බදියුදීන් Coming Soon… කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..

June 4, 2020 at 10:02 pm | lanka C news
බදියුදීන් Coming Soon… කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..

හිටපු කර්මාන්ත ඇමති රිෂාඩ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019 .11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදුකර ඇති බවට පොලිස්පතිවරයා වෙත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිපතිවරයාගේ හෝ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලැබී නොමැති බව පැවසූ සභාපතිවරයා, රජයේ ඉඩම් සම්බන්ධයෙන් ගිවිසුමකට ඇතුළත්වීමේදී නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිවීම බරපතළ වරදක් බව ද පෙන්වා දුන්නේය.

ඉහත පැමිණිල්ල කොටුව පොලිස් මූලස්ථානය වෙත පැමිණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසුවේය.

මේ රටෙහි සිමෙන්ති අවශ්‍යතාව සැපිරීමට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට තිබූ හැකියාව පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කම්හල් පාඩු ලබන බව පවසා විකුණා දැමීමට කටයුතු කළ මෙරට ඇතැම් පාලකයන් නිසා අහිමිව ගිය බව පෙන්වා දුන් සභාපතිවරයා, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කටයුතු ද තිස් වසරක යුද්ධය හේතුවෙන් නතර වූ බව සිහිපත් කළේය.

කෙසේ වෙතත් මේ වන විට වත්මන් විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව යළි නඟා සිටුවීමට ගත හැකි සියලු පියවර ගනිමින් සිටින බවත් ඒ යටතේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි විවෘත කිරීමේ හැකියාවත් විකුණා දමා ඇති පුත්තලම සිමෙන්ති කම්හලට දීර්ඝකාලීන ලෙස බදු දී ඇති සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධිය සහිත අක්කර 5142ක ඉඩම මගින් ලැබෙන ආදායම පිළිබඳවත් කඩිනමින් සොයා බැලූ බවත් නීතිඥ ගාමිණී ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව අරුවක්කාරු හුණුගල් නිධියට අදාළ බදු ගිවිසුම පිළිබඳ සොයා බැලීමේදී 1993 සිට ඇරඹී ඇති මේ බදු ගිවිසුම අනුව වසර 5කට වරක් වාර්ෂික බදු මුදල 12%ක අගයකින් ඉහළ දැමිය යුතු බව සඳහන් වූ බව ද ඒ මහතා අනාවරණය කළේය. එහෙත් මේ වසර 5කට වරක් සිදු කළ යුතු 12%ක බදු මුදල් වැඩි කිරීම 2019 තෙක්ම සිදු නොවූ බව පෙනී ගිය බවත් ඒ හිඟ බදු මුදල් මේ වන විට පුත්තලම සිමෙන්ති සමාගම පවත්වාගෙන යන ෂියාම් සිටි සමාගමෙන් ලබාගැනීමට ගිවිසුම ප්‍රකාරව 2016 සිට 2018 දක්වා සාකච්ඡා සිදුව ඇති බවත් කෙසේ නමුත් අවසානයේ දී ඒ හිඟ බදු මුදල් අයකර ගැනීම අතහැර දැමීමට ඉහත කී අතිරේක බදු ගිවිසුම් මගින් කටයුතු කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම බරපතළ මූල්‍ය වංචාවට එවකට විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු සිමෙන්ති සංස්ථා බලධාරීන් වගකිවයුතු බව පෙනී යන බවත් මෙම පැමිණිල්ල නිසි පරිදි විමර්ශනය කර කඩිනමින් මේ ජනතා මුදල් කොල්ලයට වරදකරුවන් වන පිරිස නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ඒ මහතා අවසන් වශයෙන් අවධාරණය කළේය.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

42,700 Viewers

26 Comments to “බදියුදීන් Coming Soon… කෝටි 40ක් ගැන චෝදනා එල්ල වේ..”

  1. Sarath says:

    වැඩක් නෑ, බදුටීන් ඌරු නම්බා සුපුරුදු පරිති නිතියෙන් ලිස්සලා යනවා ආන්ඩුවේ උපකාර ඇතිව. පුලුවන්නම් අසත් සාලියාව අල්ලගනිල්ලා.

