බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.. පොදු දේපල අවභාවිත චෝදනා.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙපයි..

October 13, 2020 at 2:10 pm | lanka C news
බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.. පොදු දේපල අවභාවිත චෝදනා.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙපයි..

හිටපු ඇමතිවරයකු වන රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ රාජ්‍ය මුදල් අවභාවිතාව චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගන්නැයි දැනුම් දී ඇත.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ යොදාගෙන ඡන්ද දායකයන් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් වන විමර්ශණයකට අදාලව මෙම නියෝගය කර ඇත.

අධිකරණයක් මගින් වරෙන්තු ලබා ගනිමින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නැයි දන්වා ඇතැයි නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

පසුව පොලිසිය විසින් අධිකරණයෙන් ඉල්ලූ වරෙන්තුව ප‍්‍රතික්‍ෂෙප කර ඇත. නමුත් එල්ල වී ඇති චෝදනා වලට ඔහු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි යයිද අධිකරණය සදහන් කලේය.

69,572 views

15 Comments to “බදියුදීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ.. පොදු දේපල අවභාවිත චෝදනා.. අධිකරණයෙන් ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. Mtmmanvar says:

    20 ta chandaya ganna karana Amana asikkita kriyawaliyak meka. Nindita kriyawak.

  2. අධෝකරනය. says:

    පව් අනේ මේක සිගිති චෝදනාවක්නේ. ලොකු ඒවා කෝ අනේ. අතට පහරක් ගහලා ගෙදර එවයි ආයි ඕවා කරනවා එහෙම නෙමේ කියලා.

Main News