බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති..

May 14, 2019 at 12:02 am | lanka C news
බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති..

වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව සිටගෙන, රිෂාඞ් – සාලි – හිස්බුල්ලා වැනි මෙරට වහාබ්වාදී අන්තවාදයේ පියවරු තමන් ගොඩනගන පාලනයකට වද්දා නොගන්නා බව ඍජු ලෙස ජාතිය හමුවේ පවසන ලෙස විපක්‍ෂ දේශපාලන කඳවුරේ සෙසු නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘අප හිතුවා මේ මොහොතේ අප පක්‍ෂ දෙකේ මතය ඒකාබද්ධව ඉදිරිපත් කිරීම වැදගත් කියා. අපේ අදහස පිළිගෙන කටයුතු කළ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට පළමුව අපේ කෘතවේදීත්වය පළකර සිටිනවා. අද මේ රට තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක තැනක. ජීවිත 300ක් අහිමි වෙලා, මියගිය දරුවන් දෙස බලාගෙන අම්මාලා හඩනකොට, මියගිය පියවරු ලෙස බලාගෙන දරුවන් දුක් වන කොට ‘අපි ආරක්ෂිතයි’ කියා සතුටු විය හැකි නම් ඊට වඩා මිත්‍යාවක් තවත් නැහැ. රටේ ජනාධිපති කියනවා, ‘ත‍්‍රස්තයින් ඉන්නේ 150යි. එයිනුත් 80%ක් දැන් අල්ලලා ඉවරයි’ කියලා. රටේ හැමතැනම කඩු අහුවෙනවා. ඒවා පෙන්වීම වාරණය කරනවා. වහාබ්වාදී අන්තවාදයට යට වුණු මුස්ලිම් දේවස්ථානවලින් පවා කඩු හසුවෙනවා. මේ කඩු කවර මොහොතක හෝ අපේ ගෙල මතට පතිත විය හැකියි. සාමකාමීව ජීවත් වීමට කැමති සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කිතුණු, ඉස්ලාම් ජනතාවගේ ගෙල මතට කවර මොහොතක හෝ මේවා පතිත විය හැකියි. ඒ පතිත වන දිනය පමණයි අපට නොතේරෙන්නේ.

‘සාමයට ලැදි මිනිසුන් තකතීරුවන් ද?’

ඇතැම් මුස්ලිම් දේශපාලනඥයන් මේ රටේ ජන විඥානයට අපහාස කරනවා. ඔවුන් හිතනවා ‘මේ රටේ සාමයට ලැදි මිනිසුන් තකතීරුවන්’ කියා. ‘තණකොළ කපන්න, උක්්ගස් කපන්න මේ කඩු ගෙනාවා’ කියා පවසන්නේ ඒකයි. මෙවැනි දේ කරන්න එපාෟ කඩු ගැන කටමැත දොඩවන මේ මුස්ලිම් දේශපාලකයෝ කරන කතාවලින් සාමයට ලැදි ජනතාවට ඇති වන වේදනව, මරාගෙන මැරෙන ප‍්‍රහාරවලින් දැනුණු වේදනාවට වඩා වැඩියි.

මේ ආණ්ඩුව මේ රට අද බිංදුවට ඇද වට්ටලා ඉවරයි. සති තුනක් ගියත් මේ වහාබ් ත‍්‍රස්තවාදය මැඩලීමට තවමත් ඒකාබද්ධ අණ දෙන මූලස්ථානයක් නැහැ. දැන් බලන්න, මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදියකුට අයත්ව තිබූ තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ ත‍්‍රස්ත ක‍්‍රියාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස ඇප මත නිදහස් වුණා. ඔවුන් උසාවියට ඉදිරිපත් කර තිබුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නොවෙයි. එය තීරණය කර තිබුණේ දෙමටගොඩ පොලීසිය. පසුගියදා එක් ගරු කටයුතු පොලිස් ස්ථානාධිපතිවරයකු ත‍්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ තැනැත්තකු බේරාගැනීමට අල්ලස් දීමට තැත් කළ අයකු නීතියේ රැුහැනට අසුකර දුන්නා. නමුත් අපි දන්නේ නැහැ, මේ ආකාරයට සැකකරුවන් බේරා ගැනීමට ගන්නා උත්සාහයන්වලට පොලිස් නිලධාරීන් මේ ආකාරයටම ප‍්‍රතිචාර දක්වනවාද, කියා. හමුදාවෙන් හෝ කවර පොලීසියකින් හෝ ත‍්‍රස්ත කටයුතුවලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඔහු සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව ඇත්තේ ඉහත කී ඒකාබද්ධ අණ දෙන මූලස්ථානයේ උපදෙස් මත, නිසි ආකාරයේ මාධ්‍යගත වීමක් සහිතවයි.

