බදියුදීන් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගනී.. විශ්වාස භංගය දැම්මොත් ආණ්ඩුවෙන් ඉවත් වී පෙරලා දමනවා.. එජාපයට තර්ජනය කරයි.. බිය වූ එජාපය යොදුන් ගණන් පසුබහී..

May 21, 2019 at 10:08 pm | lanka C news
බදියුදීන් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගනී.. විශ්වාස භංගය දැම්මොත් ආණ්ඩුවෙන් ඉවත් වී පෙරලා දමනවා.. එජාපයට තර්ජනය කරයි.. බිය වූ එජාපය යොදුන් ගණන් පසුබහී..

තමන්ට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යැයි වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා එජාපයට බලපෑම් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් කියා සිටියේ තමන් ඉවත් ගිය පසු ආණ්ඩුව කරගෙන යාමට බහුතරය කෙසේදැයි ඇමැතිවරයා ප්‍රශ්න කර ඇති බවයි.

ඇමතිවරයාගේ ප්‍රකාශය මුජිබර් රහමාන් මන්ත්‍රීවරයාද අනුමත කර ඇති බව වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය මත රිෂාද් බදුර්දීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීම කල් දමා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන බවට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ඉදිරි සතියේදී මෙම විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබා නොදුනහොත් ජනතාව සමග එක්ව පාර්ලිමේන්තු වටලන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

29 views

13 Comments to “බදියුදීන් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගනී.. විශ්වාස භංගය දැම්මොත් ආණ්ඩුවෙන් ඉවත් වී පෙරලා දමනවා.. එජාපයට තර්ජනය කරයි.. බිය වූ එජාපය යොදුන් ගණන් පසුබහී..”

  1. Razor says:

    Why Sinhalese are divided while all the other races are united and vote to their racist party? Either we have to abide by race or demolish all the other racial parties,
    Ealam parties are in abundance, Muslim parties come secondly, Where do the majority goes?
    Eradicate all the racial parties and allow only common parties that everyone could vote without fear.

Main News