බදියුදීන්ට ඇමතිකමෙන් අස්වැන්නැයි හරීන් කියයි.. හය දෙනාම අස්වන බව බචියුදින් කියයි.. එජාප මන්ත‍්‍රී හමුව ගාලගෝට්ටියක් වෙයි..

May 25, 2019 at 12:02 am | lanka C news
බදියුදීන්ට ඇමතිකමෙන් අස්වැන්නැයි හරීන් කියයි.. හය දෙනාම අස්වන බව බචියුදින් කියයි..  එජාප මන්ත‍්‍රී හමුව ගාලගෝට්ටියක් වෙයි..

ඇමති රිෂාඩ් බදුර්දීන්ට මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව එනතුරු බදුර්දීන් මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ එම තේරීම් කාරක සභාවේ දී ඇති බදුර්දීන් නිවැරදි යයි ඔප්පු වුවහොත් ඔහුට යළිත් ඇමති ධූරය භාර ගත හැකි බවයි.

ඇමැතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කිරීමත් සමග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුව එකම ගාලගෝට්ටියක් වූ බව වාර්තා වේ.

රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා ආණ්ඩුවෙන් ඇමති ධුරයෙන් ඉවත් විය යුතු නැති බවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් එහිදී අදහස් පළ කර ඇත.

ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා සඳහන් කර ඇත්තේ තමනට බලෙන් ආණ්ඩුවක සිටීමේ වුවමනාවක් නැති බවත් තමන්ට යන්න කියන්නේ නම් තම මන්ත්‍රීවරුන් හය දෙනා ද සමග ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවත් ය.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වී තත්වය පාලනය කර ඇත.

80 views

16 Comments to “බදියුදීන්ට ඇමතිකමෙන් අස්වැන්නැයි හරීන් කියයි.. හය දෙනාම අස්වන බව බචියුදින් කියයි.. එජාප මන්ත‍්‍රී හමුව ගාලගෝට්ටියක් වෙයි..”

  1. Gemunu says:

    මේ තත්ත්වය නැති කරන්න නම් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා ජාතික වැඩපිළිවෙලක් සමග රජයක් පත්කර ගත යුතුයි.

  2. Sadda says:

    පලයන් යකෝ ඔක්කොමත් අරගෙන යන අරාබියක පව් නොදී . වාග් විලාශයට සමාවෙන්න.

  3. gamarala says:

    රනිල්ගේ පන නාලය මේ වහාබි 6 දෙනා

  4. Sun says:

    No one in the parties are honest and trustworthy in the game of politics. They are all playing a tricky game of gambling. They cant remember the voters or the country. They just talk few words and do another job. They think having new clothes and new cars are the standard of the country. Where is money for poor people, that is go round and steal for living.Whoever come will be the same unless some one come with determination to serve the country. Otherwise, my friends I don’t see a clear light in near future.