‘වින්දිතයා, ජනපතිට අමතක වෙලා’

දැන් බලන්න, ජනාධිපතිවරයා කියනවා, ‘අපි ඉක්මනින් මුස්ලිම් ජනතාවගේ සිත්තැවුල්වලට පිළියම් යොදන්නම්’ කියා. සිත්තැවුල් තිබෙන්නේ මුස්ලිම් ජනතාවට විතර ද? මේ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වින්දිතයා කවුද? සිංහල හා දෙමළ කිතුණු ජනතාවයි. ඔවුන්ගේ සිත්තැවුල්වලට පිළියම් යෙදීමට නොවෙයිද, ප‍්‍රමුඛතාව දිය යුත්තේ ? නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථානයකදී සිදු වූ සමූල ඝාතනයෙන් පසු එරට අගමැතිනිය පර්දාව පැළඳගෙන ආවේ වින්දිතයන් වෙනුවෙන්. ඇය එතැනදී ඉස්ලාම් බැතිමතුන්ගේ වේදනාව බෙදාගැනීමට තමන් ද සූදානම් බවයි පෙන්වූයේ. නමුත් මේ රටේ නායකයෝ වින්දිතයාට සමච්චල් කරමින් චූදිතයාව සනසනවා. සහරාන්ගේ බිරිය විසූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ නිවස පවා බැලීමට ජනාධිපතිවරයා යාමෙන් ජනතාවට දැනුණේ එය නොවේ ද?

‘ජාතියේ ගෙල මතට එල්ල වන කඩු පහර’

අඩුම තරමින් තවමත් රිෂාඞ් බදුර්දීන්ගෙන් ප‍්‍රකාශයක්වත් අරගෙන තිබෙනවා ද? නමුත් වහාබ්වාදී අන්තවාදයේ පියවරුන් හැටියට සැලකෙන රිෂාඞ් බදුර්දීන්ගේ සහ මුජිබර් රහුමාන්ගේ ඉල්ලීම අනුව ‘කඩු පෙන්වන එක නතර කරනු’ කියන නියෝගය නම් ජනාධිපතිවරයාගෙන් ආවා. ඡුන්ද කුට්ටියක් දිහා බලාගෙන ජාතියේ ගෙල මතට පතිත වන කඩු පහර වළක්්වන්න බැහැ. ඡුන්ද කුට්ටියක් දෙස බලාගෙන කරන මේ ප්‍රෝඩාවෙන් සිදු වන්නේ ජාතියේ ගෙල මතට කඩු පහර එල්ල වන එක ළං වෙන එකයි. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් පිළිගන්නවා,‘මේක සිංහල බෞද්ධ රටක්. අප ජීවත්විය යුත්තේ ඒහා බැඳුණු මහා සංස්කෘතිය අනුවයි’ කියා. නමුත් මේ ආණ්ඩුවේ මුදල් ඇමති කියනවා, ‘මේක සිංහල බෞද්ධ රටක් නොවෙයි,’’කියා. මේ වගේ ඇමතිවරු සිටින ආණ්ඩුවකට මේ වහාබ්වාදී ත‍්‍රස්තවාදය මැඩලීමට තියා එය කරන්නේ කෙසේද, කියා හිතා ගන්නවත් බැහැ.

‘සෙල්ලම් නතර කරනු…

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා, ‘විදේශීය යුද විශේෂඥයන්ගේ සහයෝගය ලබාගෙන අපි මේ ප‍්‍රශ්නය විසඳනවා’ කියලා. ඔහුට උවමනා මේ ගැටුම තවදුරටත් අවුලූවා විදේශීය යුද විශේෂඥයන් මේ රට තුළට ගෙන්වා ගන්න. හලාවත සිදුවීම පිටුපස එක්සත් ජාතික පක්‍ෂයේ ශාන්ත නැමති මන්ත‍්‍රීවරයකු සිටිනවා. කුලියාපිටිය සිදුවීම පිටුපස අකිල විරාජ් කාරියවසම් නැද්ද කියා සොයා බලන්න. මේ අයට උවමනා ජාතියේ ගෙල මතට කඩු පහර වදින දිනය ළං කරලා, මේ රට තුළට හැකි ඉක්මනින් ඇමෙරිකන් හමුදාවලට බින්න බහින්න ඉඩ හදලා දෙන්න. ‘කරුණාකර මේ සෙල්ලම නතර කරන්න කියා’ අපි ශ‍්‍රී ලාංකික ජාතියේ නාමයෙන් ඉල්ලා සිටිනවා.

