බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ඒකාබද්දයේ කචල්.. SM බෑ කියයි..
May 16, 2019 at 9:20 am | lanka C news
වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ට විරුද්දව ගෙන එන විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් ඒකාබද්ද විපක්ෂයේ මතබේදකාරී තත්වයක් ඇතිව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ තමන් එම විශ්වාස භංග යෝජනාවට විරුද්ද බවයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරව අනෙක් බෙහෝ මන්ත්‍රීවරුන් මේ සදහා අත්සන් කර තිබියදී මන්ත්‍රී චන්ද්‍රසේන ඊට විරුද්ද වී ඇත.
බදියුදීන් ඇමතිවරයාට විරුද්දව විශ්වාස භංගයක් ගෙන එන්නේ නම් එය ගෙන ආ යුත්තේ සැලසුමක් ඇතිව බවත් එසේ නොමැතිව ගෙන ඒමෙන් වන්නේ බදියුදීන් තවත් උසස් වීම බවත් මන්ත්‍රීවරයා කියයි.
මෙම යෝජනාව අද දිනයේ කතානායකවරයාට බාර දීමට නියමිත අතර ඊයේ දිනය වන විට ඒ සදහා අත්සන් 60ක් පමණ එක්ව තිබින.