බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ඒකාබද්දයේ කචල්.. SM බෑ කියයි..

May 16, 2019 at 9:20 am | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ඒකාබද්දයේ කචල්..  SM බෑ කියයි..

වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමති රිෂාඩ් බදියුදීන්ට විරුද්දව ගෙන එන විශ්වාස භංග යෝජනාව සම්බන්දයෙන් ඒකාබද්ද විපක්‍ෂයේ මතබේදකාරී තත්වයක් ඇතිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ තමන් එම විශ්වාස භංග යෝජනාවට විරුද්ද බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරව අනෙක් බෙහෝ මන්ත‍්‍රීවරුන් මේ සදහා අත්සන් කර තිබියදී මන්ත‍්‍රී චන්ද‍්‍රසේන ඊට විරුද්ද වී ඇත.

බදියුදීන් ඇමතිවරයාට විරුද්දව විශ්වාස භංගයක් ගෙන එන්නේ නම් එය ගෙන ආ යුත්තේ සැලසුමක් ඇතිව බවත් එසේ නොමැතිව ගෙන ඒමෙන් වන්නේ බදියුදීන් තවත් උසස් වීම බවත් මන්ත‍්‍රීවරයා කියයි.

මෙම යෝජනාව අද දිනයේ කතානායකවරයාට බාර දීමට නියමිත අතර ඊයේ දිනය වන විට ඒ සදහා අත්සන් 60ක් පමණ එක්ව තිබින.

232 views

43 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට ඒකාබද්දයේ කචල්.. SM බෑ කියයි..”

  1. Gayantha says:

    ඔහු කියන එක හරිනේ. 113ක් චන්දේ දෙනවා කියලා ශුවර් නැතුව ඕක ගෙනත් පැරදුනොත් අර අන්තවාදීයා ශක්තිමත් කරා වගේ වැඩක් වෙන්නේ. මේ වෙලවේ මොලෙන් වැඩ කරන්න ඔන

    • sara says:

      absolutly correct.Badudeen is given a chance to clear up his name by doing this type of stupid things

  2. කැලණියෙ දමියා says:

    ඇත්තකුත් තියනවා. බදියුදීන් මේකෙන් දින්නොත් එයාගෙ බලය තවත් වැඩි වෙනවා. මේවා හොඳට සැලසුම් කරලා ගේන්න ඕන.

  3. UNP GAL IBBA says:

    සිංහලයාගේ තිබෙන නිවටකම සහ බලතස්නාව නිසාත් සුලුජාතින් ගේ පිහිට පතා සැමවිටදීම දේෂපාලන හිඟාකැමේ නිරතව ඇත?
    මේ රටාව වෙනස් කල හැක්කේ සිංහලයාගේ චංඳපදනම මතය ??

  4. sudelmi says:

    පුලුවන්නම් රනිල්ට , සිරිපාලට දෙවෙනුව විශ්වාසභංග ගේමු

  5. රානි says:

    සියලුම දේශපාලකයන් සුළු පක්ෂ වලින් කුඩු අනුභව කරන ලදී අවසානයේ මොන ආණ්ඩුවේ වුනත් ඔය මිනිසුන් බලගතු ඇමතිවරු වෙනවා ජනතාව හැමදාම රවටනවා
    මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ගොටභය රාජපක්ෂ සජිත් ප්‍රේමදාස කොයි කවුරුත් මේ සිස්ටම් එක වෙනස් නොකළහොත් රටම බංකොලොත් වෙලා යනවා

  6. Sun says:

    Dear friends, I don’t trust any of these politicians. They do not have any black and white principle. They just say something without taking any responsibilities. That is the reason. Even the people have a trend of following the politicians’ principle o double tounge principle.

  7. Sun says:

    Dear friends, I don’t trust any of these politicians. They do not have any black and white principle. They just say something without taking any responsibilities. That is the reason. Even the people have a trend of following the politicians’ principle o double tongue principle.

  8. Sun says:

    Our top leaders have one principle they know- Double tongue principle.

  9. DUMINDA GUNARATHNA says:

    35 veniyata s m chandrasena atsan karala meka boruwak

  10. Nidan Hora says:

    If this guy has tried to influence the army Commander to release captives who were related to Easter Sunday bombing, President should remove this guy should from his capacity for abusing powers.

Main News