‘වහාබ්වාදී අන්තවාදය වතුකරයටත්…

දැන් බලන්න, වතුකරයේ දෙමළ හින්දු දරුවන් හා මුස්ලිම් දරුවන් ඉගෙනුම ලබන දෙමළ මාධ්‍ය පාසල් 04ක දරුවන් වහාබ් අන්තවාදයට යොමු කර ඇති අන්දම. මේ බව ලංකා කම්කරු කොංග‍්‍රසයේ සෙන්දීල් මන්ත‍්‍රීවරයා අනාවරණය කර තිබෙනවා. දෙමළ දරුවන් අරාබි භාෂාවෙන් කතා කරන කොට, අයි.එස්.අයි.එස්. විඩියෝ හුවමාරු කර ගන්නා විට මේ පිළිබඳව තමන් සොයා බැලූ බවයි ඔහු කියන්නේ. ඒ අනුව ඉහත කී දෙමළ මාධ්‍ය පාසල් 04හි විදුහල්පතිවරුන් සිව්දෙනාට සන්තෝෂම් දී ඒ පාසල්වල ඉරිදා, සෙනසුරාදා දිනවල අරාබි භාෂාව හා කුරානය උගන්වනවා කියා මේ සිසු දරුවන් වහාබ් අන්තවාදයට නතු කිරීමයි කර තිබුණේ. පැරණි මුස්ලිම් පල්ලිවල තිබූ ඉස්ලාම් ධර්මය උගන්වන දහම් පාසල් (මද්‍රසා පාසල්* අන්තවාදියකු බිහි නොකරන බව අපි පිළිගන්නවා. නමුත් වහාබ්වාදයට තතු වූ මුස්ලිම් පල්ලිවල තිබෙන මද්‍රසා පාසල්, අරාබි පාසල් වහාබ් ත‍්‍රස්තවාදයට මග කියන ඒවා. වහාබ් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙන, ශරියා විශ්වවිද්‍යාලය, මද්‍රසා පාසල්, ආරාබි පාසල් තහනම් කළ යුතුයි. වහාබ්වාදී ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයක සිට සිදු කළ යුතුයි. සියලූ සෙල්ලම් නවතා සැබෑ ලෙස මේ වහාබ්වාදී ත‍්‍රස්තවාදය පරදවන තැනට රටම ගෙන ආ යුතුයි. එහෙම නොකළහොත් මුළුමහත් ජාතියම මේ ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව පාරට බැසිය යුතුයි.

ඒ වගේම අපි නියෝජනය කරන විපක්‍ෂයේ කඳවුරටත් කිව යුතු දෙයක් තිබෙනවා. ‘රිෂාඞ් බදුර්දීන් ඇතුළු වහාබ්වාදී අන්තවාදීන්ගේ ඡුන්ද කුට්ටියට කෙළ පෙරන්න එපා. ඒ වහාබ්වාදී අන්තවාදීන්් තමන්ගේ පාලනයකට වද්දාගන්නේ නැහැ, කියන ඍජු තීරණය ගන්න’ කියා අපි අපේ කඳවුරෙනුත් ඉල්ලා සිටිනවා. එහෙම ඍජු තීරණයක් නොගන්නවානම් එහෙම විපක්‍ෂයක ඉන්න අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපේ කඳවුරේ නායකයනට අපි යළිත් කියනවා, ‘මේ වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ඍජුව හිටගන්න’ කියා. ‘වහාබ්වාදී අන්තවාදයේ පියවරුන් වන රිෂාඞ් බදුර්දීන්ලා, අසාත් සාලිලා හෝ හිස්බුල්ලලා අපි ගොඩනගන පාලනයකට ඍජුව වද්දා ගන්නේ නැහැ’ කියන ඍජු මතය අපි විපක්‍ෂයක් ලෙස ජාතිය හමුවේ තැබිය යුතුයි. එහෙම නැතිව ජනතාව සමග හැංගිමුත්තන් සෙල්ලම් කරන්න ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයටත් සදාචාරාත්මක අයිතියක් නැහැ. අපේ අනාගත පරපුරේ ගෙල මතට කඩු පහර වදින එක නතර කරන්න ඕනේ. ඒකට හොරගල් අහුලමින් ඉඳලා හරි යන්නේ නැහැ. දේශපාලන තක්කඩිකම් කරමින් ඉඳලා බැහැ. ඒ නිසා අපි ‘මේ මහා පොළොව ඉල්ලා සිටින නායකත්වය ලබා දෙන්න. එහෙම නැතිව මේ ප‍්‍රශ්නය සම`ග සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා’ කියන අනතුරු හැ`ගවීම ආණ්ඩුවට මෙන්ම විපක්‍ෂයටත් කරනවා.’’

