බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..

May 21, 2019 at 3:50 pm | lanka C news
බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඞ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘හරියට මීට මාසයකට පෙරයි පාස්කු ඉරිදා දින ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප‍්‍රහාරය සිදු වුණේ. ඒ ප‍්‍රහාරයෙන් කම්පනයට පත් වූ සමාජයක් තමයි අද වන තෙක් පවතින්නේ. කාදිනල්තුමන් මුණ ගැහිලා, ඒ මාසයකට පෙර සිදු වූ විනාශය පිළිබඳව අපේ කනගාටුව ප‍්‍රකාශ කළා. ඒ විනාශය එතැනින් එහාට වර්ධනය වීමට ඉඩ නොතබා කාදිනල්තුමන් ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව අපේ ප‍්‍රශංසාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තා.

ඒ වගේම මේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් බිහි කරන වහාබ්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳවත් අපි මේ අවස්ථාවේ කාදිනල්තුමන් දැනුම්වත් කළා.’’

එහිදී මාධ්‍යවේදීන් නැ`ගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා,

ප‍්‍රශ්නය : රිෂාඞ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙනවිත් තිබෙන මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන එ්ම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර : මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවාම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව රැක ගැනීම දෙසා බලලයි රිෂාඞ් බදුර්දීන් දෙස බලන්නේ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඞ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඞ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා. පසුගිය කාලය පුරා රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට විශ්වාසය පළ කරපු, රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම රැකලා දෙන්න උසාවි ගිය ජවිපෙ එකපාරටම පුදුමාකාර ආණ්ඩු විරෝධියෙක් වෙලා. මෙතැනදී කළේ තුට්ටු දෙකේ වැඩක්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් රිෂාඞ් බදුර්දීන්ට ‘තීරක බලයක්, කේවල් කිරීමේ බලයක්’ ලබා දී වහාබ්වාදී ත‍්‍රස්තවාදයේ පියවරයකු රැක දීමයි මේ සිදු කළේ.

ප‍්‍රශ්නය: මෙහෙම කළාම ජවිපෙට ලැබෙන ප‍්‍රතිලාභය කුමක්ද ?

පිළිතුර: ප‍්‍රතිලාභය බලාගන්න වෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වැටිලා තිබෙන ගණන කීයද, කියන එකත් සම`ගයි. දැන් අනාවරණය වී තිබෙනවා, පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සඳහා මූල්‍ය අනුග‍්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඞ් ඊබ‍්‍රාහිම් කියලා. ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප‍්‍රහාරය පිටුපස සිට ප‍්‍රබලම මූල්‍ය ප‍්‍රවාහය තමයි මේ ඊබ‍්‍රාහිම්. මේ ඊබ‍්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඞ් බදුර්දීන්ගෙත් හිතවතා, ඥාතියා. එ් නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ‍්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක‍්‍රියාත්මක වන්නේ රිෂාඞ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

46 views

14 Comments to “බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..”

  1. GANGABADAYA says:

    ME SAMAGAMA JVP “KUJEETHAYO” TIKA MARANA MANCHAKAYA DAKAWA GAMAN ARAMBAI.

    UNTA ME RATE THAWATH ANAGATHAYAK NETHA.
    ATHTHE RATA PAWA DHEE UPAYAGATH JARAAAAAWA!!!!! PAMANI.

  2. සකල බුජං says:

    මරාගෙන මැරුන සහරාන් වගේ සතෙක් හදන්න සල්ලි වියදම් කලේ ඊබ්‍රාහිම්.මරාගෙන කන ජවිපෙ සත්තු ටික හීලෑ කරගෙන නාස් ලණුව දාගන්නත් ඊබ්‍රාහිම්ගේ ලේ තැවරුන සල්ලිම තමයි වියදම් කලේ. ලංකාවෙ සාම්ප්‍රදායික ගම්මිරිස් ගොවියට කෙලියෙත් ඊබ්‍රාහිම්.ඒ උනාට සමස්ත ලංකා ගොවි සම්මේලනේ සභාපති නාමල් කරුණාරත්නත් ජෙප්පෙක්.ඌත් ඊබ්‍රාහිම්ගෙ සල්ලිවලට නැට්ට වනන ගොවියො රවට්ටපු සිංහ හම පොරවා ගත්ත හිවලෙක්. අනුර කුමාර ඇතුලු අංශබාග වාමවාදියො දැන් පිට පොට ගහන්නෙ උන් එක්ක එක පතේ කන වනය වැනසූ වන විනස්පති රැක ගන්න​.පාර්ලිමේන්තුවෙ මුන්ට ඉන්නෙ හයයි.එජාපෙයි,දෙමළ සන්ධානෙයි එකතු උනාම එතනම බහුතරය හරි.අවසාන මොහොතෙ මේ දෙපිට කාට්ටු ජෙප්පොත් එකතු වෙන්නෙ ඒකටමයි.එහෙම කරල විශ්වාස භංගෙ පරද්දල එක ගලෙන් රනිල් හාමුගෙ ආණ්ඩුවයි බදූර්දීන් වන විනස්පතියවයි කියන කුරුල්ලො දෙන්නම බේරා ගන්න ප්ලෑන ක්‍රියාත්මක කරයි. ඒකට ගෙවන්නෙ රනිල් හාමු වෙනුවෙන් සිංගප්පූරුවෙ වහන් වෙලා ඉන්න බැංකු මාම​.මූ රට කාල යයි අයර්ලන්තෙ.කාල් ලාන්තය කාලක් ගහල බසවක්කුලමෙ වැව් බැම්මෙ නිදා ගනියි.යටත් විජිතය රනිල් හාමු යටතෙ ඉඳන් ගමේ කැට හොල්ලන උන්ට පේන්න සතියකට හමාරකට සැරයක් රනිල් හාමුට බොරුවට බුරයි.ඒ එක්කම චප්ප වෙන්න ගහල ලයිට් කණුවක් ඇද කරයි.ටිල්වින් ලොක්කත් මොලේ කොලොප්පම් වෙච්ච ගානට මොකෙකුටවත් නොතේරෙන අණ්ඩර දෙමළයක් දොඩවල ගමේ කැට හොල්ලන උන්ගෙ සල්ලි ටිකට කෙලියි.කැට හොල්ලන උන් මුන්ට විප්ලවීය ආචාරය පුද කරල දරු මල්ලොත් එක්ක හාමතේ නිදාගනියි.

  3. අඤ්ඤකොරස්රොස් says:

    ගොන් හරකෝ මුලින්ම ගන්නේ බදුයුදින්ගේ විශ්වාස භංගය …. ඊට පස්සේ තමයි අනෙක ගන්නේ තෝ හිතුවද හැමෝම හරක් කියලා. තෝ බදුයුදින්ගේ ආණ්ඩුවේ එකට ඇමති කම් කරන කොට තොට විරැද්ද වෙන්න තිබුනනේ ෂරියා විශ්ව විද්‍යාල ගේන කොට දැන තෝ ගොන්නු චුන් කරනවා…..

Main News