බදියුදීන් ගැන හමුදාපති බොරු කියයි.. සිළුමිණ ලිඛිත සාක්‍ෂිය මෙන්න..

July 1, 2019 at 10:12 pm | lanka C news
බදියුදීන් ගැන හමුදාපති බොරු කියයි.. සිළුමිණ ලිඛිත සාක්‍ෂිය මෙන්න..

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කලේය.

රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු කාරණය ලෙස සඳහන් වූයේ ත්‍රස්ථවාදීන් නිදහස් කරන්න යැයි හමුදාපති වරයාට බලපෑම් කිරීම හරහා ත්‍රස්ත විර්මශන කටයුතු වලට බාධා කළා කියන එකයි. ඒ සඳහා අපි සාක්ෂියට ගත්තේ රජයේ පුවත්පතක් වන මැයි 5 දා සිළුමිණ පුවත්පතට හමුදාපති ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක්. එතුමා ඒ සාකච්ඡාවේ දී කිව්වේ මොකද්ද? විශ්වාස භංග යෝජනාව කෙටුම්පත් කළ පුද්ගයා විදිහට මේ පිළිබද ඇතිවී තිබෙන අර්බුදයේදී මම පැහැදිළි කිරීමක් කළ යුතුයි.

ප්‍රශ්නය : මේ අත්අඩංගුවට ගැනීම් වල දී දේශපාලකයින්ගෙන් ඔබට බලපෑම් එල්ල වූයේ නැත්ද?

පිලිතුර : බලපෑම් ආවා. මන්නාරමේ ප්‍රබල ඇමතිවරයෙකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා. මම කිව්වා අවුරුදු එකහාමාරකට පසුව මට කතා කරන්න කියලා. අන්තවාදින් අවුරුදු එකහාමාරක් රිමාන්ඩ් භාරයේ තබන්න පුළුවන්.

ප්‍රබල වෙන්න හරි දුර්වල වෙන්න හරි මන්නාරමට ඉන්නේ එක ඇමතිවරයායි. ඒ නිසා තමයි හමුදාපති ආණ්ඩුවේ පුවත්පතකට කරන ප්‍රකාශය පළමු චෝදනාව විධියට රිෂාඩ් ඇමතිතුමාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ඇතුළු කලේ. දිනය මැයි 5 වුණත් පුවත්පත ප්‍රසිද්ධ කලේ මැයි 4. අපි විශ්වාස භංග යෝජනාව භාර දුන්නේ මැයි 16. තමන් දුන්නු පිලිතුරු සිතා මතා වෙනස් කරලා පත්තරේ පල කරලා තිබෙන්නේ කියා නිවැරදි කිරීමක් කරන්න හමුදාපතිට දින 12 ක් තිබුණා. නමුත් එහෙම කලේ නෑ.

මෙම නිවැරදි කිරීම නොකළාට විශ්වාසභංග යෝජනාව භාර දුන් දිනට පසු වෙනිදා එනම් මැයි මස 17 වැනිදා මාධ්‍ය හමුවකදීයි මාධ්‍යවේදීන් මේ ගැන හමුදාපතිතුමන් ගෙන් ප්‍රශ්න කළා. එතැනදී යුධ හමුදාපතිතුමන් කියනවා ඔව් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා මට කතා කළා, ඒක ඉල්ලීමක් කියන්නත් පුළුවන් බලපෑමක් කියන්නත් පුළුවන් කියලා. පොඩ්ඩක් සැර බාල වෙලා තියෙනවා. නමුත් එතුමා පිලිගන්නවා ත්‍රස්තවාදී නිදහස් කරන්න කියලා අමාත්‍යවරයා එයාට කතා කළා, එක ඉල්ලීමක් කියන්නත් පුලුවන් නැත්නම් බලපෑමක් කියලා කියන්නත් පුළුවන් කියන එක. කොහොමහරි නිදහස් කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා’ එය බලපෑමක් තමයි. එවැනි ඉල්ලීමක් අනිවාර්යෙන්ම ත්‍රස්ත විමර්ශන කටයුතුවලට බලපෑමක් තමයි.

