බදියුදීන් නිර්දෝෂයි.. චෝදනා කිසිවක් සනාථ වී නෑ..- අගමැති

July 15, 2019 at 10:40 am | lanka C news
බදියුදීන් නිර්දෝෂයි.. චෝදනා කිසිවක් සනාථ වී නෑ..- අගමැති

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඇතැම් පිරිස් මෙම වාර්තාවේ යම් යම් කොටස් ප‍්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරන බවත් එමගින් සිදුවන්නේ අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදයට අනුබලදීමක් බවද අගමැතිවරයා සඳහන් කළේය.

කිසියම් වාර්තාවක කොටසක් ප‍්‍රතික්‍ෂේප කර ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත් දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක‍්‍රියා කිරීමෙන් සිදුවන්නේ සාක්ෂිවල ශක්තිය අඩපණවීමක් බවත් අගමැතිවරයා කීවේය.

මෙම බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කථානායකවරයා වෙත යවා තිබෙන බවද ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා සඳහන් කළේය.

අගමැතිවරයා මේ බැව් පැවසුවේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පේ‍්‍රක්ෂකාගාරය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (14 වැනිදා) පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධව පොලිස් බුද්ධි අංශය විසින් කරනු ලැබූ පරීක්‍ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබාදීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයන්ටත් එම වාර්තාව ලබාදීමට මා උපදෙස් දී තිබෙනවා.

එම වාර්තාව කථානායකවරයා විසින් අපට ලබාදුන්නා. එම වාර්තාවේ චෝදනා 300 ක් තිබුණා. එම චෝදනාවල බහුතරයක් කිසිදු පදනමකින් තොරව කළ චෝදනා බව සඳහන් වෙනවා. ඉන් සමහර චෝදනා පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නැති බවත් සඳහන් වෙනවා. ඒ අනුව රිෂාඞ් බදියුදීන් ඇමැතිතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව කථානායකවරයා දැනුම් දුන්නා.

මේ පිළිබඳව නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව පවසා තිබෙනවා. එමගින් සිදුවන්නේ සාක්‍ෂි අඩපණ වීමයි. අයි. එස්. අයි. එස්. සැබෑ ත‍්‍රස්තවාදීන්ට ගැලවී යාමට අවශ්‍ය පසුබිම සකස් කිරීමයි. බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදුකරන ලද පරීක්‍ෂණ අවතක්සේරු කිරීමයි.

බුද්ධි අංශ පිළිබඳව කිඹුල් කඳුළු සලන අයගේ සැබෑ ස්වරූපය මේ කි‍්‍රයාවෙන් හෙළිදරව් වන බවද වික‍්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අබ්දුල්ලාහ් මහරූෆ්, ඉම්රාන් මහරූෆ්, එම්. එස්. තෞෆික්, කේ. තුරෙයි රත්නසිංහම්, සන්දිත් සමරසිංහ, කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එස්. එම්. එස්. අලිෆා යන මහත්වරුන් ප‍්‍රමුඛ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

– Divaina

13,118 Viewers

13 Comments to “බදියුදීන් නිර්දෝෂයි.. චෝදනා කිසිවක් සනාථ වී නෑ..- අගමැති”

  1. බන්ඩා says:

    මෙන්න බැඳුන්කර රනිලා අග්‍රවිනිශ්චයකාර ජොබ් එකත් බාර අරගෙන.

    • විස්කි මැඩම් says:

      බැංකු හොරෙක් ත්‍රස්තවාදියෙක්ට චරිත සහතික ලබා දෙන සොදුරු මොහොතක්……
      හැට දෙලක්ෂයට දැන් සැපද?

  2. May hut tigey puthata ponnnayqata candey dena sinhalayot tawa ennnawa kiyana ekae pudumey.

  3. Niru says:

    Even the Pal Hora called Ponil is innocent

  4. Saradiel says:

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ

    • ප්ලේටෝ says:

      මහින්දත් නිර්දෝෂයි, රනිලුත් නිර්දෝෂයි,ගෝටභයත් නිර්දෝෂයි, බැසිලුත් නිර්දෝෂයි, බදියුදීනුත් නිර්දෝෂයි …!!!!!
      චෝදනා කිසිවක් සනාථ වී නෑ..!!!

  5. Rohana says:

    Yes you’re correct badda did your contract.you should be the guilty person

  6. Maru says:

    Bloody greediness for Muslim votes. No body is bothered about forming a mechanism to stop what so called Doctor Shaffi did to Sinhalese and Tamil mothers in Government and private hospitals.

    • LION says:

      පාර්ලිමේන්තුවේ බලයේ වියරුවෙන් සුලුජාතින් සමග එක්වී සිංහලයා බිලි දීමට ඩෙගා නටන නපුන්සක තිරිසනා ගේ කතාව අසව්
      අහෝ සිංහලයෙනි ,තාමත් මේ වසලයාට රට පාලනය කිරීමට ඉඩදී බලා සිටීමට තරම් සිංහලයා දුර්වල ජාතියක් වුයේ කෙසේද ?
      දේශප්‍රේමී උගත් සිංහලයෙනි ,රට දැය ආරක්ෂා කිරීමට පෙරට වරෙව්

  7. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    ආණ්ඩුවේ ඉන්න එවුන් එකාට එකා ඔහොම නිර්දෝෂියි කියා ගත්තාම අන්තිමට ඔක්කෝටම අත පිසදා ගත හැකියි. රනිල් කවදා හරි කියයි මහ බැංකු මංකොල්ලයක් වුණේ නැහැයි කියලා. එතකොට රටේ ජනතාවට එවා පිළිගෙන කටවහගෙන ඉන්න ඕන මහ පුදුම රටක් මේක.

  8. hrasha says:

    unp aka dan kakuluwa rath wenakam wathure natanawa wage inne janda 3 km a anawane laga laga bala gamu wijathika miniho

  9. නිලමේ says:

    නියමෙට හෝදනාවා. හොදට හෝදපං මයෙ අම්මා.

  10. Mahasona says:

    බදියුදීන් නිර්දෝෂයි. අර්ජුන බැංකු හොරත් නිර්දෝෂයි කොහොමද ටිකිරි මොලේ

Main News