බදියුදීන් ගැන පරීක්‍ෂණ ඇරඹේ..

December 17, 2019 at 11:20 am | lanka C news
බදියුදීන් ගැන පරීක්‍ෂණ ඇරඹේ..

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ග විසින් මෙහෙයවන ලද අමාත්‍යංශයේ ලක්ෂ 95 රාජ්‍ය මුදල් අවඵාවිතාවක් ගැන පරීක්ෂණ ආරම්භ කර තිබේ.

රාජ්‍ය මුදල් නියමිත ක්‍රමවේදයකින් තොරව භාවිතා කිරීම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් පවත්වා ඉදිරි කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත.

පසුගිය ජනාධිපතිවරණ දින මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් පිරිසක් ප‍්‍රවාහනය කිරීම වෙනුවෙන් මෙම මුදල් අවභාවිත කර ඇතැයි ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකෙරේ.

මූලික පරීක්ෂණයේදී අමාත්‍යාංශය මට්ටමින් අභ්‍යන්තර විගණන පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇති අතර ඉන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

144 views

4 Comments to “බදියුදීන් ගැන පරීක්‍ෂණ ඇරඹේ..”

  1. ගල්මංගොඩ says:

    මොන මගුල් පරීක්ෂනය කරන්නත් කලින් මේ මිනිහගේ රට ගමන් තහනම් කරන්න. මූ අරාබියට පයිනව පඩ සද්දෙට භය වුනත්. පස්සෙ අරාබියෙන් තෙල් Pressur එක දාල බේරෙනව. ගියපාරත් මක්කම යනව කියද රට පැනල ගැලවුනා.

    උගත් මුසල්මාන්වන්ටත් තිබ්බ තැන නැතිකරපු කල්ලතෝනි වහාබ් කාරයෙක් මූ.

  2. sinha le says:

    අපි ආසයි මේ යකා ජම්පරේ ඇදගෙන ඉන්නවා දකින්න අල්ල්හු අක්බර්

    • 🦁🦁🦁🦁🦁🦁 says:

      අල්ලා දෙවිදුන්ට අපි දුකින්ම කියන්නේ
      විල්පත්තු දරුනුවටම මොහු වනසන්නේ
      දහමේ නමින් බදියුදීන්ට දඬුවම් දෙන්නේ
      විල්පත්තු වනාන්තර අපට රැක දෙන්නේ

  3. Nobee Perera says:

    What about sathosa cocain case. FULL SATHOSA SUGAR container with cocain and it came from Brazill. This is another case for Badudeen.

Main News