බදියුදීන්ට විරුද්ද විශ්වාංශ භංගයට TNA සහාය දෙයි..

May 20, 2019 at 1:20 pm | lanka C news
බදියුදීන්ට විරුද්ද විශ්වාංශ භංගයට TNA සහාය දෙයි..

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් බහුතරයක් ප‍්‍රකාශ කර ඇත.

පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ත‍්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදානාවන් මත දෙමළ ජාතික සන්ධානය මීට සහාය දැක්විය යුතු බව බහුතරයකගේ අදහස වී ඇතැයි එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 14 න් 8 දෙනකු පමණ මෙම තීරණයේ පසුවන බවත්, ඔවුන්ගේ අදහස් හා යෝජනාවන් සන්ධානයේ නායකත්වය වෙත යොමු කර ඇති බවත් වාර්තා වේ.

එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රාදේශීය දේශපාලන ධාරාවෙන් ද විශ්වාසභංගයට සහාය විය යුතු බවට බලපෑම් එල්ල වෙමින් පවතී.

කෙසේ නමුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ සාකච්ඡුා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය මේ සතියේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවීමට සූදානමින් සිටින බවත්, එකී සාකච්ඡුාවේ දී දෙමළ ජාතික සන්ධානය අවසන් තීරණය ගනු ඇති බවත් එම ප‍්‍රකාශකයා අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

– divaina

44 views

7 Comments to “බදියුදීන්ට විරුද්ද විශ්වාංශ භංගයට TNA සහාය දෙයි..”

  1. FARIDA says:

    TNA වහබි අන්තවාදයට බයේද ? හික් ..හික්…යාපනේ පදිංචි වී සිටි මුස්ලිම් ජාතිකයන්ව පිරපාකරන් මැරූ පලිය ගනියි කියලා බයේද ?කොල්ලා කෑ මුස්ලිම් ජාප්තිකයන්ගේ දේපල නැවත ලබා දීමට ඇති අකමැත්තටද ?

  2. Kalana says:

    Api tamil ekka ekata yamu, Sumanthiran lage rata bedana kathaawa ayin karagamu.

  3. Love nature says:

    TNA බදියුදින්ට විරුද්ධව ජිනීවා යන්නේ නැද්ද ?

  4. Hesh says:

    TNA එකේ ඇති ප්‍රජාත්‍රන්තවාදයක් නෑ. ඔක්කොම පාලනය කරන්නෙ රදල සුමන්තිරන්. ඒක නිසා අන්තිමට TNA චන්දෙ නොදී ඉදියි.

  5. sathya says:

    TNA එකේ ඇති ප්‍රජාත්‍රන්තවාදයක් නෑ. TNA වහබි අන්තවාදයට බයේද ?

  6. LION says:

    උතුරේ වහාබි බංකර් වලට TNA බයවෙලා

  7. ඔව් ඒ විදිහට බය කොල්ල ගත්තනම් ආණ්ඩුවත් පෙරලා ගැත්තකි. හික්ස්<<

Main News