බදුම්කර හොරැ දුන් නිවසේ සිටින ඇමති රවිගේ ආරක්‍ෂකයින් අසල හෝටල් කාමර බලෙන් අල්ලාගනී.. තිස් ලක්‍ෂයක බිල් නොගෙවයි..

August 1, 2017 at 11:20 am | lanka C news
බදුම්කර හොරැ දුන් නිවසේ සිටින ඇමති රවිගේ ආරක්‍ෂකයින් අසල හෝටල් කාමර බලෙන් අල්ලාගනී.. තිස් ලක්‍ෂයක බිල් නොගෙවයි..

විදේශ ඇමති රවී කරුණානායකගේ ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු බලවත්කාරයෙන් ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ කාමරයක බලහත්කාරයෙන් නැවතී සිටින බව වාර්තා වෙයි.

ඔවුන් මෙසේ එම ස්ථානයේ නැවතී සිටින්නේ ඇමති රවි කරුණානායක කොළඹ මොනාක් එපාර්ට්මන්ට්හි නවාතැන්ගෙන සිටින නිසා ඔහුගේ පහසුව තකා බව සදහන්ය.

කෙසේ වෙතත් මෙම නවාතැන් ගාස්තු සදහා හිඟ මුදල් ගෙවන්නැයි ආයතනය අවස්ථා කිහිපයකදීම ඇමති කරුණානායකට දන්වා ඇතද කිසිදු ගෙවීමක් මේ වන විටත් නොකර බලහත්කාරයෙන් තව දුරටත් එහි රැඳී සිටින බවද වාර්තා වෙයි.

එම කාමර කුලිය මේ වන විට රුපියල් ලක්ෂ 30ද ඉක්මවා ගොස් තිබේ.

– FB

55 views
Main News