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

62,944 Viewers

35 Comments to “බදියුදීන්, අසාද් සාලි, හිස්බුල්ලා ගත්තොත් අප හැර යනවා.. විමල්-ගම්මන්පිල එක්ව මහින්දට තීරණාත්මක අනතුරු ඇගවීමක් කරති..”

  1. Perera says:

    Hee… hee. ….blla. . Blla. ..

    • හැකහැක says:

      රාජක්ෂලාගේ කසලසෝධකයයි කේවට්ට බමුණයි අනාත වෙලා.
      උඹලා දෙන්නා වෙනම බය වෙන්න එපා..උඹලා 225ටම මිනිස්සු එකටයි දඩුවම දෙන්නේ.

      • හැක හැක හැක says:

        චන්දයක් තියන්න ප්ලීස්!!!

      • බයිල මෝ says:

        අන්න උඹේ ගෑණිටත් 225ක් විතර දෙනවා, ගෙදර ගිහින් බලපන්!

  2. බබා says:

    අපි තොත්ත බබාල නෙවේ.මුස්ලිම් එවුන් ගන් නෑ කියල කියන්නෙ.

    • කොබා says:

      බෝම්බ ගහපු එකාගේ මස්සිනා තාමත් ඇමතිකමේ තියන් ඉන්න ලොන්ත පෝල් මාමට කියාපිය තෝ ඒක

  3. Saman says:

    දැන් ජෙප්පො කියයි මුස්ලිම් වරුනුත් මිනිස්සු.
    ඒ නිසා අපි ඊබ්‍රහිම්ලව ඊලඟ සැරෙත් ජාතික ලැයිස්තුවට දානවයි කියල.

  4. The Observer says:

    Taking them into Pohottuwa side is disastrous. Even if they promise to support, they always vote for the UNP!

  5. Manel says:

    This is the time for Mahinda to give this pledge. Show your leadership and declare that you will legally do everything against these terrorists.

  6. විස්කි මැඩම් says:

    ආණ්ඩුවේ මැරයින් ඇදිරිනීතිය පවතින වේලාවන්හිදී කණ්ඩායම් වශයෙන් විවිධ ප්‍රදේශ වලට ගොස් එම ප්‍රදේශ වල මුස්ලිම් නිවෙස් සහ කඩ වලට පහර දී ජාතිවාදී ගින්නක් ඇවිලීමට උත්සාහ කරන බවට ආරංචි වෙනවා.

    • මකරා says:

      ඇමරිකන් හමුදාව මෙහාට ගොඩ බස්සන්න මේ සිදුවුණ කලබල මදි. ඒ නිසා තව කලබල ඇතිකරන්නයි බටලන්දේ මාරයාට ඕන කරන්නේ. ඒකා තමන්ගේ සක්කිලි පක්කලින් මේකට යොදවයි. අප එයට කිසිසේත් උඩගෙඩි නොදිය යුතුයි.
      ඇමරිකාවට රට විකුනන්න -ත්‍රිකුණාමල වරාය සිට කොළඹ වරාය දක්වා අක්කර ලක්ෂ 12ක්( special economic corridor) ඇමරිකාවට විකුනන්න වික්කමසින්හයා ගහපු ප්ලෑන් එකේ තව කොටසක් තමයි මේ රඟ දැක්වෙන්නේ .

  7. charles says:

    Yes. MR should promise the people that he will not take those ISIS supporters.

