බදියුදීන් අත්අඩංගුවට..?

February 11, 2020 at 10:40 am | lanka C news
බදියුදීන් අත්අඩංගුවට..?

පසුගිය යහපාලන රජය සමයේ සිදු කර ඇති බව කියන මහා පරිමාණ වංචා, අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු බරපතළ මූල්‍ය අක‍්‍රමිකතා රැුසක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඞී.) භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා පසුගිය රජය සමයේ සිදු කර ඇති බව කියන මූල්‍ය අක‍්‍රමිකතා, වංචා ¥ෂණ, අයථා ඉඩම් ගනුදෙනු රැුසකට අදාළ ලිපි ගොනු විශාල ප‍්‍රමාණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

මෙම ලිපි ගොනුවලට අදාළ තොරතුරු ලබා ගත් වහාම මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බව ද පොලිස් මූලස්ථානය පවසයි.

රිෂාඞ් බදුර්දීන් මහතා පසුගිය රජය සමයේ වාණිජ හා පාරිභෝගික කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී සතොස හරහා සිදුකළ රුපියල් කෝටි ප‍්‍රකෝටි ගණනින් වූ මුදල් වංචා රැසක් පිළිබඳ තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

සතොසට සහල් මිලදී ගැනීමේදී සහ ජෙනරේටර් විශාල ප‍්‍රමාණයක් මිලට ගැනීමේදී සිදුවී ඇති බව කියන මහා පරිමාණ වංචා රැුසකට අදාළ ලිපි ලේඛන 67 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රිෂාඞ් බදුර්දීන් මහතාට අයත් කොළඹ පිහිටි නිවසේ සඟවා තිබියදී සොයා ගෙන තිබිණි.

ඊට අමතරව මෙම නිවසේ තිබී රටේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ඉඩම් රාශියකට අයත් ඔප්පු තොගයක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත. මෙම ඉඩම් වැඩි ප‍්‍රමාණයක් වෙනත් පුද්ගලයන්ගේ නම් පාවිච්චි කරමින් ඉතාම අඩු මිල ගණන්වලට මිලදී ගෙන ඇත්තේ තම දේශපාලන බලය පාවිච්චි කරමින් බවත් මේ වනවිට අනාවරණය වී තිබේ.

– divaina

64,951 Viewers

15 Comments to “බදියුදීන් අත්අඩංගුවට..?”

  1. Ela Kolla says:

    Nai Divaina kiyanavanum kamak neee.

  2. Jeewanee Kariyawasam , chilaw says:

    methuma hoda kenek , muslim ape janathawata asadaranayak siduwana

  3. Amal says:

    ,මහින්දගේ කාලේ ඉඳල මු ඇමති ..ඔය ඔක්කොම එලියට එන කොට මු අයෙත් ගෝටගේ ආණ්ඩුවේ ඇමති වෙලා ඉඳියි ..අපරාදේ ඕව හොයන්න යන කාලය .

  4. Stupid says:

    When when when when ..

  5. kawinda says:

    mewa maadya magin prachaaraya weema Rishard namethi kaalakanniyaata ratin pena yaamata payasuwak noweida..?

  6. MD says:

    Janapatitumani Bohoma hodai.hariyata karunu oppu karanna puluwan widiyata bandanatha karanna.Rate salli depala ehema horakan karanna denna epa.ewa nawatha aya karaganna eka tamai wenna ona.

  7. Kalana says:

    For 2 days

  8. Gini says:

    Book the bed in IC unit until the dail out. Nothing will happen to this guy or any other. No system change same 70 year old story. 🐃🐃🍼🍼

  9. සිංහලයා. says:

    අවුරුදු ගානකට ඉස්සෙලා ෂොපින් බැග් එක්ක ඇදුම් ටික දාගෙන අනාථයෙක් වගේ මන්නාරමට අපු ඒකා අද ප්‍රකෝටි පතියෙක් උනේ කොහොමද කියල හොයන එක විතරයි තියෙන්නේ, මුදල් ලැබුනේ කොහෙන්ද ? ඕකට අවුරුදු ගානක් පරීක්ෂණ කරන්න දෙයක් නැහැ ,

    • බිල්ල says:

      මුගෙන් ටියුෂන් අරගන මුළු රටම ප්‍රකෝටිපතියන් කලොත් ගොඩම තමයි.

  10. Janaka says:

    A very good news! Lets hope it will be a reality very soon.

  11. sunimal says:

    මහා බැංකු වෙන් සොරකම් කරපු මුදල් සහා බදුර්දීන් සොරකම් කල මුදල් නැවත ලබා ගැනීමෙන් රටේ සියලුම නය ප්‍රශ්න විසදාගන්න හැකිවෙනවා

  12. kavirathna says:

    nai divaino- naya diga wediyo

Main News