බදියුදීන්ට බේරුමක් නෑ.. ජාවාරම් ලිපිගොනු තොගයක් තිඹිරිගස්යායේ මිතුරාගේ නිවසෙන් සොයාගනී..

February 14, 2020 at 2:10 pm | lanka C news
බදියුදීන්ට බේරුමක් නෑ.. ජාවාරම් ලිපිගොනු තොගයක් තිඹිරිගස්යායේ මිතුරාගේ නිවසෙන් සොයාගනී..

තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව මෙතෙක් සොයාගත නොහැකිව තිබූ මෙම ලිපිගොනු හමුවී ඇත්තේ හිටපු ඇමැති බදියුද්දීන්ගේ සොහොයුරාගේ හිතවතකුගේ නිවසිනි. එම හිතවතා බදියුද්දීන් ඇමැතිවරයාගේ සොහොයුරා සමග ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නෙක් බව පැවසේ.

කිලෝවොට් විස්සේ ජෙනරේටර් ගෙන්වන බවට මිල ගණන් පෙන්වා කිලෝවොට් දහයෙ ජෙනරේටර් ගෙන්වීමෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි මත මෙම විමර්ශන අරඹා තිබිණි.

එම විමර්ශනයට අදාළ කිසිදු ලියකියවිල්ලක් සොයාගත නොහැකි ලෙස අතුරුදන් කර තිබී ඇත. එම හේතුවෙන් රහස් පොලිසිය විමර්ශන අඛණ්ඩව පවත්වාගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබිණි.

කෙසේ වෙතත් තිඹිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවස වටලා සොයාගත් ලිපිගොනු අතර මෙම ලිපිගොනුත් හමුවී තිබේ.

​මොහොමඩ් ඉම්රාන් නමැති අය හිටපු ඇමැති රිෂාඩ් බදියුද්දීන්ගේ සොයුරකු වන බදියුදීන් මොහොමඩ් යන අය සමග දෙහිවල, ටී.පී.ඩී. සිල්වා ඇවනිව්හි ක්‍රසන්ට් බටන් මැනුෆැක්චරිස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙසද කටයුතු කර ඇත.

මොහොමඩ් ඉම්රාන්ගේ නිවසින් සොයාගත් ලිපිලේඛන අතර ඉඩම් ඔප්පු 120ක් පමණ ද හමුවී තිබිණි.

– aruna

30,145 Viewers

13 Comments to “බදියුදීන්ට බේරුමක් නෑ.. ජාවාරම් ලිපිගොනු තොගයක් තිඹිරිගස්යායේ මිතුරාගේ නිවසෙන් සොයාගනී..”

  1. ලෙබ්බේ says:

    මු නම් ගොන්ජගේ එක්කුසේ උපන් අයිය වගේ පෙන්නේ මට විතරද ? වෙනසකට තියෙන්නේ ගොන්ජගේ කොන තිබුනට මුගේ කොන නැහැ, ගොන්ජ හඩ පටි හංගනවා වගේ මු ඔප්පු සමග හොර කාපු ලිපිගොනු හංගල,

    • Dubba says:

      ඔප්පු ඉතින් හඬ පටි වගේ නෙවෙයි ලෙබ්බේ. මකලා දැම්මොත් ඉඩමේ අයිතිය පෙන්වන්න බැරි වෙනවනේ. ඒ හින්දා හොර ඔප්පු නිසා හංගලා හරි තියා ගන්නවා මිසක්.

    • Susil says:

      I have a dream that this Rishard and Rajitha with Ravi going to jail!

  2. Saibal says:

    This bugger is curse to the nations and should be sent to jail to rot for eternity….he truely screwed up the country

  3. kavirathna says:

    chande lanwena nisa apita podi athal ekak denawa wagei

  4. Sunil Dahanayake says:

    If the Yahapalanaya government has continued, there will not be Sri Lanka.

    If these things are correct, the responsible minister should be given capital (death) penalty.

  5. kawinda says:

    ane me naanaata mokuth kiyanda epa. oyaalatath endarawaasiyak ewala rupiyal biliyana 100 ka illai.

  6. Niru says:

    All talk no action

  7. Shanika says:

    මෑද පෙරදිග පෙරදිග දුක් මහන්සි වෙලා වැඩකරන අපි බිලියන ගණන් විදේශ විනිමය ලංකාවට යවනවා. අපේ තියෙන ප්‍රශ්න ගැන පෙනී සිටියේ කතාකරේ රන්ජන් විතරයි. පවුද්ගලික ජීවිතය අපිට අදාළ නැහැ. එහෙම බැලුවොත් ඉතින් කෙහෙළියලා ජෝන් බාස් ගැන කොහම කියන්න පුලුවන්ද? හොරුන්ට රන්ජන් තර්ජනයක්. ඒ නිසා හිර කෙරුවා.

Main News