බදියුදීන්ට තවත් බරපතල චෝදනාවක්.. අක්කර 1000ක් සමග ලුණු ලේවාය පුද්ගලික අංශයට.. 20%ක් බදියුදීන්ටයි..

May 17, 2019 at 2:10 pm | lanka C news
බදියුදීන්ට තවත් බරපතල චෝදනාවක්.. අක්කර 1000ක් සමග ලුණු ලේවාය පුද්ගලික අංශයට.. 20%ක් බදියුදීන්ටයි..

වාණිජ සහ කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ මැදිහත් වීමෙන් එලිෆන්ට්පාස්ට් ලුණු ලේ්වාය පෞද්ගලික අංශයට පැවරීම සඳහා සූදානම් වෙමින් ඇති බව ජාතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අක්කර 1000කටත් වඩා වපසරියකින් යුතු මෙම ලේවාය සංවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ටෙන්ඩර් මණ්ඩලය විසින් දැනටමත් ‘කෝ ලංකා’ (Ko lanka) නම් ආයතනයක් බදු ගැනුම්කරු වශයෙන් තීරණය කර ඇති බවයි.

මෙම ආයතනය කොරියානු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන බවත් මෙහි ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනුයේ සිරිකොත එජාප මූලස්ථානයේ සේවය කරන තිලක් කාරියවසම් සහ නාමල් පෙරේරා යන අය බවත් ලිපියේ දැක්වේ.

පැවරුම අවසාන අවස්ථාවේදී එහි 20% ක කොටස් ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පැවරීමට ‘කෝ ලංකා’ ආයතනය එකඟ වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

විපක්ෂ නායකවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත පිටපත් සහිතව යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි.

22 views

13 Comments to “බදියුදීන්ට තවත් බරපතල චෝදනාවක්.. අක්කර 1000ක් සමග ලුණු ලේවාය පුද්ගලික අංශයට.. 20%ක් බදියුදීන්ටයි..”

  1. Hesh says:

    කවදා හරි මුලු රටම නටවන්නෙ මේ මිනිහා. අපිත් ජාතිවාදී නොවන එහෙත් දේශප්‍රේමී වෙළද සන්ගමයක් පිහිටුවාගන්න කාලය හරි.

    • Udrich says:

      mona sangam dammath vadak naha, maha ballo hondama minitries tika mutama thamai denne.

  2. Citizen says:

    No action will be taken by politicians. File a case in court of law and obtain a stay order until the truth is revealed.

  3. sathya says:

    Aaaaa………. Badu coming out……………….

  4. සුවදහාමී says:

    තාමත් මුඋව අත්තඩන්ගුවට ගන්න කොන්ද පන තියන එකෙක් නෙහෙනේ අම්මප ලංකාවේ.

    • අංකූරා says:

      ඇයි ඔය ඕනෑ තරම් ඉන්නෙ කොන්ද පණ තියෙන උන් ඌව කරේ තියං යන්න !!.

    • සකල බුජං says:

      අත හිත සිරිකොතෙන් දෙනකොට කාටද කියන්නෙ,

    • Rata Kana Ballo says:

      There is no one in hour tri-forces who has drunk milk from a patriot mother like “Vihara Maha Devi”
      Sadly, this applies to me as well.

  5. podi gamaya says:

    Powerful Ishak No one take action against him because of his votes

  6. UD says:

    ලියුමේ කොපියක් රනිලට යවලා නෑ.
    ඒකෙන්ම පැහැදිලියි අපේ අගමැටි ගැන ජනතාවගේ විශ්වාසය….

  7. Sun says:

    Man misusing ministerial authority for personal business.Where is law and order of the country.There is an imbalance. Anything wrong with the legal system or the ministerial power is above the legal system. This may the only country misusing the power like this.

  8. jay says:

    Aanduve hathikare moota bayai.unta me mokuth penne ne.apita ethin kage pihitakda?hamuda palanayakata yannata kalaya hari.

  9. බදුරුදීන්ට විරුද්ද දෝශාභියෝගෙට විරුද්දව චන්දෙ දෙන උන් ගැන උබල බලා ගනිල්ලා උන් සියල්ල දේශද්‍රෝහීන්

Main News