බදියුදීන් ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්‍ෂණ අරඹයි…

January 11, 2020 at 6:24 am | lanka C news
බදියුදීන් ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්‍ෂණ අරඹයි…

පාස්කු ප්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගත් ත්‍රස්තාවදී සැකකරුවකු සම්බන්ධයෙන් එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇද්ද යන්න සොයා බැලීම සඳහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් මහතා රජයේ නිලධාරියෙකුට බලපෑම් කළේද යන්න පිළිබඳව කරුණු සොයා බලා පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා එම වකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ අමාත්‍යවරයා එම දුරකතනයෙන් පුද්ගලයෙක් නමක් කියා තොරතුරු විමසූ බවත් ඔහු සම්බන්ධයෙන් මා හට කුමක් කළ හැකිදැයි විමසා සිටි බවත්ය.

දෙහිවලදී එවැනි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු සම්බන්ධයෙන් වසර 1 1/2 කට පසු තොරතුරු විමසන ලෙසත් දැනුම් දුන් බව හිටපු හමුදාපතිවරයා එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසීය.

– lankadeepa

23,345 Viewers

9 Comments to “බදියුදීන් ගැන කොළඹ අපරාධ කොට්ඨාශය පරීක්‍ෂණ අරඹයි…”

  1. kamal says:

    ඔබගෙ ශ්‍රද්ධාව නැද්ද බය වෙන්න ඒපා අනුගමනය කරන්න සිලය පසුව සමාධිය හා ප්‍රඥාව
    ඔබ ෙකාච්චර සිල් රැක්කත් ඔබෙ ශ්‍රද්ධාව නැතිවෙන්න පුලුවන්. සමහර අයට මම වෙනි ප්‍රඥා චරිත වලට ශ්‍රද්ධාව අැතිවන්නෙ ෙසාවාන් වෙන්න අාසන්නව මිසක් කලින් නෙවෙයි. සමහරුන්ට ශ්‍රද්ධාව අැතිවෙන්න සිල විසුද්ධිය අැතිවි චිත්ත විසුද්ධියත් අැතිවෙන්න ඔනෙ. ශ්‍රද්ධාව හරියට තියෙන ඒකම ශාසනය බුද්ධ ශාසනය. අනිත් අය විටක බනිනවා විටක විස්වාස කරනවා ඒහෙමයි. බුදු හාමුදුරුෙවා ෙකෙරහි ශ්‍රද්ධාව අැති වෙන්න පටිච්ච සමුප්පාදය තෙරුම් ගන්න අවශ්‍ය වෙනවා සමහර විට මිට ශ්‍රද්ධාව නැතිව දුක්විදි දැන් සැනසුම් සුසුම් හෙලන පිතෘ ඝාතක අජාසත්ත හෙවත් කමල් හෙවත් දියසෙන් කුමාරයා

    • Saman says:

      මේකද මුට විරුද්දව තිබුණ එකම චෝදනාව. 😀 😀 අන්න වර්ගවාදී මද්‍රසා පාසල් නීත්‍යානුකූල කරලා. හඬ පට අස්සෙ අගමැති වැඩේ දෙනවා. බයි හැත්තට ඒව පෙන්නෙ නෑ.

      • Me says:

        තමුන්ලගෙ කෙරුමෙක් නේද? අැයි අවුල්ද? මෙය අාරම්භය පමණක් බව දැනගනු. යහපාලනේ කාලකන්නි රටම ගඳගහන මඩවලක් කරද්දි තමුන්ල, 2.3M මීහරක්, මොනවද කරේ? මීක් නැතිව ඉඳල දැන් එනව ලොන්ත පෝල්ලගෙ වැරදි වහන්න.

        • Saman says:

          මහින්ද අවුරුදු 9ක් ඇමති කරාගෙන හිට්යෙ මූ. විල්පත්තුව කපන්න අවසර දුන්නෙ බැසිල් අනේ තොට ලැජ්ජාවක් නෑනෙ.

          • Me says:

            සියළු වැරදි වලින් තොර යමපාලක ලොන්ත ගැන කියන කොට මොකද නිකම් පරල වෙලා?

      • siriwardhana says:

        අනිත් ඒවාට හිරේ දැම්මොත් මූව ආත්ම හතක් හිරේ …..විල්පත්තුවට කල හානියට ආත්ම 100 ක් වත් හිරේ දන්නා ඕන. එහෙම දැම්මොත් කොහොමද බං මහින්ද ඊළඟ ආණ්ඩුව හදන්නේ මුත් එක්ක. රාජිත, චම්පික, රන්ජ වගේම දවස් දෙකක් විතර කුඩුවේ තියල සුද්ධ කරලා ආණ්ඩුවට එකතු කර ගත්තම සියල්ල නිදොස් කොට නිදහස්

    • Janam says:

      හීනෙන් යන ගමනක්ද? අදාලම නෑනේ!!

    • අනේ මූව මානසික රෝහලකට ගෙනිහින් දාන්න එකෙක් නැද්ද හැබෑට.
      මල ඇනයක් ඕයි මේ යකානං.

  2. sinha le says:

    මිනීමරු වහාබි ඉස්ලාම් අපේ රටේ වහාම තහනම් කල යුතුය

Main News