බදියුදීන් ගන්නවාද.. සහෝදරයාට නිදහස ඩිල් එකක්ද..- ජනාධිපතිගෙන් නිවේදනයක්..

October 4, 2020 at 3:50 pm | lanka C news
බදියුදීන් ගන්නවාද.. සහෝදරයාට නිදහස ඩිල් එකක්ද..- ජනාධිපතිගෙන් නිවේදනයක්..

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තම නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මාගේ රජයේ පළමු සහ ප්‍රධාන වගකීමයි. එය සාක්ෂාත් කිරීම සඳහා දැනටමත් නිසි පියවර ක්‍රියාත්මක කර ඇත.

මේ භූමිය මත ජනවාර්ගික, ආගමික හෝ වෙනත් කවර ආකාරයකවත් ත්‍රස්තවාදයකට හෝ අන්තාවදයකට ඉඩ නොතබන අතර සෑම පුරවැසියෙකුටම බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීම සඳහා ඇති අයිතිය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බව සහතික වන්නෙමි.

2019 අප්‍රේල් මස 21 වැනි දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරයට හේතු වූයේ ආරක්ෂක කේෂ්ත්‍රයේ සිදු වූ බරපතල කඩාවැටීමත්, ත්‍රස්තවාදයට සහ අන්තවාදයට උඩගෙඩිදෙන දේශපාලන හා සමාජ පසුබිමක් ශ්‍රී ලංකාව තුල ගොඩනැගී තිබීමත්ය. එබැවින් ත්‍රස්තවාදය හෝ අන්තවාදය හෝ පෝෂණය කරනු ලබන සියලුම මාර්ග සහ ක්‍රියාකාරකම් අහුරාලීමට අවශ්‍ය නිශ්චිත පියවර ගැනීමට අප රජය පසුබට වී නැත.

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමක් මඟින් පූර්ණ විභාගයක් සිදු කෙරෙමින් පවතී. එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව පරීක්ෂණ සිදුකරමින් සිටී.

එම විභාග සහ පරීක්ෂණ වලට අනතුරුව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය කාලයේ සිදුවූ ආකාරයට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ අත්තනෝමතිකව නිදහස් කිරීමේ බලය දේශපාලනඥයින් අතට පත්කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණ වලින් පසු අදාළ බලධාරීන් විසින් නීත්‍යානුකූලව ඉටුකෙරෙනු ඇත.

අදාළ බලධාරීන් හෝ නිලධාරීන් අතින් යම් අතපසුවීමක් හෝ අත්වැරැද්දක් වී ඇත්නම් ඒවා නිවැරදි කිරීමට ද මම කටයුතු කරමි.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සමඟ කිසිදු දේශපාලන ගණුදෙණුවක් (ඩීල් එකක්) අප රජය ඇතිකරගෙන නොමැති බැව් අවධාරණය කරමි.

මෙතෙක් කල් ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත් පළුදු වන ආකාරයට කටයුතු නොකරන අතර ඉදිරියේදී ද එම විශ්වාසය තවදුරටත් තහවුරු වන පරිදි ක්‍රියාකරන බැව් ජනතාවට සහතික කරමි.

– gotabaya rajapaksha FB

 

79,486 views

33 Comments to “බදියුදීන් ගන්නවාද.. සහෝදරයාට නිදහස ඩිල් එකක්ද..- ජනාධිපතිගෙන් නිවේදනයක්..”

  1. Gini says:

    Can’t understand. Your party members has excused him many reasons and his brother. How come all of a sudden that he and his brother is innocent. That is why people suspect your government.
    Srilanken people don’t have dignity.
    Shame on you mr president.

  2. sinhale le says:

    වහබි සර්පයා අල්ලාගෙන කිසිවෙකුට අනතුරක් නැති තැනකට ඈතට ගොස් දමන්න.

  3. රටවැසි says:

    අපි හදවතින් ම ඔබව විශ්වාස කරමු .

  4. appu says:

    ඩීල් නැත්තන් බදුදීන්ගේ වත්කම් සහ එය උපයාගත් ආකාරය ප්‍රසිද්ද කරන්නකෝ.

    • DEEPAL says:

      It has to be done by Badurdeen him-self, not the government.

    • JUDE says:

      ඩිල් නැත්නම් බදියුදීන්ව විල්පත්තු වන රක්ෂිත විනාශයට අත්අඩංගුවට ගෙන නීතිමය දඩුවම් ලබා දෙන්න ප්‍රමාද මන්ද?

  5. රජරට බයියා says:

    බලධාරීන් හා නිලධාරීන් දූශිත චෝදනාවලට සැක පුද්ගලයන් සමග බජව් දැමීම, ඔවුන්ගේ උපදෙස් මත නිවැරැදි දේ නොකිරීම, බොරුවෙන් රැවටීම, වැරදි දේ කිරීම සහ ලොකුවට හිතාගෙන නොසලකා හැරීම, මන්දගාමීව වැඩ කිරීම යනදිය ගැන විමසිලිමත්විය යුතුය.

  6. Gini says:

    Listen to the people who voted and respect them please don’t listen people around you witch corrupt.

  7. On The Spot says:

    නිළධාරීන් අතින් අතපසුවීමක් සිදු වූවා නම් එය වහා නිවැරදි කල යුතුය​.පොළීසිය සිය ඇඳුම් උනාගෙන අනාගෙන ඇත​.ජනාධිපතිතුමනි,වගකීමක් නොමැති නිළධාරීන් සම්බන්ධව වහා ක්‍රියාත්මක වී සාධාරණය ඉටු කර දෙන්න​.

    • LION says:

      පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිදුකරන නැගෙනහිර පුරා වස්තු විනාශය නතර කිරීමට පියවර ගන්න ..රට ජාතියට කිසිදු සේවයක් නොකරන පුරා විද්‍යා කොමසාරිස්තුමා ඉවත් කරන්න …අපේ රටේ පුරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුවන සේවයක් නැත ..නිධන් හොරුන්ට සහය දීමක් හැර ….විල්පත්තු වන රක්ෂිතය එළිකර ඒවාට සදා ඇති හොර ඔප්පු අහෝසිකර වනරක්ෂිතය ආරක්ශා කිරීමට අවශ්‍ය පියවර ගන්න .ඒ හා සම්බන්ද පුද්ගලයින්ට සහ බදියුදීන් ට විරුද්ධව නීතිමය පියවර ගන්න …වරදක් කලොත් කවුරු වුනත් දඩුවම් දියයුතුයි ..පාස්කු බෝම්බයේ අපරාධකරුවන්ට දඩුවම් දියයුතුයි

  8. Sena says:

    Thunen deka labuna kiyala pissu natanna bari bawa therenawa neda?

  9. Dear HE, We trust you.

  10. Sunil says:

    අන්තිමට නිලධාරීන් තමයි වැරදි. මෙහෙම පාවල දීල ඒ මිනිස්සුන්ගෙන් කොහොම ද රටට වැඩ ගන්නෙ.

Main News