බදියුදීන් ඇමති ධුරයෙන් ඉවත් වනු..- ඇමති චම්පික රතු එලිය දල්වයි..

May 30, 2019 at 10:14 pm | lanka C news
බදියුදීන් ඇමති ධුරයෙන් ඉවත් වනු..- ඇමති චම්පික රතු එලිය දල්වයි..

‘සිදු කෙරෙන සියළු පරීක්ෂණවලට සහය වී නිදොස් ද සදොස් ද යන්න ඔප්පු කරන්න. ආරක්ෂක අංශ මගින් සිදු කරන ආරක්ෂක පරීක්ෂණ පාර්ලිමේන්තුවට සිදු කළ නොහැකියි’ ජාතික හෙළ උරු‍මයේ මහලේකම්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ ජාතික හෙළ උරුමය කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එම අවස්ථාවට පක්ෂයේ සම සභාපතිවරුන් වන හැඩිගල්ලේ විමලසාර හිමි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සහ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාද සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා, අද පාර්ලිමේන්තුව ඉදිරියේ විශ්වාසභංග දෙකක් ගෙනවිත් තිබෙනවා. එකක් රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව. අනෙත් එක ජනතා විමුක්ති පෙරමුණ විසින් සමස්ථ රජයටම විරුද්ධව. අපේ ස්ථාවරය මේ රජයට එරෙහිව තිබෙන විශ්වාස භංගය අපි කලින්ම විවාදයට අරගෙන ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ මත විමසීම සිද්ධ කළ යුතුයි කියලා. එය තමයි අපේ මූලික අදහස. ඊ ළඟට රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා සම්බන්ධයෙන් එතුමාගේ මේ ත‍්‍රස්තවාදී කි‍්‍රයාවලියට තිබෙන සම්බන්ධය පිළිබඳව යම් යම් කරුණු ගණනාවක් දක්වලා තිබෙනවා. කරුණු 10 ක්. ඒ විශ්වාසභංගයේ කවුරුත් දන්නවා. ඒවා ඇත්තටම ගතහොත් බොහෝ දුරට අපරාධ වරදවල්. එක පැත්තකින් අත් අඩංගුවට ගත් අය වැලැක්වූවයි කියලා චෝදනාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ත‍්‍රස්තවාදයට අරමුදල් සම්පාදනය හා අනෙකුත් කාරණාවලට එතුමා සහය දුන් බවට චෝදනා එල්ලවෙලා තිබෙනවා.

මේවා මේ පාර්ලිමේන්තුවේ වාද විවාද වලින් විමසන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවා අනිවාර්යයෙන්ම මේ රටේ පොලීසිය, ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශ විසින් විධිමත්ව පරීක්ෂණය කරලා ඒ අනුව ඒ උසාවිවල ක‍්‍රියාකළ යුතු ප‍්‍රශ්න. ඒවා දේශපාලන වශයෙන් හඬ නගන්න පුළුවන් දේවල් නෙමෙයි මොකද අතිශය බරපතල අපරාධ චෝදනා තමයි එතුමාට නගලා තිබෙන්නේ. ඒ අනුව අපි විශ්වාස කරනවා එකම ප‍්‍රශ්නය මෙතන තිබෙන එතුමා ඇමතිධූරයේ සිටින කොට, රජයේ ඉන්න කොට මෙවැනි පරීක්ෂණයක් සාධාරණව කරන්න ඉඩකඩ ලැබෙයිද, ඔහු ඔහුගේ රාජ්‍ය බලය පාවිච්චි කරයිද? ඔහුගේ දේශපාලන බලය සාධාරණ පරීක්‍ෂණයකට එරෙහිව යොදා ගනියිද? කියන චෝදනාව. මෙයට කලිනුත් මේ වගේම ප‍්‍රශ්න පැන නැගුණා. එතුමා තමන්ගේ අමාත්‍යධූරයෙන් ඉවත් වෙලා මේ පරීක්‍ෂණය අපේ පොලීසියට පවරලා එතුමාට එරෙහිව තිබෙන ඒ චෝදනා 10 සම්බන්ධයෙන් කඩිනම් විමර්ෂණයක් කරලා ඒ විමර්ෂණයට අනුව ආණ්ඩුවත්, ඒ වගේම අපේ නීතිය හා සාමය පිළිබඳ අංශත් කි‍්‍රයා කරනවා. ඔහු නිෂ්චිතවම වරදක් කරලා තිබුණයි කියල ඒ විමර්ෂණයේදී පෙනී ගියහොත් ඒ අනුව කි‍්‍රයා කරන්න පුළුවන්. ඔහු වරදක් කරලා නැත්නම් ඒ අනුව කි‍්‍රයා කරන්න පුළුවන්. ඒ නිසා මෙහිදී රටේ විශාල අනාරක්‍ෂිත භාවයකුත් ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම ආවේගශීලි අවස්ථාවනුත් ඇතිවෙලා තිබෙනවා. ගැටුම්කාරී තත්වයන් දිනපතා ඇතිකරන්න ඇතැම් පුද්ගලයින් උත්සාහ කරනවා. ඒ නිසා ඒ තත්වය තුළ අපි හිතනවා සුදුසුම විසඳුම තමයි එය.

