බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට මහින්ද අත්සන් නොකල හේතුව මෙන්න..

May 19, 2019 at 1:20 pm | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට මහින්ද අත්සන් නොකල හේතුව මෙන්න..

වෙසක් උත්සවය නිමිති කරගෙන පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ ප්‍රදානත්වයෙන් වෙසක් පහන් කූඩු බෙදා දීමේ වැඩසටහනක් පක්ෂයේ තරුණ අංශය වන විජයබා පරපුර විසින් සංවිධානය කර තිබුණි.

වැඩ සටහණින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණ සදහා මන්ත්‍රිවරයා මෙසේ අදහස් දැක්වීය.

ත්‍රස්තවාදීන්ට වෙසක් උත්සවය අපෙන් උදුරා ගැනීමට ඉඩ දෙන්නට බැරි නිසා අද දින පිවිතුරු හෙළ උරුමයේ තරුණ අංශය විජයබා පරපුර වෙසක් කූඩු දන්සැලක් පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානය ඉදිරියේ සංවිධානය කළා.

ලෝකය පුරාම සාමය සතුට සමඟින් පින් සිතුවිලි බෙදන වෙසක් සමයේ අපේ ආදරණීය තරුණ තරුණියන්ගෙන් අප ඉල්ලීමක් කරණවා. ඔබේ ආවේගයත් වේදනාවත් අපට තේරෙනවා. හැබැයි එය ඔබ අවට සිටින අහිංසක මුස්ලිම් ජනතාව වෙත පතිත කර ආණ්ඩුවේත් ඇමෙරිකානු බලවේග වලත් අරමුණ ඉටු කරන්න එපා. මන්ද ඔවුන්ගේ අද අරමුණ වෙලා තියෙන්නේ රට ගිනි ගොඩක් ලේ විලක් බවට පත් කරන්න. එහි අවසාන ප්‍රථිපලය විදියට මැතිවරණ කල් දමන්නට, විදේශීය හමුදාවන් ගොඩබස්සවා ගැනීමට, අපේ රටේ මර් මස්ථාන විදේශිකයන් සතු කරන්නට. එනිසා මේ මොහොතේ කවුරුන් හෝ හැඟීම් බරව කටයුතු කරනවා නම් ඔවුන් සේවය කරන්නේ මවුබිමට එරෙහිවයි. ඔවුන් අතින් අපේ මවුබිමට සහරාන් එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයටත් වඩා වැඩි ප්‍රහාරයක් මේ මොහොතේ එල්ල කිරීමක් සිදුවෙනවා කියලා තේරුම් අරගෙන අපේ ආදරණීය තරුණ තරුණියන්ට ඉතාමත් ඉවසීමෙන් මේ වෙසක් සමයේ කටයුතු කරන්නයි අපි ඉල්ලා සිටිනවා.

ඒ වගේම අද හැමෝම අහන දෙයක් තමයි විශ්වාසභංග යෝජනාවට ඇයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කළේ නැත්තෙ කියලා. මීට පෙර ගෙනාපු විශ්වාස භංග යෝජනා වලදීත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් කළේ නැහැ. රවී කරුණානායක අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අත්සන තිබුණේ නැහැ.

එතුමා අපේ නායකයා. ඒ වගේම මේ රටේ විපක්ෂ නායකයා. ඒ නිසා එතුමාගේ අත්සන තැබිය යුත්තේ එතුමාගේ තනතුරට ගැලපෙන විශ්වාසභංග යෝජනාවක දී පමණයි. ජනාධිපතිවරයෙකුට එරෙහිව ගෙන එනු ලබන දෝශාභියෝගයක දී අගමැතිවරයකුට එරෙහි විශ්වාසභංග දී පමණයි අප මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අත්සන විශ්වාසභංග යෝජනාවට එකතු කරන්නේ. එතුමා අනිවාර්යෙන්ම විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳිලා එයට පක්ෂව ඡන්දය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

– අරවින්ද අතුකෝරල

52,987 Viewers

11 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාස භංගයට මහින්ද අත්සන් නොකල හේතුව මෙන්න..”

  1. බතලහිලපල්ලා says:

    සමහරු ගොඩ එන්නෙම නෑ කියල දන්න වාහනේ ට රෙඹ දාල තල්ලුව දෙනවා, තව සමහරු වාහනේ ගොඩ එනවාමයි කියල දැනගත්තහමත් තල්ලුව දෙනවා. වාහනේ ගොඩ ගන්නවද නැද්ද තීරණය කොරන්නේ කුඹුරේදී නෙවේ ගෙදරදී. කට්ටියට තේරුනාද මන්දා!

    • ranil says:

      අන්ඩර දෙමල අපට නොතේරේ. ජෙප්පෙක් වෙන්නැති

    • එක්නැලිගොඩ says:

      හොද හිත ඕනනම් මහින්ද මහත්තයා මේ කට ජන්දෙ දෙයිද. රිෂාඩ් බෙරන්න ඒකාබද්ධ විපක්ෂ උත්සහ දරන්නේ නෑ.

    • dudley says:

      MR and Co who gave the birth to Rizard. So how can they sign NCM against him.

  2. Sunil Aththanayake says:

    Oww ithin Hama ekagema honda hot ha Dina ganna ehema karala boruwata minissunwa rawattanawa…!!!Mama hithanne naha ayema minissu munta rawateyi kiyala…!!!

    • එක්නැලිගොඩ says:

      හොද හිත ඕනනම් මහින්ද මහත්තයා මේ කට ජන්දෙ දෙයිද. රිෂාඩ් බෙහෙවින් ඒකාබද්ධ විපක්ෂ උත්සහ දරන්නේ නෑ.

  3. ranil says:

    අන්ඩර දෙමල අපට නොතේරේ. ජෙප්පෙක් වෙන්නැති

  4. Nuwan says:

    Edhaata meyaa parlimenthuwe nehe…

  5. අනේ මන්ද says:

    ඉච්ඡාභංගත්වය ට පත් හැට දෙලක්ෂයක් දෙනා ගෙ අැස් අැරවීම හරිම අමාරුයි.

  6. SHIRLEY says:

    balayata enna thibena kadara kama

  7. Parakum says:

    Muslim parties has become the KING MAKERS, and they negotiate PLUM ministries for their support.

Main News