  8. Ariyathilaka says:

    මේ අදහස් දැක්වීම පිළිබඳව විමල් වීරවංශ මහතා වෙත සාමකාමි නීති ගරුක ජනතාවගේ කෘතඥතාවය හිමි විය යුතුය. එක් කරුණක් පිළිබඳ සංශෝධනය විය යුතුය. වහාබ්වාදී කියන වචනය මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට යෙදීම යුතු නොවේ. මේ වචනය දැන් බොහෝ දෙනා ආදේශ කරත්. වහාබ්වාදී ත්‍රස්තවාදය කියා එකක් නැහැ. මේ අදහස් මේ විදියට පළ කරන්නේ, ලෝකවාසී සියලු ස්ලාම් ආගමිකයන්ගේ එකම ශුද්ධ ග්‍රන්ථය ලෙස සලකන අල්-කුර්ආනය පිළිබඳ අවබෝධය නොමැති බැවිනි. මේ හේතුවෙන් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවායේ මූල ධර්මයේ සැබෑ ස්වරූපය සැගවී යන බව ද කිව යුතුය. පරිච්ඡේද 114 කින් සහ වගන්ති 6666 කින් පරිමිත අල්-කුර්ආනයේ, බොහෝ වගන්ති වලින්, ස්ලාම් නොවන අන්‍ය වූ සියලු ජනතාව කපා දමන ලෙස(බෙල්ල ලගින් හිස වෙන් වෙන ලෙස ද), මරා දමන ලෙස, එල්ලා මරා දමන ලෙස, අත් පා වෙන් කරන ලෙස, සිරකර තබන ලෙස, රටින් පිටුවහල් කරන ලෙස, ස්ලාම් දහම ව්‍යාප්තිය පිණිස ස්ලාම් නොවන ජනතාව සමග යුද්ධ කරන ලෙස, යුද්ධයට යන ලෙස, යුද්ධයෙන් මැරුනොත් නොමැරුණ අයෙකු පරිදි සලකන ලෙස, ස්ලාම් ආගමිකයන්ගේ එකම දෙවි වන අල්ලාහ් දෙවි වෙත භූමිය අයිති වන ලෙස හෙවත් ස්ලාමීය රාජ්‍ය පාලනයකට ස්ථීර වන තුරු යුද්ධ කරන ලෙස, ඒ සදහා උපායමාර්ග ගන්නා ලෙස හා එයට විරුද්ධ වූවන් ඝාතනය කරන ලෙස, එකම දෙවි වන අල්ලාහ්ගේ වචනය ස්ථීර වනතෙක් ස්ලාම් වූ සියලු දෙනා ක්‍රියා කළ යුතු බව කියා ඇත. මෙයට පටහැනිව ක්‍රියා කිරීම අල්-කුර්ආනය තහනම් කර ඇති අතර යුද්ධ කිරීම අනීවාර්‍ය් කර ඇත. කුමන හේතුවක් නිසා හෝ අල්-කුර්ආනයේ, කුර්ආන් පාඨ වලට වෙනස් ආකාර පිළිපැදීමකට ස්ලාම් භක්තිකයනට අල්-කුර්ආනය ඉඩ තබා නැත. එසේ නම් “වහාබ්වාදී” යන වචනය යෙදීම යුක්ති ද? නැත! මේ මුස්ලිම් අන්තවාදයේ මූලය, ව්‍යාප්තිය හා පැවැත්ම අල්-කුර්ආනය මත පිහිටා ඇත. මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් නමැති ස්ලාම් බැතිමතාගේ පසු කාලීන ක්‍රියා පිළිවෙතක් හේතුවෙන් “වහාබ්වාදය”යන වදන ලොව භාවිතයට ආ බව කිව යුතුය. මෙම වදන මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයට යෙදීමෙන් අල්-කුර්ආනයේ සැබෑ ස්වරූපය වැසී යාමත් එය සමස්ථ මුස්ලිම් අන්තවාදීන්ට රුකුලක් බවත් කිව යුතුය.

  9. Ohio says:

    දැන්වත් ඇහැරිච්ච එක හොඳා. මොකද ඔබ දෙපලම ඇමතිකම් දරපු මහින්ද ආණ්ඩුව තමයි ශරියා විශ්වවිද්‍යාලය වගේම ශරියා ඉස්කෝල 1100ටත් අවසර දුන්නෙ. ඒ වගේම විල්පත්තුව කපන්න අවසර දුන්නෙත්.

