බදියුදීන් ඉල්ලා අස්වීම දුන්නත් ජනපති පිලි නොගත් බව එජාපය කියයි..

June 3, 2019 at 2:10 pm | lanka C news
බදියුදීන් ඉල්ලා අස්වීම දුන්නත් ජනපති පිලි නොගත් බව එජාපය කියයි..

‘රිෂාඩ් බදූර්දීන් ඇමතිතුමා පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට එන්න කලින් ඉල්ලා අස්වීම මෛත්‍රීපාල ජනාධිපතිවරයාට දීල ආවේ.හැබැයි ඒක පිළිගත්තේ නැහැ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා.ඒක පිළිගන්නේ නැතැව ඉන්න බදූර්දීන් ඔයා යන්න එපා ඔයාව මම බලාගන්නම් කියල ඒ ප්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අපේ කරපිට පටවල මේ රටේ තියෙන ප්‍රශ්න සියල්ලම අපේ ඇගට පෙරලන්න කටයුතු කරන මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුක  අර අහිංසක ජනතාවගේ මේ රටේ බලය ඩැහැගන්න ඉන්න මහින්ද රාජපක්ෂ කල්ලිය අද කටයුතු කරනවා’ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කීය.

හේෂාන් විතානගේ මන්ත්‍රීවරයාගේ ආරාධනාවකට අනුව ඇඹිලිපිටිය තුංකම තෙරුන්නාන්සේ ගම ප්‍රෙද්ශයේ මාර්ගයක් සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කර සිටින ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

‘දළදා මාලිගාව ඉස්සරහා අපේ හාමුදුරුවෝ උපවාසයක් ඇයි උන් වහන්සේ උපවාස කරන්නේ.උන් වහන්සේ උපවාස කිරීම පිළිබදව ඒ කාරණාව පිළිබදව අපටත් කණගාටුවක් තියෙනවා.අපිටත් දුකක් තියෙනවා.හැබැයි උන් වහන්සේ එතන ඇවිත් උපවාසය පටන්ගන්න ඉස්සර වෙලා මේ රටේ උන් වහන්සේ ඉල්ලන ඉල්ලීම එක්සත් ජාතික පක්ෂයේ අපි විසින් පසුපෙළේ කණ්ඩායම විසින් ඔය කියන ඇමතිවරයට කියන්න ඕන පණිවිඩය අපි දුන්නා.

අපි කණ්ඩායම් රැස්වීමේ අපි නැගිටලා ප්‍රශ්න කරල කියනවා මේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න ගිහින් මේ චෝදනා වලට මූණ දෙන්න මේ අය වැරදි කරුවන් උනොත් අපි අත් දෙකම උස්සනවා.රටේ තියෙන උපරිම නීතිය අපි ක්‍රියාත්මක කරනවා. එහෙම කියන කොට නැගිට්ටා බදූර්දීන් ඇමතිතුමා කියනවා මම අද උදේ අස්වීම දුන්නා රතන හාමුදුරුවෝ භාරගත්තේ නැහැ කියල මේව රතන හාමුදුරුවෝ දන්නේ නැතැව නෙවෙයි.

මම රතන හාමුදුරුවෝ දන්නවා උන් වහන්සේගේ වැඩේ හරි.මේ වැඩේ තුල නිර්මාණය කරන ජවනිකාවෙන් තමුන්නාන්සේලාගේ මනස විනාස කරන්න යන වැඩ පිළිවෙල පිළිබදව අපි කණගාටු වෙනවා.

මේ රටේ අපි ගොඩනගපු ඉහල සිටින සමහර නායකයෝ පෙරලා අපිට ගහනවය කියන කාරණය මතක තබා ගන්න’

– ප්‍රගීත් ජනක

146 views
Main News