බදියුදීන් නිර්දෝෂි වුණාද.. ඔහුට එරෙහි චෝදනා මෙන්න..

July 30, 2019 at 12:02 am | lanka C news
බදියුදීන් නිර්දෝෂි වුණාද.. ඔහුට එරෙහි චෝදනා මෙන්න..

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අනෙකුත් ඇමතිවරු ගැන අපට ප්‍රශ්නයක් නෑ. ඒ අය ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වුණා. ඒ නිසා කැමති දවසක යළි ඇමති ධූර භාර ගන්නත් පුළුවන්. නමුත් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට එහෙම යළි දිවුරුම් දෙන්න බෑ. පාරලිමේන්තුවේ මුස්ලිම් මන්ත්‍රිවරුන් 22ක් ඉන්නවා. ඇමතිවරු 9ක් සිටියා. අපි චෝදනා ගෙනාවේ රිෂාඩ් ඇමතිවරයාට පමණයි. ඒ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ සිදුවීම් ගණනාවක ඔහුගේ නම කියැවුණු නිසා ඔහුගේ සම්බන්ධය ගැන සාධාරණ සැකයක් මතු වුණා. බෝම්බ ප්‍රහාරයට මාස තුනක් නිසා දැන් කට්ටියට චෝදනා මල්ල අමතකත් ඇතිනෙ. ඉන්න මම මතක් කරන්නම්.

  1. ත්‍රස්තවාදි සැකකරුවන් නිදහස් කරන්න යැයි රිෂාඩ් ඇමතිවරයා තමන්ට බලපෑම් කළ බවට යුද හමුදාපති ප්‍රකාශ කිරීම
  2. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බකරු වන ඉම්ෂාන් අහ්මඩ් ඊබ්‍රාහිම්ගේ තඹ ර්කමාන්ත ශාලාවට සම්මතයට පටහැනිව තඹ සැපයීම
  3. මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් යූසුෆ් ඇමතිවරයාගේ ප්‍රබල ආධාරකරුවෙකු වීම
  4. තඹ කම්හලේ සේවකයින්ට ක්ෂණිකව ඇප ලැබීමෙන් යම් බලපෑමක් ඇති බව විද්‍යාමාන වීම
  5. මන්ත්‍රිවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ භාණ්ඩාගාරික එස් කේ පි අලහුඩීන්ගේ බෑනා සහ දියණිය බෝම්බකරුවන් වීම
  6. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු වන ඇමතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අබ්දුල් හනුත් ත්‍රස්තවාදි සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම
  7. ඇමතිවරයාගේ උපදේශකවරයෙකු ලෙස පෙනී සිටි මවුලවිවරයෙකු අත්අඩංගුවට ගැනීම
  8. ඇමතිවරයාගේ සහෝදරයෙකු වන රිෆ්කාන් බදියුඩීන් යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් නොකර නිදහස් කිරීම
  9. ත්‍රස්තවාදි සැකකරුවන් ඇමතිවරයාගේ සොහොයුරියගේ නිවසේ නැවති සිටීම

මෙතන කියවෙන්නේ නෑ රිෂාඩ් බදුයුඩීන් මන්ත්‍රිවරයා ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් මේ ආකාරයට පාස්කු ප්‍රහාරය සමග කොතැනත් කියැවුණු නම රිෂාඩ්. එතැනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. එවිට සාධාරණ සැකයක් ඇතිවෙනවා.

මේ තිත් එකතු කළාම ත්‍රස්තවාදියෙකු මැවෙනවා ද කියන එක දැන ගන්න පුළුවන් පොලිස් විර්මශනයකින් පමණයි. එක පැත්තකින් තේරීම් කාරක සභාව කියලා ලොන්ඩ්‍රියක් දැම්මා රිෂාඩ් හෝදලා පිරිසිදු කරල ගන්න. අනික් පැත්තෙන් දැම්මා පොලිස් කමිටුවක්. එයට තියෙන පැමිණිලි ඉදිරිපත් කරන්න කිව්වා. අපි තොගපිටින් ඉදිරිපත් කළා. පැමිණිලි ඉදිරිපත් කරලා එන ගමන් අපි කිව්වා මේ කමිටුව බොරුවක්. නමුත් අපි මේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ අපි නගපු චෝදනා බොරු යැයි ජනතාව සිතන්නට ඉඩ තියෙන නිසා කියලා.

