින්ම උන්නු උන් සේරම නිදහස්! එහෙනන් ඉතින් අර පූජිතයයි, හේමසිරියයිතුත් නිදහස් කරල දාපල්ල. මේ මොන මගුලක්ද මේ? මේකටත් දේශපාලනේ ගෑවිලාද සැකයි. මෙහෙම ගියොත් ඉතින් රට ඉවරයි.

    • Boo says:

      අපිට හිතිච්ච නිසා, ආස නිසා, තරහ නිසා, කවුරැහරි කියපු නිසා මිනිස්සු හිරේ දාන්න බෑ ජඩපාලන කාලෙ වගේ. ඔබ ලග බලවත් සාක්කි තිබෙනවානං ඒවා පොලිසියට ඉදිරිපත් කිරීමෙන් එයාව හිරේ යවන්න පුලුවන් වෙයි.

      දේශපාලනේ ගෑවිලා තියෙනවානං ඒකටත් සාක්ෂි ඉදිරිපත් කිරීම කල යුතුයි. නැත්තං ඉතිං ඒවා මඩ විතරයි.

      • ruwan says:

        එතකොට චන්දෙ දිනන්න ඕනේ හින්දද අපේ රිෂාඩ් මහත්තයට ඒ කාලේ බොරු කලේ. තොපිලට හෙන ගහනවා උත්තමයන්ට අපහාස කරනවට.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    පූජිත නැතුවත් පොලිසිය නීතිය නමනවද​?

  4. බන්ගොයියා says:

    උන්ගෙ බෙල්ල මිරිකල මෝඩ බයියන්ව චූන් කරල චන්දෙ ගොඩ දාගත්තනේ දැන්වත් අහිංසක මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න ඉඩ දීපල්ල.

  5. kobbekaduwa says:

    Shaani gen pasu CID ya “Shanika” kenekuta,,,,, – Lejjai

  6. Dinu says:

    Lack of evidence. Hmmm… What a coincidence, the brother meets with Chamal R. & now everything is good? If that is so do we need a police force in Sri Lanka? I mean if they are going to arrest ppl without evidence? Something seriously wrong with the system.

  7. Buddhadasa says:

    It seems Jaliya Senevirathne has become a PUS battek – a useless puppet. Hope he can sleep well in the night! Probably not. Hope that his participation of treacherous activities ordered from above keeps him awake

Main News