බදියුදීන් පවුලේ ඉඩම් අක්කර 3000ක ඔප්පු අංකත් එක්ක මෙන්න.. ෆුට් බයිසිකලේ යාළුවා සියල්ල හෙලි කරයි.. 1999දී මන්නරාමට පැමිණ ඇත්තේ ෂොපින් බෑග් එකක රෙදි අරගෙන…[Video]

May 27, 2019 at 9:20 am | lanka C news
බදියුදීන් පවුලේ ඉඩම් අක්කර 3000ක ඔප්පු අංකත් එක්ක මෙන්න.. ෆුට් බයිසිකලේ යාළුවා සියල්ල හෙලි කරයි.. 1999දී මන්නරාමට පැමිණ ඇත්තේ ෂොපින් බෑග් එකක රෙදි අරගෙන…[Video]

ඇමැති රිෂාඩ් බදුදීන් සහ තමන් පුංචි කාලයේ පටන්ම ඉතා හොදින් දන්නා හදුනන යාළුවන් බවත් එකල ඔහුට තිබුණේ පා පැදියක් පමණක් බවත් වයඹ පළාත් සභාවේ හිටපු සභානායක චින්තක මායාදුන්නේ මහතා පවසයි.

අද බදියුදීන් ඇමතිවරයා ලංකාවේ සුපිරිම කෝටිපතියා වී සිටින්නේ විදේශවලින් මුදල් ගෙනැවිත් ඒවායෙන් අක්‍රමිකතා සිදුකර මුදල් උපයා ගැනීමෙන් බවට ඔහු චෝදනා කරයි.

තම ප්‍රදේශය වල ඉඩම් ව්‍යාපාරික ස්ථාන රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇමතිවරයා තමන්ටත් පවුලේ අයට පවරා ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.

එම ඉඩම් භාවිත කරමින් මේ ආකාරයේ ගැටුම් නිර්මාණය කිරීමට එම ප්‍රදේශ භාවිතා කරමින් සිටින බවටද බදුර්දින් ඇමතිවරයා මේ වන විට අක්කර 3000-4000 ක් වැනි ප්‍රමාණයක් අත්පත් කරගෙන අවසන් බව ද මායාදුන්නේ මහතා පැවසීය.

මෙම ප්‍රදේශ භාවිතා කරමින් රටේ කලබල කාරී තත්වයන් ඇති කිරීමේ තෝතැන්නක් බවට පත්කර ඇති බවත් අද රටේ අපරාධ රැල්ලක් සිදු කරන පුද්ගලයෙක් බවට ඔහු පත් ව සිටින බව හිටපු සභානායකවරයා චෝදනා කළේය.

1999 වසරේදී රිෂාඩ් බදුර්දීන් පුත්තලම දිස්ත්‍රික්කයට එන්නේ ෂොපින් බෑග් එකක රෙදි දමාගෙන බවත් අද වන විට ඔහු ඇතුළු ඔහුගේ සියලු ඥාතීන් ප්‍රබල ඉතා ධනවත් ව්‍යාපාරිකයන් බවට පත්ව සිටින බවද කියා සිටියේය.

අද වන විට මහ බැංකුව මංකොල්ල කෑවා ට වඩා වැඩි මුදලක් හිමි ධනවතෙකු බවට රිෂාඩ් බදූදීන් පත්ව සිටින බවද පැවසූ ඔහු බදුර්දීන් සතුව පවතින ඉඩම් ගණනාවක නම් ලයිස්තු ද ඉදි කළේ ඒවා ඔප්පවල මිල ගණන් සදහන් කර ඇත්තේ වටිනාකම් අඩුවෙන් යොදා බවත් පැවසීය.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම විශේෂ හෙපලිදරවුව කලේය.

65 views

28 Comments to “බදියුදීන් පවුලේ ඉඩම් අක්කර 3000ක ඔප්පු අංකත් එක්ක මෙන්න.. ෆුට් බයිසිකලේ යාළුවා සියල්ල හෙලි කරයි.. 1999දී මන්නරාමට පැමිණ ඇත්තේ ෂොපින් බෑග් එකක රෙදි අරගෙන…[Video]”

  1. Sirisena Yatawara says:

    These documents are quite sufficient to charge against Rashied Buaideen all mother of corruption by UNP leading Minister in charge of many portifilies since 2015 Jan 8th.
    The crux of matter of Issue is not only that survival of UNP regime in Parliament led by MS RW and CBK It has grand plan of an aim of politics ongoing that UNP regimed wanted to be created more chaos for division of among Island people of refit of religion extremist to be undermined stability of country.
    This only way that USA Military troops will land to island for recolonization after 425 years of White Men domination of Island.Created ample opportunity in society UNP of RW MS and CBK wanted Terrorism in Sri lankan.
    That was same politics ,what has happen in 9/11 in USA by Islam terror attack beginning of 21st century in global politics .

Main News