නමුත් ජූනි මස 26 හමුදාපති තේරීම් කාරක සභාව ඉදිරියට ආවාම කියන්නේ වෙනත් කතාවක්. එතුමා කියනවා අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් යුද හමුදා භාරයේ සිටිනවද කියන එකයි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා දුරකතනයෙන් කතා කරලා මගෙන් ඇහුවේ කියලා. ඇත්තටම ඇහුවේ අසවල් පුද්ගලයා යුධ හමුදා අත්අඩංගුවේ සිටිනවා ද යන ප්‍රශ්නය නම් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න වසර එකහමාරකට පසුව මට කතා කරන්න කියලා යුධ හමුදාපතිතුමන් කියනවා නම් ඔහු කරලා තියෙන්නේ අතිශය වැරදි වැඩක්. යුද හමුදා බාරයට යම් පුද්ගලයෙක් ගත්ත වෙලාවේ ඔවුන්ගේ පවුලේ අයට, භාරකරුවන්ට අත්අඩංගුවට ගැනීම සම්බන්ධය දැනුම්දීමේ යුතුකමක් යුද හමුදාවට තියෙනවා. ඒ නිසා තමයි තමන්ගෙන් ඇහුවේ මේ පුද්ගලයා අත්අඩංගුවේ ඉන්නවද කියන මේ ප්‍රශ්නේ විතරයි කියලා යුධ හමුදාපතිතුමන් තේරීම් කාරක සභාවේදී කියනකොට සරත් ෆොන්සේකා මැතිතුමන් අහන්නේ එහෙනම් මේ අවුරුදු එකහමාරකින් කතා කරන්න කිව්වේ විහිලුවට ද කියලා.

ඉතින් මේකෙන් යුද හමුදාපතිතුමා මෙතැනදී බොරුවක් කියූ බව පැහැදිලියි. එතුමන් සිළුමිණ පුවත්පතට කල ප්‍රකාශය ඇත්තක්. මැයි මස 17 වැනිදා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයද ඇත්තක්. නමුත් තේරීම් කාරක සභාවට ගිහිල්ලා තමන් එතෙක් කියූ කතා විකෘති කරලා වෙනත් කතාවක් කියන්න උත්සාහ කලා කියන එකත් ඒ කියන කතාවෙන් පරස්පරයක් ගොඩනැගෙන බවත් පෙනෙනවා. ඒ නිසා යුධ හමුදාපතිතුමන් කාගෙ හරි බලපෑමකට යටවෙලා කවුරුහරි බයකරගෙන එතුමන් කිව්ව කතාව දැන් වෙනස් කරනවා කියන එක දැන් ඉතාම පැහැදිලියි.

දැන් ත්‍රස්ත විර්මශනය පැත්තකින් තියලා රටේ යුද හමුදාපතිව බය කරන්න සමත් වුණු ගෝනි බිල්ලා කවුද කියන එක වහාම සෙවිය යුතුයි. අපි හැමෝගෙම බිය නැති කරන්න ඉන්න යුද හමුදාපතිතුමා දැන් ඉන්නේ බය වෙලා නම් ඒක ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක්.

මේකෙන් පේන්නේ යුද හමුදාපතිවරයා යම්කිසි බලපෑමකට යටත් වෙලා තියෙනවා කියන එකයි. ඒ නිසා තමයි අප කියන්නේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයාගේ මන්ත්‍රිවරුන් පස්දෙනා මත මේ ආණ්ඩුවේ පැවැත්ම රැඳී පවතින තාක් මේ ආණ්ඩුවෙන් පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන්ට යුක්තිය හා සාධාරණය ඉටු වේවි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ

– අරවින්ද අතුකෝරල

45,379 Viewers

22 Comments to “බදියුදීන් ගැන හමුදාපති බොරු කියයි.. සිළුමිණ ලිඛිත සාක්‍ෂිය මෙන්න..”

  1. එක්නැලිගොඩ says:

    හමුදාපති තුමාට සෙවා දිගුවක් ඕන වෙලා. බදුර්දින් නානා පාලනය කරන මෙ ආණ්ඩුවෙන් එක කරගන්න නානල සුද්ද කරන්න වෙනවා.

    • මොසාඩ් says:

      මෙම හමුදාපතිවරයා ලංකාවේ දෙශප්‍රෙමීන් විසින් ඉතා පරිස්සමෙන් කියවා බැලිය යුතු චරිතයක්. උදය ගම්මන්පිල ඉතා නිවැරදිව මොහුව විශ්ලේෂණය කර තිබෙනවා. අනතුර හදූනාගෙන තියෙනවා.

      • මොශේ දයාන් says:

        හමුදාපතිගේ මුල්ප්‍රකාශය සමස්තය හා එකට ගැලපෙනවා නමුත් එතුමා යුද්ද කරන්න සමතෙකු උනාට බාෂාකරණයේ දක්ෂයකු නෙවෙයි .තමුන් කලින් කරපු ප්‍රකාශයේ මැද කොටසක් අඩුකලාම එය හා බැඳුනු අනික් කොටසේ අර්ථයක් නැතිවෙනවා .දැන් අපි හැමෝටම තියෙන ප්‍රශනය අයි මේ අහිංසක ඇමතිතුමා තම අතිජාත මිත්‍රයාගේ පුතා අත්අඩංගුවට ගත්තද කියල ඇහුවම ඔවුන් ඇතුලේ ඉන්නවා කියල විතරක් පිළිතුරක් නොදී “තව අවුරුදු එකහමාරකින් එයාගන අහන්න කියල කිව්වේ .සාකච්චාවකට ඒ කතාවේ කිසිම අදාලත්වයක් නෑ නේ ?
        ලැජ්ජයි හමුදාපතිතුමෝ .අපි ඔබගැන ලොකු පැහැදීමක් ඇතිකරගෙන යන්තම් මාස දෙකකින් ඔබ වැඩේ අනාගත්ත .හෙළිකරන්න හමුදාපතිතුමෝ ඔබට බලපෑම් කරන සියල්ලන්ම රටේ ජනතාව ඔබ වෙනුවෙන් එලියට ඒවි