ඒ අනුව රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව තිබෙන මේ විශ්වාසභංගය අවස්ථාවේ එහි තිබෙන චෝදනා වෙන කවුරුත් නෙමෙයි රටේ කෙලින්ම නීතිය හා සාමය රකින අංශ විසින් නිසි පරීක්‍ෂණයකට ලක් කරන්න  ඕනේ. ඒ පරීක්ෂණයට පහසුකම් සැපයීම සඳහා එතුමා සිය ධූරයෙන් ඉවත්විය යුතුයි කියන එක තමයි අපේ අදහස. ඒ වගේම එම පරීක්ෂණය අවුරුදු ගණන් ඇදී යන්න පුළුවන් එකක් නෙමෙයි. හැකි ඉතාම කෙටි කලකින් එම පරීක්ෂණය නිම කරලා ඔහු සදොස්ද, නිදොස්ද කියන එහි වාර්තාව රටට, ඒ වගේම පාර්ලිම්න්තුවට ඉදිරිපත් විය යුතුයි. ආරක්‍ෂක අමාත්‍යාංශය ඇතුළුව. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට විරුද්ධව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව, කතානායකතුමා ඇතුළු පක්ෂ නායකයින් සාකච්ඡා කරලා වහාම විවාදයට අරගෙන ඡන්ද විමසීමක් කරලා එම ප‍්‍රශ්නය කෙළවරක් කර ගන්න  ඕනේ කියන එක තමයි අපගේ යෝජනාව. එල්ල වී තිබෙන මේ විශ්වාසභංග දෙක සම්බන්ධයෙන් අපගේ පක්ෂයේ ස්ථාවරය එය යැයි පැවසීය.

ජාතික හෙල උරුමය
මාධ්‍ය අංශය

67 views

23 Comments to “බදියුදීන් ඇමති ධුරයෙන් ඉවත් වනු..- ඇමති චම්පික රතු එලිය දල්වයි..”

  1. Helaya says:

    Ha ha ha … This is drama….

    Please be aware of this basted act… Champika is cunning , ungrateful , revengeful man with having sex maniac…

    He cannot deliver anything other than big talking…. What he did in last 4 years… Nothing…he did all the projects started by previous government. Champika can talk big…But cant deliver…

    Did he build mega cities ?????? Small Cities ???? Town centres ???? NO NO NO Can we know where ????

    Finally he tried to take the pride of PORT CITY only by changing its name…. Shameful politician…

    Do not Dress up by his words… Next Election this kind of traitors should be wiped off…………

  2. Ex helaya says:

    Sex Maniac has opened his stingy mouth……Where are the panama papers Patalee????

    Try to project as swan but you are black ugly crow man………………BOTHAL PLAYER

    Your Bloodless face and Vired act along with people like KARUNARATNA PARANAWITHANA ( Who wearing a full suit even in toilet to cover up his background and cast ) are real culprits and rouges.

    You bloody people can do nothing…… PADA GANDA WITHARAI……You are one of major CANCER to this country…

  3. මදුරප්පෙරුම says:

    ඔන්න… දැන් හදන්නෙ හෙල කරුමේ බලු හැත්ත “සිංහල – මුස්ලිම් කෝලාහලයකට පාර කපලා ”
    අළුත් ව්‍යවසනයක් රටේ ඇති කරන්න. සියළු දෙනාම මේ පර හැත්තගේ තුච්ජ ක්‍රියාවන්ට වැට බඳිමු..
    අවස්ථාවාදී ගෙරියො

  4. මොහොමඩ් සේනාරතන් says:

    බදුර්දිය උන්නත් කමක් නෑ,ආලපාලුව යනවනම්.

  5. thoththa baba says:

    idala hitala hari mehema tok ekak denna wenawa nathnam sinhala chanda nathiweyi kiyala baya athi, mu thamayi mewata waga kiyanna una mewage ewunta thamayi kiyanne batalu hama porawa gath hiwallu kiyala

  6. Sadda says:

    මෙයා හදන්නේ රැවුලයි කැදයි දෙකම ගොඩදාගන්න.

  7. Meeya says:

    Rathu ELIYA GAHA GANIN THOGE PUKE… AWAJATHAKA PADADAYA…..

  8. amanaya says:

    As he is facing REd light, trying to make it Amber at least. Api mada kewa. Not this time.

Main News