බදියුදීන් පෙර සිටි ධුරයේම දිවුරයි.. ආණ්ඩුවේ බලවත්ම ඇමති වෙයි..

July 13, 2019 at 10:40 am | lanka C news
බදියුදීන් පෙර සිටි ධුරයේම දිවුරයි.. ආණ්ඩුවේ බලවත්ම ඇමති වෙයි..

මෑතකදී ධුරයෙන් ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන් මහතා නැවත වතාවක් පෙර සිටි ඇමති ධුරයේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරටට පැමිණි පසු එම දිවුරුම් දීම සිදු කිරීමට නියමිතය.

ඒ සමගම සෙසු මුස්ලීම් මන්ත්‍රීවරුන් පිරිසද පෙර සිටි ධුරයන්හිම යලි දිවුරුම් දීමට නියමිතය ය.

රිෂාඩ් බදුර්දීන් මහතා ආණ්ඩුවේ වැඩිම ආයතන ප්‍රමාණයක් මෙහෙවවන ලද ඇමතිවරයා විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරන්නේ බදුර්දීන් මහතා ඇමති ධූරයේ දිවුරුම් දුන නැවතත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි .

19,004 Viewers

9 Comments to “බදියුදීන් පෙර සිටි ධුරයේම දිවුරයි.. ආණ්ඩුවේ බලවත්ම ඇමති වෙයි..”

  1. sahan says:

    අල්ලාහ් ටම ඔප්පු වෙච්චාවෙ.

  2. gunapala says:

    Ratanaya Pina. This is his last chance to be in Parliament.

  3. Kadiya says:

    UNP ආණ්ඩුවේ සිටින අනෙකුත් සියලුම මන්ත්‍රීවරු නපුංසකයෝ සේ තම ආණ්ඩුවේ සියලුම බලය, වරප්‍රසාද රිෂාඩ් බදුර්දීන් භුක්ති විඳිනවා බලා සිටිති. මොවුන් බලය චුට්ටක් තමුන්ට ලබාගැනීම සඳහා කොතරම් බාල්දු වෙනවද? ගමට ආවම මුන්ව සතේකටවත් ගණන් ගත යුතු නැත.

  4. Banda says:

    අනේ රතන සාධූ ආයෙ මාරාන්තික නොවන උපවාසයක් කරන්න ඈ….

  5. Chandi says:

    Jayavevaaa Apey emathi thumata …….. Baiyo Toiyo okkoma …………Atthana Ethena Rathana Vai hooo,,,,

  6. desta says:

    sinhala unp miturani muwath ranil pramuka hora nadayath panna damamu

  7. wimalasiri Gamlath says:

    හොර අගමැති පත් කිරීමේ නාටකයේදී රිෂාඩ් තමන්ගේ පැත්තට ආවා නම් අද ඔහුත් දේශ හිතෛෂී වීරයකු පත්වීමට තිබුණා.

  8. Love nature says:

    ලිප ගිනි මෙළවෙන තෙක් දිය සැලියේ , සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ.

  9. kawinda says:

    mehidee SLFP kandaayamata wedi wagakimak thiyenawaa. rate aandolanaathmaka pililayak wana rizard badyudeen hata emathikama deema prathikshepa karana lesa janaadhipathita bala kireemata SLFP manthree warunta heki neda.? e wagema dushana chodana raashiyak ethi kenekuta emathikamak no deema janaadhipathige wagakimai. janathaawage hitha dinaaganna nam ohu kala yutte eyai. eya sadaachaaraathmakai.

Main News