නමුත් ඔබ දැක්කද රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පොලීසියට යනවා. කවදාවත් ගියේ නෑ. ඔහු ගියා ඔහුට අසාධාරණයක් වුණා කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. කළුවර අඳුන ගාගෙන ඇඳුම් සියල්ල ගලවා නොපෙනී පොලීසියට ගියා දැයි අප දන්නේ නැහැ. නමුත් අප දැක්කේ නෑ මේ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න ඔහු පොලිසියට කැදවනවා.

ඒ නිසා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා පිළිබඳ සාධාරණ පරීක්ෂණයකින් තොරව ඔහුට අමාත්‍යධූරයක් ලබාදීමට අප විරුද්ධයි. ඔහුට නැවත විශ්වාසභංගයක් ගෙන ඒමට අපි අනිවාර්යෙන් කටයුතු කරනවා.

– අරවින්ද අතුකෝරල

32 views

6 Comments to “බදියුදීන් නිර්දෝෂි වුණාද.. ඔහුට එරෙහි චෝදනා මෙන්න..”

  1. sinha le says:

    වනාන්තර මංකොල්ලය, චන්ද මංකොල්ලය, ත්‍රස්තවාදය සහ අන්තවාදය පෝෂණය කිරීම, ජාතික සම්පත් විකිණීම, ආර්ථික ඝාතනය ඇතුළු ශ්‍රී ලංකාවේ කළ හැකි සියලුම භයානක අපරාධ කිසිඳු බයක් සැකක නැතිව කරණ බදුර්දීන් ආරක්ෂා කරන දේශපාලුවන පන්නමු!

  2. මාතුපාල says:

    මේ ප්‍රකාශනය කියවපුහම, මේ වෙබ්සයිට් එකට කොටින්ටයි, හම්බයන්ටයි කඩේයන කොමෙන්ට්දාන ජෙප්පොයි,
    මොන්ගලගෙ පචබලකායෙ කුලියට කහින අපතයොයි සෙට් එක භූමිතෙල් ගෑවුන ගැරඬිවගේ 
    දඟලන්ඩ පටන් අරන් ගම්මන්පිල මහතාට අපහාස කරන්ඩ පටන් ගනියි.

  3. එක්නැලිගොඩ says:

    වහාබි අන්තවාදීන් ඇති ආණ්ඩුවකට එක්නොවන බව කියමින් වහාබි අන්තවාදයට එරෙහි පලමූ ගිණි සිලූව වූයේ ඔබයි.

  4. Ariyathilaka says:

    May 16, 2019 at 10:26 pm ල් lanka c news වාර්තාව “පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
    එය බලපෑමක් නොව ඉල්ලීමක් යයි සඳහන් කිරීමට තමන් කැමති වුවද බලපෑමක් ලෙසද අර්ථ නිරූපනය විය හැකි බවද සදහන් කලේය”
    June 26, 2019 at 10:11 pm | lanka C news
    “බදියුදීන් මට කතාකලා.. ත‍්‍රස්ත සැකකරුවෙක් ගැන ඇසුවා..- පාස්කු බෝම්බ කමිටුවේදී හමුදාපති කියයි.. පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පෙනී සිටියේය.”නමුත් එහිදී කිසිදු බලපෑමක් බදියුදීන් මහතා තමනට සිදු නොකල බවද ‘අසා සිටීමක්’ පමණක් කළ බවද හමුදාපතිවරයා කීවේය.”
    තරු පටි කුමට අබිමන් තෙද රකිනු නැති,
    ගරු නම් කුමට තම යුතුකම කරනු නැති,
    විරුවන් ලෙසට තම රට නිති රකිනු නැති
    දරුවන් කුමට ලක්මව වෙත නොවුනු
    ගැති

    කිරුළු පළන් රජ පෙළපත තිබුණු රට,.
    සිවුරු දරන් මහරහතුන් සිටිය රට,
    සවිය අරන් රැකි තුන් සිංහලේ රට,
    අමන් දනන් වනසනවා මගේ රට.

    • Ariyathilaka says:

      දෙස රැස රැකවරණ සළසන නිළ දරුවෝ,
      රජ පස බලය ලත් සුර මහ රණ විරුවෝ,
      රුපු පස සවිය වෙත උපකාරය කෙරුවෝ,
      තම කිස විනිස බල! වර යුතුකම හරුවෝ

  5. මව්බිම says:

    ඇතැමූන් බදුර්දීන් සමග ආණ්ඩු හදන්න හොරගල් අහුලද්දී රට වෙනුවෙන් මුලින්ම මෙම සූකර වහාබියන් එපා කිව්වෙ උදයයි.

Main News