බදියුදීන් නිදහස් කර පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිට පටවයි..

June 2, 2019 at 3:50 pm | lanka C news
බදියුදීන් නිදහස් කර පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිට පටවයි..

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ උත්සාහය සහ ඉලක්කය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම සම්පූර්ණයෙන්ම ජනාධිපති මත පටවා අගමැති ඇතුළු ආණ්ඩු පක්ෂය ඇඟ බේරාගැනීම බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

රත්නපුර පැල්මඩුල්ල නිවසේ පැවති පාක්ෂික හමුවකට සහභාගීවෙමින් ඒ මහතා මෙම අදහස් පළ ක‍ළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,“රිෂාඩි බදුර්දීන් අමාත්‍යවරයාට විශ්වාසභංගයක් ඉදිරිපත්වුනාම ආණ්ඩුව හොඳටම බයවුනා. මොකද එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් මැති ඇමතිවරු,දෙමල සන්ධනයේ මන්ත්‍රීවරු වගේම අවසානයේ ජනතා විමුක්ති පෙරමුණත් විශ්වාසභංගයට සහය දක්වන බවට ප්‍රකාශ කිරීම නිසා.ආණ්ඩුව කලබලවෙල ගහපු ගැටේ තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම.පාලුගෙයි වලං බිඳිනවා වගේ එකම පක්ෂයේ කණ්ඩායමක් එකතුවෙලා දැන් උසාවියේ වගේ සාක්ෂි විමසනවා.එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ මතය තමයි නීතිය හා සාමය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යංශය ජනාධිපති යටතේ තබා ගැනීම නිසා රටේ ආරක්ෂාව දුර්වල වී ඇති බව.ඒ වගේම  මෙම ප්‍රහාරයේ  වගකීමත් ජනාධිපතිට බවයි බොහෝ මන්ත්‍රීවරු නොකියා කියන්නේ.එම නිසා මෙම තේරීම්කාරක සභාවේ උත්සාහය වෙන මොකවත් නෙවෙයි රිෂාඩ් බදුර්දීන්වත් නිදහස් කරගෙන පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයා මත පටවා දේශපාලන වාසි අත්පත්කර ගැනීමයි.”සෙනෙවිරත්න මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්,“දැන් ලොකේ කොහේවත් සිදු නොවු  දේවල්  තමයි මෙහෙ වෙන්නේ. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් මගින් ජාතික ආරක්ෂක තොරතුරු විමසනවා.ඒවා ජනමාධ්‍යට දෙනවා.බොහොම සංවේදී කරුණු වගේම ඉතාමත් රහසිගත බුද්ධි තොරතුරු වගේම බුද්ධි අංශ නිලදාරීනුත් අනාවරණ වීමක් මේ තුළින් සිදුවෙන්නේ.අපේ රටේ ආරක්ෂක අංශවල පවතින දුර්වලතා සතුරන් අතට පත්වෙනවා.ඉංදියාවේ රෝ ඔත්තු සේවය ගැන හෝ ඇමරිකාවේ පෙන්ටගනයේ බුද්ධි තොරතුරු නිලධාරීන් ගැන හෝ ඔවුන්ගේ බුද්ධිමය තොරතුරු ගැන ලියවිල්ලක්වත් අපි දැකලා නැහැ.ලංකාවේ  බුද්ධි අංශ භාවිත කරන  රහස්‍ය වචන පවා දැන් සජීවී ලෙස විකාශය කරන තරමට ජාතික ආරක්ෂව බාල්දු කරලා.මේක එක්සත් ජාතික පක්ෂය  ආණ්ඩුව හිතාමතාම සිදුකළ කුමන්ත්‍රණයක්.මිලේනියම් සිටී පවා දීම වගේ තමයි මේ පාර්ලිමේන්තු තේරීම් කමිටුව හරහාත් බුද්ධි අංශ අඩපන වීම වගේම ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් වෙන්න පුළුවන්.ඒක නිසා මෙම ක්‍රියාදාමය රටට විශාල අනතුරක් බව අපි සියළු දෙනා අවබෝධ කරගත යුතුයි.මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න

35,834 Viewers

3 Comments to “බදියුදීන් නිදහස් කර පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිට පටවයි..”

  1. Ratawasiya says:

    සිරිසේනටත් ඔහොම වෙලා මදි.හැම ජඩයටම ඇමති පට්‍ටම්‍ දීලා දැන් උන්ව එලවගන්න බැරිව ඉන්නවා.මුන් ටික එකතුවෙලා ඉරාකකාරයො ගඩාෆිට කරපු දේ සිරිසේන ජනාධිපතිට කරයිද දන්නෙත් නැහැ.ආන්ඩුවේ උන් දැන් වියරු වෙලා ඉන්නෙ උන්ගෙ අනාගතය ගැන බයවෙලා.

  2. Saradiel says:

    මෙය අපේ නීතියට අපහාස කිරීමක්

  3. Open mind says:

    ආන්න…..ඊළඟ ජනාධිපති අපේක්ෂක බේරා ගන්න පෙරමුණ අරගෙන. ( ආරක්ෂක ඇමැති බදුර්දීන් කියලා පෙන්වන්න හදනවා)

Main News