බදියුදීන් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගනී.. විශ්වාස භංගය දැම්මොත් ආණ්ඩුවෙන් ඉවත් වී පෙරලා දමනවා.. එජාපයට තර්ජනය කරයි.. බිය වූ එජාපය යොදුන් ගණන් පසුබහී..

May 21, 2019 at 10:08 pm | lanka C news
බදියුදීන් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගනී.. විශ්වාස භංගය දැම්මොත් ආණ්ඩුවෙන් ඉවත් වී පෙරලා දමනවා.. එජාපයට තර්ජනය කරයි.. බිය වූ එජාපය යොදුන් ගණන් පසුබහී..

තමන්ට විරුද්ධව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කළ තමන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ යැයි වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා එජාපයට බලපෑම් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් කියා සිටියේ තමන් ඉවත් ගිය පසු ආණ්ඩුව කරගෙන යාමට බහුතරය කෙසේදැයි ඇමැතිවරයා ප්‍රශ්න කර ඇති බවයි.

ඇමතිවරයාගේ ප්‍රකාශය මුජිබර් රහමාන් මන්ත්‍රීවරයාද අනුමත කර ඇති බව වීරවංශ මහතා සඳහන් කළේය.

මෙම තත්ත්වය මත රිෂාද් බදුර්දීන් මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය විවාදයට ගැනීම කල් දමා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කරන බවට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පක්ෂ නායක රැස්වීමේදී පැවසූ බවද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ වෙතත් ඉදිරි සතියේදී මෙම විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබා නොදුනහොත් ජනතාව සමග එක්ව පාර්ලිමේන්තු වටලන බවද මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

222 views

13 Comments to “බදියුදීන් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගනී.. විශ්වාස භංගය දැම්මොත් ආණ්ඩුවෙන් ඉවත් වී පෙරලා දමනවා.. එජාපයට තර්ජනය කරයි.. බිය වූ එජාපය යොදුන් ගණන් පසුබහී..”

  1. People says:

    Is this Sri Lanka or somewhere else? Very sad and disgusting to see how one or two Muslim radical MPs play with the fate of a great nation.

  2. Asaranaya says:

    Is Rishard the strongest minister in the Govt.??// It seems that Ranil is helpless.

  3. john says:

    So now its clear to the public who supported Islamic Terrorism in Sri Lanka to seed. Its the UNP

  4. Niru says:

    Mussolini was hanged from his legs for betraying the country by his people in Italy. Ranil has betrayed the country twice now in addition to robbing the central bank. What punishment awaits him is the question

  5. Tommy says:

    ඔන්න සිංහල දේශප්‍රෙමින්ට වෙලාව.. අන්තවාදීන්ට යට වෙනවාද එකතු වෙලා රට බේරගන්නවාද කියන එක.
    නමුත් උත්තරය සෝක ජනකය් මිත්‍රවරුනි ….

  6. Open mind says:

    මොහුගේ කූඨ ව්යාපාරවල ඉතිහාසය සම්පූර්ණ ලෙස ඉදිරිපත් කළ හැකි කාටද ? කොටස් වශයෙන් පළවන ටෙලි නාට්‍ය වගෙයි දැන් පෙන්වන්නේ.

  7. මල්දෙනියේ සිමියොන් says:

    මේකෙන් තේරෙනවා රනිල් කොතරම් අසරණ ද කියල. සමස්තයක් වශයෙන් ගත්කල ආන්ඩුව එක එක නොපෙනෙන බලවේග වලට අනුව නැටවෙන බව තහවුරුය්. මේ අනුව අප බැලිය යුත්තේ අනාගත අපේක්ශකයන් ගැන නොව ඔවුන් පිටුපස සිටින්නෙ කවුද යන්නය්.

  8. Anura says:

    Watalankan thamai balan inne

    • A SAGE says:

      What a conscientious , honest political leader should do is ,instead of agreeing to the unjust and unfair demands of the racialist parties , should dissolve the parliament immediately with the help of the opposition.The people would then give full majority to a one party to govern without surrendering those racialist parties unreasonable demands.

  9. sathya says:

    Sinhalese, be united

  10. suresh olagama says:

    Question is how is he going to topple the Gov???? with whom ?? because its the Opposition that has brought the NCM this is the time for the true patriots from bith side of the divide to come together and form a Gov without the help of thees ASHOLES . are you up to the task ????

Main News