බදියුදීන් අස් නොවුනොත් කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට..

May 26, 2019 at 9:20 am | lanka C news
බදියුදීන් අස් නොවුනොත් කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට..

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළ නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩු පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරකම් වලට එකඟ විය නොහැකි බවත් ඊට එරෙහිව ක්‍රියාකරන ලෙසත් කතෝලික ආගමික නායකයන් විසින් කතෝලික දේශපාලනඥයන් හමුවේ කියා තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසු මතෛක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය අනුව තම ප්‍රදේශවල ජනතාවට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයිද ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් කතෝලික මැති ඇමැතිවරු තම දේශපාලන ප්‍රධානීන්ට දන්වා තිබේ.

කතෝලික ආගමික නායකයන් විසින් අදාළ දේශපාලන නායකයන්ට පාස්කු ප්‍රහාරය හෙළා දකින ලෙස සහ එම ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව ක්‍රියාකරන සමහර ක්‍රියා කලාපයන් වලට එරෙහිව පියවර ගන්නා ලෙස සිදුකරන දැනුම්දීම නිසා අදාළ දේශපාලනඥයන් මෙම තීරණය ගැනීම සඳහා බෙහෙවින් බලපා තිබේ.

ආණ්ඩුවේ සිටින ඇතැම් කතෝලික දේශපාලනඥයන්ට පාස්කු ප්‍රහාරයෙන් පසු මේ වනතෙක් ආණ්ඩුව ක්‍රියාකර ඇති ආකාරය නිසා තම ගම්මානවල ජනතාව මුණගැසීමට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්්ට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව ආණ්ඩුව තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීරණය කළ අතර එම තේරීම් කාරක සභාවට පත් කෙරුණු කතෝලික බැතිමතෙකු වන කාවින්ද ජයවර්ධන එම තේරීම් කාරක සභාවෙන් මේ වන විට ඉල්ලා අස්වී ඇත.

මේ අතර රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාද රිෂාඩ් බදියුදීන්්ට එරෙහිව පියවරක් ගන්නා ලෙස ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ලකර සිටී. ඔහුද කතෝලිකයෙකි. තවද පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිද පාස්කු ප්‍රහාරය පිළිබඳව රජයේ ඇතැම් ක්‍රියාකලාපයන් හෙළා දැක ඇත. ඔහුද කතෝලික බැතිමතෙකි.

මේ ආකාරයට ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් හමුවේ තවදුරටත් ආණ්ඩුව සමග සිටීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ආණ්ඩුවේ සිටින කතෝලික ඇමැතිවරයෙකු පවසයි.

පානුක රාජපක්ෂ
– lakbima

25 views

29 Comments to “බදියුදීන් අස් නොවුනොත් කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතට..”

  1. Nariya says:

    badaudeenta viruddawa chandayadeela rajayata viruddawa ena vishwaasa bangayatath pakshawa chandaya deela aanduwa praddala nawatha muslimwarun nomathiwa mahaa chandayakata U N P eken idiripath wenna katholika manthreewarunge kaleena awashyathawaya viya yutthe eyai

  2. චන්ද්‍ර says:

    මෙය ආගම්වාදී ප්‍රශ්නයක් නොවන සේ වගබලා ගත යුතුයි! මෙය ජාතික ප්‍රශ්නයකි. පාස්කු ඉරිදා ඇතිවූ මෙලෙච්ච ප්‍රහාරය කලින් දැණ සිටි කතෝලික ඇමතිවරුන්ද එයට වගකිව යුතු නැද්ද?

  3. Ratawasiya says:

    එරාන් වික්‍රමරත්න ඇමතිවරයාත් කිනුනුවෙක්.නමුත් මියගිය තමන්ගේම සහෝදර ජනතාව ගැන කිසිම ශාේක ප්‍රකාශයක්වත් කලේ නැහැ නේද..ඒ මිනිහත් මිනිහත් මේ අ ආන්ඩුව රකින නාමික කිතුනුවෙක්.

  4. Rev Buddhi says:

    Looks like we are going to have another division.. Unless the leaders act with transparency and consensus they will push the Christian MP3 to work as a separate group creating another division thus weakening the nation.. sectarian polytics is very dangerous
    Theruwan pihitayi

  5. Rr says:

    අපෙ අන්ඩුවෙ උන් friend ship එකට ඌව අරක්ශා කරනව.ඌ friend ship එකෙ ඉදන් සින්හල මිනිස්සුන්ට අරින්ඩ උදව් කරනව.😧

  6. Nim says:

    ” KADENAL THUMANI OBA
    THUMA ADAHIYA UTHU
    CHARETHA YAKI ”
    RAJAYE SETINA KATHOLIKA BATHE
    MATHUN TA ASPADEE MATA DESANA
    KARANU MANA.
    WESWASA BANGAYA TA WADI CHANDA LABEEWA.

  7. Kumari says:

    මහින්ද රාජපක්ෂ මහතා එක් පැත්තකින් සිය ගෝලයින් යොදවා විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කරන අතර අනිත් පැත්තෙන් රෑට රෑට රිෂාඩ් බදූර්දීන් මහතාට දුරකථන ඇමතුම් දෙමින් ප්‍රශ්නය විසඳා දීම සඳහා විපක්ෂයට එක්වන්නැයි යෝජනා කරන බව නියෝජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
    මෙය රෑ දනියෙල් – දවල් මිගෙල් පන්නයේ වැඩක් !

  8. sama says:

    I`m not ready to believe this !! Until it really happens…..Just think about people like Ranjan??

    • Jaya Basnayake says:

      Wonderful Idea, How can you rate and believe a current politician over another old? Use your wisdom and think independently at least when you vote next time!

  9. Nim says:

    AJITH MANNAPERUMA GE
    MOLAYA
    EXPIRE WELA
    RA NIL GE WAGE

Main News