      • Sanidu Sooriarachchi says:

        ඒ නිසා තමයි අප කියන්නේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයාගේ මන්ත්‍රිවරුන් පස්දෙනා මත මේ ආණ්ඩුවේ පැවැත්ම රැඳී පවතින තාක් මේ ආණ්ඩුවෙන් පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන්ට යුක්තිය හා සාධාරණය ඉටු වේවි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ
        මේ කතාව තමයි මහා නා හිමිවරු, කාදිනල් තුමා ඇතුළු රටම කියන්නේ.

    • රූපබන්දු අමරසිංහ says:

      කතාව ඇත්ත. මිනිහා කට්ටයා. මුස්ලිම් අවුරුද්ද සමරලා කෑම ගිලින පින්තූරයකුත් තිබ්බේ රෝසි ආච්චි එක්ක.

  2. මව්බිම says:

    කිරි තලයට ගොම බින්දුව ක් දාගත්ත වෙද හමුදාපති තුමා.

  3. විශ්ව says:

    මෙම හමුදාපතිට රට බාර ගන්න කිය කිය බුකියේ දගළපු උන් පව්. දැන් යන විදිහට එහෙම වුණානම් හමුදා පතිගෙ ආණ්ඩුවේත් රිෂාඩ් නාන ඉන්න සීන් එකක් තමයි පෙනෙන්නේ.

  4. sithmal says:

    ඔය කවුරුත් දේසපාලනේට යටයි. ඒ ඉස්සරහ ඔය පට්ටම් අටපට්ටම් විතරයි.. ආත්මාභිමානයක් නැති මිනිස්සු.

  5. වසන්ත says:

    හමුදාපති ගැන මෙ සියල්ල ඇත්ත. කොහොමත් උදය කට කෑවත් ඇත්තම කියනවා.

  6. නිර්පාක්ෂික says:

    හමුදාපති රාජපාක්ෂික විය යුතු වුවත් ආණ්ඩු පාක්ෂික විය යුතු නෑ. ගම්මන්පිල දක්ෂ නීතිවේදීයෙකු නිසා සාක්ෂි සහිතව පරස්පරය පෙන්වනවා.

  7. Aurora says:

    Army cammander should have given resignation as real gentleman. We all believed you save us from extremists. But now you too serve them.

  8. රටට හිතැති says:

    ඒ අතින් බලනකොට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් නියම කොන්ද පණ තියෙන මිනිහෙක්.

  9. amarapaaala says:

    Gemba thalennai yanne ..He He

    • නිකිල් says:

      පාස්කු ඉරිදා පල්ලියක හිටියනම් උඹට උඹේ ගෙම්බා තලාගන්න නෙවෙයි වෙන්නේ .තවත් මෝඩ කතා කියා කියා සිහින ලෝකයේ ඉඳපන් මි හරකා දැන් ඔය කොරලා තියෙන්නේ තොපේ unp හැත්ත.

  10. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මේ හමුදාපතිට රට භාරගන්න කියපු මෝඩ රැල කොහෙද දන්නේ නැහැ. හමුදාපති වගේ තනතුරු කොහොමත් රාජපාක්ෂිකයි. යුද්ධයට සක්‍රිය දායකත්වය ලබාදුන්නු නායකයින්ට සේවාදිගු ලබානොදී ගෙදර යැව්වා. ආණ්ඩුවට ඕන කට්ටිය ඒ හරහා හමුදාපති වුණා. මොන සිංහනාද දැම්මත් මේ පුද්ගලයින්ගෙන් අවංක ප්‍රකාශ බාලාපොරොත්තු වෙන්න එපා.

  11. Suwaris says:

    Me uthuma Riyal wath gillada???????????????????

  12. Tikiri says:

    අපිනම් හිතුවේ ඇත්ත කෙලින් කථා කරන නිළධරියෙක් කියලා ඒක එසේ නොවන බව වැඨහුනා.

  13. Mangala says:

    Mehemada hamudapathila madawikarayek wage. Dakkamai mehema hamudapathiyek.Ithin wadath ehema athpudumayak naha.Hari haman pramithiyak athi eka nayakayek wadagath putuwala naha.Agamati janapathi anthima kujithai.

Main News