    • Liverpool shame seneviratne says:

      මෝඩයා, උඹ හිතන්නෙ තවමත් තියෙන්නෙ ජඩපාලනය කියලද?
      දැක්කෙ නැද්ද අර සොයිසාපුර හෝටලයට පහරදුන් හැම එකාවම දින ගනනක් අල්ලල සේවය පැහැර හැරපු පොලිස් කාරයන්ගෙ වැඩ එක දවසින් තහනම් කලා?

    • කිරි හාමි says:

      ඒ එහෙම උණේ ගව පාලනය කාලේ . බදුර්දීන් ගේ මල්ලි රාජිත සේනාරත්න ඔය ඉන්නේ කුරූ ගැන ගැන . ඒවා එහෙම පේන්නේ නැහැ නේද ?🤣🤣

    • නිවහල් නිදහස් ජෙපි වහලා says:

      හරියට අර පුභාකරන් බේරිලා පැන ගත්ත වගේ නේද?

    • නිවහල් නිදහස් ජෙපි වහලා says:

      හරියට අර පුභාකරන් බේරිලා පැන ගත්ත වගේ නේද?🤩🤩🤩🤩🤩🤩🤩🤩

  2. Alapaluwa says:

    Mewa desapalana paliganim, kelin face to face enda ona Ape RED STARTEAM ekawage.
    KOVID-19 control kale kauda? baiyo danne na

    Ape RED-STA EKA TAMA

    JAYAWEWA BURDIN MATITUMANI API JANAWA PELAGASSANAWA
    OYA APTA HODATA SALAKUWA

  3. සිංහල බන්ඩා says:

    බැරි වෙලාවත් සජිය එහෙම ජනපති වෙලා හිටියනම් මේ වංචා කවදාක්වත් එලිදරවු වෙන්නෙ නෑ. හේතුව බඩඋඩදීන් මේවයෙ ලොකු තනතුරුවලට පත්කරන්නෙම හම්බයෝ. උන් මේව දැනගන හිටියත් කවදාවත්
    බඩඋඩදීනයට විරුද්ධව පැමිනිලි කරන්නෙ නැහැ.

    • සිංහල බණ්ඩා says:

      ඔබ බන් දැන් මහ බැංකුව කඩපු රනිලවත් ඇරස්ට් කරලනෙ ඉන්නෙ. 😀

      • අසිංහල බණ්ඩා says:

        රනියව දැන්ම ගන්න හොද නැහැ. මුලින්ම රනියයි සජියයි කෙල ගෙන රනියා විසින් සජියා දෙපයින් අල්ලා පරසක්වල ගැසීමෙන් අනතුරුව පමණක් රනියා ගැන සලකා බැලීය යුතුයි.

    • හලාල් කාන්ත says:

      හා හූවක් විතරක් වෙයි සුපුරුදු විදියටම. මූ පරණ ඒවා ඔක්කොම වැමාරුවොත් බැසිල්ගේ වැඩත් එලි වෙයි.

      • යටත් විජිත හේරත් says:

        ඊබ්රහිමි නන⁣ ගැන කියන කොට ජඩ ජෙප්පො ගැනත් එළි වෙයි.

  4. Kalana says:

    Mokuth munta wenne nee… Sure, mun ratama allanawa kaalakanni sinhala deshapaaluwan hinda

    • kawinda says:

      mahathwaruni.. honda lamai wage methiwaranaya dinanakal tikak iwasala innako. Rizad, Mujibar, Hakim samaga sanskruthika aramudalata kelapu Saji, ona gonekuta hujja karanna puluwan kiuwa naakiya, medawachchi kilinochchi maaru kara gaththu karu-nka, saha top 10 polima neethiya idiriyata enakal.

    • jackson says:

      Thamange chandha kuttiya wedi kora ganiema sandhaha rishad, hakiem, ganesan weni anthawaadie, jaathiwaadhie dhesapaaluwan thama peramunata ekathu karagath sajith athulu samagi janabala wegaya winasha wewa, banga wewa!