    • Kaduwela Silwa says:

      මඩකලපුවේ ආරම්භ කලේ වෘතිය පුහුනු ආයතනයක් එම අනුමැතියේ විශ්ව විද්‍යාලයක් යන්න කොහේවත් සදහන් නොවේ. එහෙත් පසුගිය වසර 4 තුල එය විශ්ව විද්‍යාලයක් ලෙස ඉදිකර ඇත. ආරම්භක අරමුන පසුව වෙනස් කිරිම පිලිබදව එය ආරම්භ කරිමට අනුමැතිය දුන් රජයට වග කිම ගන්න බෑ අද පවතින වෘතිය පුහුනු අමාත්‍යාංශය එයට වගකිව යුතුයි.

    • යකා says:

      උන්ට ඇමති කම් දීලා ඔලුව උඩ තියා ගෙන අගමැතිකම රැකගත්තේ ඒකද ?ගෝටාභය ආරක්ෂක ලේකම් කාලයේ මුස්ලිම් අන්තවාදය ගැනම සොයන්න විශේෂයෙන් පුහුණු කර තිබු මේජර් සලේ රට යවා එම ඒකකයේ කටයුතු අඩපණ කලේ ඒකද ? මහින්දගේ කක්කුස්සි පෝච්චි වල අත දදා රත්තරන් හෙව්ව තොපේ ලොක්කෝ රටේ ආරක්ෂාව බල්ලට දැම්මා. එකේ විපාකයි අද අසරණ මිනිසුන්ට විඳින්න වෙලා තියෙන්නේ.

  10. not only these pigs,why another frogs like rajitha,rathana,patalee,harak fonynimal siripala,susil prem,dilan,appachhchi malo……..all other traitors.last warning for mahinda,please select a new group of people not old currupted monkeys,i suggest sarath weerasekara ,nalaka godahewa,chaanna jayasumana…..etc.other wise we reject mahinda too.

  11. simion says:

    Excellent decision and warning….

  12. Aurora says:

    Where is Mr. Dinesh Gunawardhana one of patriotic leader.

  13. sanidu sooriarachchi says:

    Grate. Good decision.

  14. Audit Superintendent says:

    This joint statement by two party leaders is a very commendable initiative.

    UNITY IS THE STRENGTH!

  15. Open mind says:

    ඉල්ලීම් 12ක ඉතිහාසය කාට හරි මතකද ?

    • RAW Agent says:

      Eekata pitu paala mahinda ta wuna de kaata hari mathakada

    • A sage says:

      As the Muslim politicians demands very unreasonable , unjust demands at the expense of the rights of the majority race to give their support , the people in our motherland would definitely vote to form a government without their support to the party which has a very likelihood (trend ) of winning at the forthcoming elections. The people have learnt a lesson from recent incidents. Politicians , Donot be so power greedy to ruin our civilization and culture , seeking 6-8 per cent votes.

  16. 8 පාස් බුරුවා says:

    මුන් දෙන්න ගිය කියල සත 5 ක පාඩුවක් නැ.

    • දේවක says:

      උඹේ මොලේ තරමට අටවත් පාස්වුනා පුදුමයි!

      • නිළමේ says:

        8 පාස් බත්කන තවත් එක හරකෙක් බ්‍රෝ.

        • කිරිහොඳා says:

          මටනම් පේන්නෙ ඌ 8 පාස් තියා වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩවෙලා නෑ, මචං!

      • Deshapremi says:

        Ata pass ekata thiyenna mole wath umbalata naha!

  17. sathya says:

    වහාබ්වාදී අන්තවාදයේ පියවරු
    රිෂාඞ් – සාලි – හිස්බුල්ලා

  18. Nana says:

    Yes. This is the way. Do whatever in peaceful democratic manner. Muslims should denounce extremism if they want to live together with others. Refusing to open face showing they are not.

  19. Nuwan says:

    එච්චරද? මෙච්චර කල් මේවා ගෙනාවේ අනිත් අය. හකීම් නැද්ද? ෆවුසි ල, කබීර් හෂීම්, ඔය ඔක්කොම එකයි. මුන් එකෙක්වත් ගන්න බැහැ. ඔකේ මුල මෙහෙයවන්නේ වෙන ටීම් එකක්.

  20. Amarabandu Rupasinghe says:

    ara pivithuru hela urumaye gammanpilai madumadawai arunama thawa kawda inne.

Main News