බදියුදීන් මට කතාකලා.. ත‍්‍රස්ත සැකකරුවෙක් ගැන ඇසුවා..- පාස්කු බෝම්බ කමිටුවේදී හමුදාපති කියයි.. [Video]

June 26, 2019 at 10:11 pm | lanka C news
බදියුදීන් මට කතාකලා.. ත‍්‍රස්ත සැකකරුවෙක් ගැන ඇසුවා..- පාස්කු බෝම්බ කමිටුවේදී හමුදාපති කියයි..  [Video]

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයන් ගැන පරීක්‍ෂණ කරමින් සිටින පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද දිනයේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පොලී සිටියේය.

එම ප්‍රහාරයෙන් පසුව රට පුරා සිදු කරන ලද පරීක්ෂා කීරීස්වලදී කිසිම පුද්ගලයෙකු බලපෑම් නොකල බව ඔහු එහිදී පැවසීය.

අප්‍රේල් 26 දින හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉෂාන් අහමඩ් නම් අයෙක් පිලිබදව හිටපු ඇමති රිෂාද් බදියුදීන් මහතා තමන්ගෙන් දුරකථනය මගින් අවස්තා තුනකදී විමසූ බවද ඔහු සදහන් කලේය.

නමුත් එහිදී කිසිදු බලපෑමක් බදියුදීන් මහතා තමනට සිදු නොකල බවද ‘අසා සිටීමක්’ පමණක් කළ බවද හමුදාපතිවරයා කීවේය.

ත්‍රස්ත කටයුතු ගැන සාමාන්‍ය තිබූ ඉෂාන් අහමඩ් නමැත්තා ගැන හිටපු ඇමති විමසූ බවත් එම පුද්ගලයා බදියුදීන් මහතා සමග සබදකම් ඇති අයෙකුගේ පුතෙකු යයි පැවසූ බවද හමුදාපතිවරයා සදහන් කලේය.

අද දිනයේ සාක්‍ෂි විමසීමට නියමිතව තිබු රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගෙන් එය සිදු නොකර වෙනත් දිනයක් ලබා දුන්නේ කමිටුවේ සාමාජිකයන් පිරිස මදි බව පවසමිනි.

බදියුදීන්ගේ සාක්‍ෂි නොගෙනම කමිටුව අවසන්..

බදියුදීන් හෝ කිසිවෙකු පරීක්ෂණ වලට බලපෑම් කලේ නෑ – හමුදාපති

බදියුදීන් හෝ කිසිවෙකු පරීක්ෂණ වලට බලපෑම් කලේ නෑ – හමුදාපති(Video – Ada Derana)

Gepostet von Bitter Truth – තිත්ත අැත්ත am Mittwoch, 26. Juni 2019

25,583 Viewers

8 Comments to “බදියුදීන් මට කතාකලා.. ත‍්‍රස්ත සැකකරුවෙක් ගැන ඇසුවා..- පාස්කු බෝම්බ කමිටුවේදී හමුදාපති කියයි.. [Video]”

  1. Amaris says:

    මනා පෞරසවයක් ඇති හමුදාපති ගිහින් තුට්ටු දෙකේ දේශපාලන සුනකයින්ට සැලියුට් ගහද්දි මටනම් ඇතිවන්නේ මහා කලකිරීමක්.

    • Ariyathilaka says:

      රාජ්‍ය නිළධාරියෙකුගේ නීත්‍යනුකූල වගකීම ඉටු කිරීමකි.

  2. sathya says:

    You are good Mahesh. Maintain your esteemed personality. Whatever they are your heads. But never accept any wrong orders or obey to their wrong instructions.

  3. රාහුල කොලුවා says:

    ඉල්ලීම යනු සානුකම්පිත බලපෑමක් විය නොහැකිද…?

  4. sumith kumara says:

    නිකන් සත පනහෙ දේශපාලන බොරුකාරයන්ට අපිත් අහුවෙනව. මේ මනුස්සය කියනවනෙ බලබෑම් කලේ නැහැ කියල අයේ මොකටද අපි නඩුකාරයෝවෙන්නෙ.

  5. kalum pressantha says:

    ටෙලිෆෝන් වාර්තා බලන්න බැරිද

  6. sinha le says:

    බදුර්දින්ට කන්නියාවන් 72 ක් ලබාගැනීමට අපි ඉඩ සලසා දෙමු

  7. NAK says:

    Another spineless in a long line.
    This is not what he said initially.
    He gave a big ‘Pora’ talk when he said a minister called him and he told him to call after three years!

Main News