බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි..? බදියුන්ගේ ඇමතිකම ජනපති යටතට..

June 2, 2019 at 2:10 pm | lanka C news
බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි..? බදියුන්ගේ ඇමතිකම ජනපති යටතට..

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඇමති රිෂාඩ් බදුර්දීන්ට එම තනතුරුවලින් ඉල්ලා අස්වන්නැයි ඔවුන්ට සමීපතම දේශපාලකයන් සහ හිතවතුන් විසින් කර ඇත.

මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ ඇතිවී තිබෙන විරෝධය සමනය වන තෙක් හෝ තාවකාලිකව ධුරයන්ගෙන් ඉවත්වන ලෙස ඔවුන් ගෙන් ඉල්ලීම් කර ඇත.

කෙසේ වෙතත් මේ දක්වා ඔවුන් එම ඩල්ලීම් බැහැර කර නැති අතර ඒ පිළිබඳව සාධනීය ප්‍රතිචාරයක්ද දක්වා නැති බව ද වාර්තා වේ.

යම් ලෙසකින් එසේ ඉල්ලා අස් වූ ඇමති රිෂාද් බදුර්දීන් දරන ඇමැති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත් වෙයි.

මෙම තිදෙනා ධුරයෙන් ඉවත් කරන ලෙස අතුරලියේ රතන හිමියන් ද මේ වන විට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

30 views

16 Comments to “බදියුදීන්-සාලි-හිස්බුල්ලා ඉල්ලා අස්වෙයි..? බදියුන්ගේ ඇමතිකම ජනපති යටතට..”

  1. john the baptice says:

    බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඇමති රිෂාඩ් බදුර්දීන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කර අත්අඩංගුවට ගතයුතුයි ….මෙය මුළු රටේම ජනතාවගේ ඉල්ලීමයි ..තාමත් මේ ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රමාද මන්ද ?
    ජනපති, අගමැති නිදිද ? වහබි අන්තවාදී මිනීමරුවන්ට සහය පලකරනවද ???

  2. one shot says:

    කොහෙද බං හැට දෙලක්‍ෂෙ?
    කොහෙද බං අළුත් පරපුර​?
    කොහෙද බං ගෑස් අමිල?
    කොහෙද බං පුරවැසි පෙරමුණ?
    කොහෙද බං සංහිඳියාව?
    කොහෙද බං ජාතික ආරක්‍ෂාව​?

  3. Open mind says:

    ඉල්ලා අස්වූ විට සියලු වැරදි අහෝසි වෙයි ? ඊට පස්සෙ ඔය විරෝධතා ඉවරයි. ඊළඟ ඡන්දය ද ජය ගනීවි.

Main News