බදුයුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි නිවැරදිකරුවන් වී ප‍්‍රසන්න වරදකරු වෙයි.. ත‍්‍රස්තවාදය ඇති කිරීමේ චෝදනාව පොහොට්ටුවට..

May 26, 2019 at 10:40 am | lanka C news
බදුයුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි නිවැරදිකරුවන් වී ප‍්‍රසන්න වරදකරු වෙයි.. ත‍්‍රස්තවාදය ඇති කිරීමේ චෝදනාව පොහොට්ටුවට..

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මුළු රටේම විශ්වාසය භංග වී සිටින රිෂාඩ් බදියුදීන්ගේ විශ්වාසය තහවුරු කරන තේරීම් කාරක සභාවක් මිස ඔහුට දඬුවම් කරන තේරීම් කාරක සභාවක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මේ තේරීම් කාරක සභාවත් මහ බැංකු හොරකම ගැන සෙවූ ජනාධිපති කොමිසමට නොදෙවෙනි බව පැවසූ රණතුංග මහතා මහ බැංකු හොරකමේ ප්‍රධාන චූදිතයන්ට මෙන්ම රිෂාඩ් බදියුදීන්ටත් නිදැල්ලේ සිටින්නට මෙතුළින් ඉඩ සැලසෙන බවත් ඔහුට එරෙහි පියවරක් ගැනීමට තරම් කොන්දක් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නැති බව පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ නිලධාරීන් පිරිසක් උඩුගම්පොළ දී හමු වූ අවස්ථාවේදීය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරයේ නිරත ව සිටින තමන්ට මුහුණ දෙන්නට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම සාකච්ඡාව පැවැත්විණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරකයන් පැමිණීම අවම අගයක පැවතෙන නමුත් ගුවන්තොටුපොළේ සංචාරක කවුළු හිමි පෞද්ගලික ආයතන තම එක් සාමාජිකයකුගෙන් රුපියල් 20,000ක මාසික වාරිකයක් අය කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී එම සංගමයේ නිලධාරීහු කරුණු දැක්වූහ. එසේම ආදායම පහත වැටී ඇති මොහොතක ලීසිං වාරික ගෙවාගැනීමේ ගැටලු ඇති බව ද ඔවුහූ පෙන්වා දුන්හ.

ප්‍රහාරයෙන් මසකට වැඩි කලක් ගත වී ඇති නමුත් ගුවන්තොටුපොළ බලධාරීන්ට මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකි වී ඇති බව පෙන්වා දුන් එම සංගමයේ නිලධාරිහු මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට මිස තමන් වැනි ස්ව ශක්තියෙන් නැගී සිටින අයට වත්මන් රජයෙන් කිසිදු සහනයක් හිමිනොවන බවත් ප්‍රකාශ කළහ.

සංචාරක මාර්ගෝපදේශක රියදුරන් මුහුණ පා සිටින ගැටලු විසඳා ගැනීම සඳහා තමා සෘජුව මැදිහත් වන බව ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය. එසේම ගුවන්තොටුපොළේ මාසික වාරික, ලීසිං වාරික සම්බන්ධයෙන් සහන ලබාගත හැකිදැයි සොයා බැලීම සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවට ප්‍රතිඥා දුන් රණතුංග මහතා මහින්ද

රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පත් කෙරෙන ඉදිරි රජයක් යටතේ මෙම ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම සඳහා සුවිශේෂ අවධානයක් යොමුකරන බවත් පැවසීය. ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇති වූ තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කරගන්න ගුවන්තොටුපොළ බලධාරීන්ට පමණක් නොව සමස්ථ ආණ්ඩුවටම තවම පුළුවන් වෙලා නැහැ. ප්‍රහාරයෙන් මාසයකටත් වැඩි කාලයක් ගත වෙලා තියෙන කොටත් ආණ්ඩුව හැසිරෙන්නේ හරියට නින්දෙන් නැගට්ටා වගෙයි. ඒ අතින් ගත්තම මේ ආණ්ඩුව සීයට දෙසියක් අසමත් ආණ්ඩුවක් බව කිව යුතුයි.

ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා හටගත් මෙම ව්‍යසනයට මුල්වෙච්ච කරුණු සොයලා ඒක මර්දනය කරන්න උත්සාහ කරනවාට වඩා ආණ්ඩුව දැන් කරන්නේ මේ සිද්ධිය පොහොට්ටුවේ කරපිටට දාලා දේශපාලන වාසියක් ගන්නයි. මේක තමයි ඇත්ත තත්ත්වය.අන්තිමේදී අන්තවාදය පෝෂණය කරපු රිෂාඩ්ලා, හිස්බුල්ලලා, අසාත් සාලිලා නිවැරැදිකාරයෝ වෙලා ප්‍රසන්න රණතුංගලා වැරැදිකාරයන් වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.

