බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් දීලා.. සතොස බිලියන 15ක් පාඩු ලබලා.. කෝප් කමිටුවේ මාට්ටුයි..

August 23, 2019 at 11:20 am | lanka C news
බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් දීලා.. සතොස බිලියන 15ක් පාඩු ලබලා.. කෝප් කමිටුවේ මාට්ටුයි..

දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යයාපාර කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි.

සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු හෙලි වූ අතර අදාළ අමාත්‍යාංශය භාර ඇමති බදියුදීන්ට සම්බන්ධ යයි කියන UTV රූපවාහිනි නාලිකාවට වෙළෙඳ ප්‍රචාරක කටයුතු සඳහා යයි පවසමින් මාසිකව සතොස මගින් රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදී තිබූ බැව් ද එහිදි හෙලි විය.

මෙම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ගණනාවක්ම සම්බන්ධයෙන් විශාල දූෂණ චෝදනා එල්ල වන අතර පසුගිය දා එම අමාත්‍යාංශයට අයත් ලක්සල එනම් ශ්‍රීලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයද පසුගිය වසරේ දි පමණක් රුපියල් මිලියන 87.7 ක් බ්‍රෝකර්වරුන් වෙත ලබා දෙන ලෙස පවසමින් මහා මුදල් වංචාවක යෙදීමෙන් පවතින බැව් හෙලිදරව් විය.

Download

72 views

15 Comments to “බදියුදීන්ගේ UTV නාලිකාවට මාසිකව ලක්‍ෂ 15 බැගින් දීලා.. සතොස බිලියන 15ක් පාඩු ලබලා.. කෝප් කමිටුවේ මාට්ටුයි..”

  1. රජින්ද says:

    බදියුදීන් වැනි අන්තවාදීන් සමග කිසිම හේතුවක් නිසාවත් උන්ගේ සහාය නොගන්නා බවට ගෝඨාභය ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කල යුතුයි. වගේම මහින්ද වැනි කපටි දේශපාලුවන්ගේ දේශපාලන ඩීල් වලින් නැවත කිසිදු අන්තවාදී මුස්ලිම් ඇමතියෙක් හෝ මන්ත්‍රීයෙක් පොහොට්ටුවට වද්දා නොගන්නා බවටත් ජනතාවට පොරොන්දු යුතුයි. ගෝඨාභය මහින්දගේ පස්සේ නොවැටී ස්වාධීන විය යුතුයි. ගෝඨාභයගේ මාර්ගය තවම අපට පැහැදිළිව පෙනෙන්නේ නැහැ. ඔහුගේ ස්ථාවරය තවම අපි දන්නෙත් නැහැ. ඉදිරිය බලාගෙන ඉමු, ගෝඨා යන්නෙත් මහින්ද ගිය පරණ පාරේනම් සොරිම තමයි.!

Main News