බදියුදීන්ට විරුද්ද පැමිණිලිකරුවන්ට දඬුවම්..?

June 18, 2019 at 3:50 pm | lanka C news
බදියුදීන්ට විරුද්ද පැමිණිලිකරුවන්ට දඬුවම්..?

හිටපු අමත්‍ය රිෂාඩ් බදියුඩීන් මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ලේ වැඩිදුර විභාගය සඳහා මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණීමෙන් අනතුරුව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කලේය.

ආණ්ඩුව රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එරෙහිව තිබෙන චෝදනා පොලිසියට ගොනු කරන්න කිව්වම අපි සාක්ෂි 80ක් සහිත චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කළා.

එතනදී රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය අක්කර 3000 ට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමින් අත්පත් කරගන්නට යොදාගත්ත ඔප්පු 68ක පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කළා. ඔන්න අපි මුලින්ම මේ ලේඛන හොයන්න සතියක් විතර දුක් වින්දා.

ඊට පස්සේ අපි පොලිසියට පැමිණිලි කළාම නැවත පොලිසියේ පොතක ලියාගෙන පැය තුනක විතර අපෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. දැන් අපිට නැවත වතාවක් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ඇවිල්ල ඒ පැමිණිල්ල ගැන ප්‍රකාශයක් ලබා දෙන්න කියනවා.

එතකොට එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට තුන් පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපිට සාධාරණ සැකයක් ඇතිවෙලා තියෙනවා

මේ ආණ්ඩුව දඬුවම් කරන්නේ විත්තිකාරයන්ටද නැත්නම් පැමිණිලිකාරයන්ටද මොකද පැමිණිලිකාර අපිට මෙච්චර වද විදින්න වුණාට රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නම් තාම යහතින් ඉන්නවා ඔහුගේ එක රෝම කූපයකට වත් හානියත් මෙතෙක් සිද්ධ වෙලා නෑ.

– අරවින්ද අතුකෝරල

39,899 Viewers

14 Comments to “බදියුදීන්ට විරුද්ද පැමිණිලිකරුවන්ට දඬුවම්..?”

  1. Nandasoma says:

    යහපාලන නීතිය නැවෙන අන්දම……!

    විපක්ෂයේ අයට වසර ගණනාවකට පෙර සිදුකළ පහරදීමකට රිමාන්ඩ් ගත කරනු ලබන අතර, ආණ්ඩුවේ අයට කොපමණ පැමිණිලි, සාක්ෂි ඉදිරිපත් කළද, නඩුවක් තබා පරීක්ෂණයක්වත් පැවැත්වෙන්නේ නැත…!!

    නීතිය ක්‍රියාත්මක කරන්නන්ට මෙය නොවැටහේද???

    • sam says:

      ඇයි නන්ඳසෝමට මතක නැද්ද මහරජා නීතිය නැමුව විදිය?? කුඩුකාරයන් බදාගෙන ඉඹපු විදිය? එක හොරකමක් ගැනවත් අඩු ගානෙ පරීකශනයක්වත් තිබ්බද? අග්‍ර විනිශ්චකාරතුමිය ගෙදර යැව්ව මතකද? කෝප් වාර්තා 20ක් කුණු කූඩෙට දැම්ම මතකද?? නන්ඳසෝම, මුන් දෙගොල්ලොම එකයි. මුන්ට කඩේ යන අපේ ගොන් හැත්ත හින්ඳ නැති වෙන්නෙ අපිට අපේ රට..

      • මව්බිම says:

        දෙගොල්ලොම එකයි කියන උබ හන්සයට කතිරය ගහපු එකෙක් නෙද

        උදය සාක්ෂි සමගයි පැමිණිලි කරල තියෙන්නෙ. වහාම රිෂාඩ් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු.

      • උඹට ජනතාවගේ මතය වෙනස්කරනවට ජෙප්පොයි ඇමෙරිකන් එම්බසියෙනුයි කීයක් ගෙවනවද.

  2. Jagath Silva says:

    Hathwalame wechcha deyak

  3. sathya says:

    Finally, Rishad will be called as a Clean man

  4. Habeeb Jamaldeen says:

    Boru chodana ella karamin manussayekge charitha gaathakayanta haa ehi maha molakru vigra vimaletath dhanduwam labiya yuthuy

    • එක්නැලිගොඩ says:

      සාක්ෂි සහිතව ම පැමිණි ලිං කලාම ඒවා බොරු චෝදනා වෙන්නේ කොහොමද සූකරයො

  5. Janaka says:

    Same way as the shameless robber Sakwithi was relased by the local authorities !
    The Supreme Money !!

  6. sathya says:

    සාක්ෂි 80ක් සහිත චෝදනා 16ක් පොලිසියට ඉදිරිපත් කළා
    රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය අක්කර 3000 ට වැඩි ඉඩම් ප්‍රමාණයක් මන්නාරමින් අත්පත් කරගන්නට යොදාගත්ත ඔප්පු 68ක පිටපත් පවා අපි පොලිසියට ඉදිරිපත් කළා.
    – එකම පැමිණිල්ල කරන්න ඇවිල්ලා අපිට තුන් පාරක් දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා
    – රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නම් තාම යහතින් ඉන්නවා ඔහුගේ එක රෝම කූපයකට වත් හානියත් මෙතෙක් සිද්ධ වෙලා නෑ.

  7. Buddhist says:

    Company shares horage kathawa, hamadama mu kraanne oya wada thamai. Eke eke chodana usaviyata deela uge naduwa kal daganna hadanawa me hora.

  8. gamarala says:

    ඒ කියන්නේ විසාල පිරිසක් මුගෙන් සන්තෝසම් ලබා ගෙන තිබෙනවාද?

  9. Nawodhi says:

    This is a Sri Lanka. See Piliyandala police station as example. Its corruptive officers’ main income crimes. See garages, even court closed garages operate in this police area with full blessing of this police station. This garages is the main reason for cancer and leukemia.

  10. Mangala says:

    Neethiya anthayatama pirihuna ratak.Mu hamotama Jarawa bedala.

Main News