බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි..

June 7, 2019 at 3:22 am | lanka C news
බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි..

රිෂාඞ් බදුර්දීන් නමැත්තා පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළිපෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දුන් ආරක්ෂක නිවස්න පිහිටා තිබූ බව දැන් අනාවරණය වී ඇති බවත් ඔහු වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට එම කාරණය වුව හොඳටම ප්‍රමාණවත් බවත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

රිෂාඞ් බදුර්දීන්, අසාත් සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන මුස්ලිම් දේශපාලනඥයන්ට පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේ ඔවුන් වහබ්වාදී ත්‍රස්තවාදය පතුරවා හැරි එමෙන්ම එමගින් බිහිවූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළ ‘කපටි නරීන්’ පිරිසක් නිසා බව යැයි පෙන්වා දුන් උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා, එවැනි චෝදනා එල්ල නොවූ මුස්ලිම් ඇමැතිවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් තම ධුරවලින් ඉල්ලා අස් වූයේ කුමක් නිසා දැයි ප්‍රශ්න කර සිටියේය. එවැනි ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට මුස්ලිම් ඇමතිවරුන්ට අවස්ථා රැසක් තිබූ බවත් ඔවුන් එම අවස්ථාවලදී කිසිවක් නොකර සිත් සේ තම වරප්‍රසාද භුක්ති විදිමින් කාලය ගත කළ බවත් ඒ මහතා චෝදනා කළේය. මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදු වීම, ඒ සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් කබීර් හෂීම් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයාට වහබ්වාදී ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීම, වනාතවිල්ලුවේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය සමඟ වහාබ් ත්‍රස්ත කඳවුරක් සොයා ගැනීම, අප්‍රේල් 21 වැනිදා වහබ්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මිය යාම වැනි අවස්ථාවලදී මේ මුස්ලිම් දේශපාලනඥයන් ඉල්ලා අස්වීමට තබා අඩුම තරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ නැති බව ද උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී සිහිපත් කළේය.

එහෙත් රිෂාඞ් බදුර්දීන් නැමති වහබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ අන්තවාදියා රැකගැනීමට මේ මුස්ලිම් ඇමැතිවරුන් ඔහු සමඟ සිටගනිමින් ඉල්ලා අස්වීම සිංහල, දෙමළ ජනතාව පමණක් නොව මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ද අනතුරේ හෙළීමක් බව ඒ මහතා සඳහන් කළේය. සහරාන්ලා සහ රිෂාඞ් බදුර්දීන්ලා සමඟ සිටගැනීමෙන් මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වහබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමට රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් 19 දෙනෙකු කටයුතු කිරීම ජාතියේ අවාසනාවක් බව ද උදයශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

වහබ්වාදී අන්තවාදය ඉතා දරුණු ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පසුගිය කාලය පුරාම මෙම අන්තවාදීන් රට පුරා යමින් සිය අනුගාමිකයන්ට ‘අල්ලා දෙවියන් අන්‍යාගමිකයන් සතු මහා පරිමාණ සම්පත් හා භූමිය අත්පත් කරගැනීමට උනන්දු කර ඇත්තේය’ සහ ‘තවදුරටත් අන්‍යාගමිකයන් පය නොගැසූ භූමිය අත්පත් කර ගැනීමට නියෝග කර ඇත්තේ ය.’ යන මේ රටම ලේ විලක් කළ හැකි අන්තවාදී ඉගැන්වීම් සිදු කර ඇති බවත් ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

47,922 Viewers

10 Comments to “බදියුදීන් විලච්චිකුලමේ තවත් සහරාන්ලා පිරිසක් රදවයි..”

  1. UD says:

    කොච්චර සාක්ෂි සහිතව බදියුදීන්ට චෝදනා කරත් වැඩක් නෑ…
    අන්තවාදය පෝෂණය කරපු බව ආය ඔප්පු කරන්න දෙයක් නෑ,…
    ඒ වුණාට මුළු ලෝකයම ඔවුන්ගේ පැත්තේ….
    සිංහල අපි තමයි වැරදි…..
    මේකට බුද්ධිමත්ව මුහුණ දිය යුතුයි…

  2. Sun says:

    No one is there to monitor and implement the legal system in Sri Lanka at the moment. So the people are living away from the current happenings. But very soon they express their anger. all are in a lost mood. I do not know the level of economic growth as a result of all these happenings. Even the top politicians keeping quiet on happenings and the country is going downward. But some foreign elements are involved in the happenings.

  3. Roshan says:

    Muslim kastiyata gewal dunnoth wahawaadaya pathuruwanu lebe. Anith kattiyata labadunnoth maha minisa we

  4. charles says:

    As long as Ranil & co in power nothing is going to happen. We will wait another six months to talk about that.

  5. Prabath says:

    263 යි මැරැනේ

  6. Trumpets says:

    යකෝ ගිහිං පැමිනිලි කරපං බොරුවට කියවන්නෙ නැතිව . තොපි මිනිස්සු රවටන එකමය් කරන්නෙ

  7. analyst says:

    first get rid of all 225 in parliament
    Then solve problems

    • sathya says:

      Only the stupid government is responsible for the mess they created, The opposition is not responsible. Why should all 225 got rid of. This is a JVP/UNP attempt to share their faults with the opposition. Analyst, my foot.

  8. Kule says:

    සිංහලය පට්ට මෝඩ ජාතිකයෙක්, කෙලවෙනකල්ම ඔහොම හිටපියව්. ගහපියව් බෝම්බ ගහන්න පුළුවන් හැමතැනටම. පර හැත්ත.

  9. jhon says:

    මුන් ඔක්කොම ගොන් කතා කිය කිය අපිව රවට්ටනවා මිසක් එකෙක් කොම්ප්ලේන් එකක් දාන්නේ නැහැ. චන්ද ටික ගන්න මුන් ජාතිය ආගම විකුණන් කනවා. මෙහෙම මාද්‍ය වල කෑ මොර දෙන උන්ට පුළුවන්නේ ගිහින් රිෂාර්ඩ් ට එරෙහිව කොම්ප්ලෙන් එකක් දාල ඌව CID භාරයට ගන්න කියන්න. අපි මෝඩ යක්කු බන් මුන් කියපු ගමන් කඩේ යන

Main News