  5. Saman says:

    Every day coming soon until guy come to pohottuwa

  6. දියරකුස් says:

    ඌරු බදුර්දීන් නීල හොරා.හොරකමට නීතියෙන් බේරුනාට දෙවියන්ගේ දේව විනිස්චයෙන් ගැලවෙන්න බෑ.පාස්කු මිනීමැරුමට මූටත් ඒ හා සම්භන්ද සියලු දෙනාටත් ඒ පවුල් වල උන්ටත් දේව ශාපයෙන් දඩුවම් ලැබෙනවාමයි..

  7. බන්ඩා says:

    2015 ට පෙර මහින්දලා හොරා කාපු ඩොලර් බිලියන ගනන් නාමල්ලගෙ ලැම්බොගිනි හෙලිකොප්ටර් etc ගැන ඉක්මනට හොයන්න 2015 බලයට ආව යහපාලනේ රනිල්ලා අනුරල fcid හදල ස්ප්‍රෙෂල් උසාවිත් දැම්මා නේද? ජොනීල රිමාන්ඩ් කරල තුට්ටු දෙකේ බොරැ නඩු දැම්මා. ඔක්කොම නිදහස් උනා.
    මේ පාර ජනතාව ගෝටාගෙ ආණ්ඩුව පත්කලේ යහපාලන හොරැ මිනීමරැවො සහ නීතිය නවපු තක්කඩි අල්ලන්නය්. ගෝටා හොරැ අල්ලය්ද ගලවය්ද කියල බලමු.

  8. කිරි ගුණයා says:

    මොකුත්ම වෙන්නෙ නැහැ බං ඕකට …ඔය බොරු ඩ්‍රාමා එකක් මුං කරන්නෙ….නැත්තං මූ කරල තියෙන සැබෑ විනාශෙ කෝටි 40 ද….? මූව ෆෝම් කළේ අර බැසිලා ,මහින්ද ඉන්නකම් ඕකට නෙවි මහ බැංකු කඩපු ඵවුනුත් හිරේ දානවා බොරු…

    • නිවහල් නිදහස් ජෙපි වහලා says:

      මං හිතන්නෙ ඉස්සර අර එල්ටීටී එක විනාස කරන්න මහින්දල කරපු බොරු ඩුාම එක වගේ නේද?

      අපේ පක්ෂ බඩ කඩ්ත්තුවෙ මධ්‍යම කාරක සභාවෙන් තීරණය කරල තියෙන්නෙ ඒ විධියට කියන්න තමයි. නිදහසේ නවහල්ව හිතන අපේ වහල් සහෝදරවරු එ් තීරණයට පිටින් යන්නෙ නෑ.

      වැඩක් කෙරෙන බව පේනව නං ඒක බොරු රගපෑමක්.

      කෙරෙන් නැත්නං කෝ යකෝ කරාද?

  9. කිරි ගුණයා says:

    මොකුත්ම වෙන්නෙ නැහැ බං ඕකට …ඔය බොරු ඩ්‍රාමා එකක් මුං කරන්නෙ….නැත්තං මූ කරල තියෙන සැබෑ විනාශෙ කෝටි 40 ද….? මූව ෆෝම් කළේ අර බැසිලා ,මහින්ද ඉන්නකම් ඕකට නෙවි මහ බැංකු කඩපු ඵවුනුත් හිරේ දානවා බොරු…අර විල්පත්තුව කපපු ඵකේ වගේ වගක් කෝ දැන්…? ඔය නිකං සතපහේ ටොපි අපිට දෙන්නෙ

  10. sena says:

    මේ පර හබ්බයාව මුගෙ ආගමේ නිතිය අනුව එල්ලා මරනු

  11. Gamini Hewa says:

    කොකේන්-අල්-ජාසින්-රිෂාඩ් තාම හිරේ දාන්නෙ නැත්තේ ඇයි ? කිසිදිනක නොලැබෙන මුස්ලිම් ඡන්ද පසුපස ගියොත්,අතේ ම තියෙන සිංහල ඡන්දත් ලක්ෂ ගණන් අහිමි වී යනවා.