බදියුදීන් ගත්තොත් අපි පරාදයි..- ගම්මන්පිල අනතුරු අගවයි..

August 8, 2019 at 1:20 pm | lanka C news
බදියුදීන් ගත්තොත් අපි පරාදයි..- ගම්මන්පිල අනතුරු අගවයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා ගේ සහාය ලැබෙන කෙනා මෙවර පරාජයට පත්වෙනවා. මොකද එතුමත් එක්ක මේ රටේ ජනතාව ඉන්නේ පුදුම වෛරයකින් සහ කළකිරීමකින්. ඒ නිසා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාගේ සහය මෙදා පාර ප්‍රාර්ථනා කරන්නේ පරාජය රසවිඳීමට කැමති අය විතරයි.

එතුමා සහය දුන් අපේක්ෂකයා ඡන්ද තුනකදී ජයග්‍රහණය කළ බව ඇත්තයි. නමුත් අටලෝ දහමින් කියවෙනවානේ සැපක් ලැබුණොත් දුකක් ලැබෙන බව. ජයග්‍රහණයක් ලදහොත් පරාජයක් ලබන්නට සිදුවන බව.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යතුමනි ඔබගේ ජයග්‍රාහී යුගය අවසන්. දැන් උදාවන්නේ ඔබ පරදින යුගයයි. මේ ත්‍ර්සතවාදය පරදින යුගයයි, අන්තවාදය පරදින යුගයයි, පරිසර විනාශකයන් පරදින යුගයයි, කියන එක මම නොවෙයි මේ රටේ ජනතාව නොවැම්බර් මාසයේ ඔප්පු කරලා පෙන්නාවි.

– අරවින්ද අතුකෝරල

45 views

23 Comments to “බදියුදීන් ගත්තොත් අපි පරාදයි..- ගම්මන්පිල අනතුරු අගවයි..”

  1. lakpriya says:

    රිෂාර්ඩ් වත් හකිමා වත් ගත්තොත් අපේ චන්දෙ පොහොටුවට නැතෝ

  2. බන්ඩා says:

    මහින්ද ගේ පරාජයෙන් පසු මැදමූලනට හැමූ මහින්ද සුළඟ ජනතා රැල්ලකට හැරවූයේ 2015 පෙබරවාරි පැවැත්වූ නුගේගොඩ රැලියෙනුය්. නුගේගොඩ රැලිය දිනේෂ් විමල් ගම්මා සහ වාසුගේ වැඩක් මිස මහින්ද ගේ පරාජයෙන් පසු ඇමරිකාවට ගිය බැසිල් ගේ වැඩක් නොවෙය්. ඒ බව දන්නා අද රටේ බහුතරයක් වන ජාතික වාදී ජනතාවට වහබියන් අරැචි සහ අකැප බව බැසිල් දැනගත යුතුය්.

  3. රටට හිතැති says:

    රිෂාඩ් විතරක් නෙමෙයි ඌ එක්ක හිටගත්ත එකෙක් හරි ගත්තොත් මගේ ඡන්දය කටුගානවා . පොහොට්ටුවටත් අබ සරණයි .

  4. Critic says:

    We too,are abstain from voting if this ‘MUTTAYA’ is joined with JO.

  5. Tikiri says:

    බැසිල් මහතා මෙයට පිලිතුරක් දීලා තියෙනවා පාස්කු 21 බෝම්බ සිද්දියට සම්බන්ද කිසිම පක්ෂයක් ගන්නේ නැත. කියා.

  6. Nuwa says:

    Ekenma .Okawa Gaththoth mm denneth nee aniwa

  7. MD says:

    Pasku sapayath enna ida tiyenawa.oya wage ekka wadiwela Roti kanna epa arayath ekka appa kawa wage