ආණ්ඩුව කටයුතු කරන්නේ පැහැදිලිවම ඉදිරි ජනාධිපතිවරණය දිහා බලාගෙන බව පේනවා. ආණ්ඩුව බයයි මුස්ලිම් ඡන්ද ටික නැති වෙයි කියලා. 2015න් පස්සේ මේ ආණ්ඩුව හැසිරිච්ඡ අමන විදිය නිසා සිංහල බෞද්ධ ඡන්ද ආණ්ඩුවට නැති වුණා. ඊළඟට පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා කතෝලික ඡන්ද ටිකත් නැති වුණා. ආණ්ඩුවට දැන් ඉතුරු වෙලා තියෙන්නේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද ටිකක් පමණයි.

ඒ නිසා තමයි ආණ්ඩුව රිෂාඩ් බදියුදීන් බේරගන්න ඔච්චර උත්සහ දරන්නේ. රිෂාඩ්ව බේරගන්න මෙච්චර දඟලන්නේ මේ ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් රිෂාඩ්ගෙන් කප්පම් ගන්නවද කියන සැකයක් දැන් ජනතාව තුළ මතු වෙලා තියෙනවා. හැබැයි මොන සෙල්ලම් දැම්මත් රිෂාඩ් බේරගන්න ඇමැතිවරුන්ට ඊළඟ වතාවේ ජනතා ඡන්දෙන් නම් පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ කියන එකත් මතක තබාගත යුතුයි.

ආණ්ඩුවටම බහුතරය හිමි පාර්ලිමේන්තු තේරීම් කාකර සභාව ගැන විශ්වාසයක් නැති නිසයි අපි ඒකට සහභාගී නොවන්නේ. මේ හදන්නේ මහ බැංකුව හොරකම වගේ මේකත් යටගහන්නයි. මහ බැංකු හොරකම ගැන හොයන්න ජනාධිපති කොමිසම් පත් කළාට වැඩක් වුණාද? ප්‍රධාන හොරු දෙන්නම අදටත් නිදැල්ලේ. මේ හදන්නේ රිෂාඩ්ගේ නිර්දෝෂයි කියලා ඔප්පු කරගන්නයි.

මේ වගකීමෙන් කර අරින්න ජනාධිපතිවරයාටත් බැහැ. මොකද එතුමට ඕනේ නම් පුළුවන් රිෂාඩ් ඇමැතිකමෙන් අයින් කරන්න කියලා අගමැතිවරයට දැනුම් දෙන්න. එහෙම කරන්නේ නැහැ. ඒ වගේම තමන් යටතේ තියෙන පොලීසියට උපදෙස් දෙන්න පුළුවන් රිෂාඩ් ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා. එහෙම කරන්නෙත් නැහැ. මේකෙන් පේන්නේ ජනාධිපතිවරයත් රිෂාඩ් ආරක්ෂා කරන බවයි.

රිෂාඩ් පමණක් නොවෙයි අසාත් සාලි, හිස්බුල්ලා කියන දෙදෙනාත් මේ අන්තවාදය පෝෂණය කළා. ඒවට පැහැදිලිව සාක්ෂි තිබෙනවා. විශේෂයෙන් අසාත් සාලි අන්තවාදය පෝෂණය කළා පමණක් නොවෙයි ජාතීන් අතර ගැටුම් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරනවා. පල්ලිවලට බල්ලෝ ගේන්න එපා කියනවා. හැබැයි පියල් නිශාන්තට ක්‍රියාත්මක වෙච්ච නීතිය අසාත් සාලිට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

ආසත් සාලි, හිස්බුල්ලා කියන ආණ්ඩුකාරවරුන් ගැන සෘජු ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තියෙද්දිත් ජනාධිපතිවරයා නිහඬව ඉන්නේ ඉදිරියේදී මුස්ලිම් ඡන්ද ටිකක් ඩැහැගන්න පුළුවන්ද කියලා හිතන නිසයි. මේ මොනවා කළත් වැඩක් නැහැ ජනාධිපති, අගමැති දෙන්නම දැන් රටේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. දැන් ඕනේ අලුත් නායකයෙක්.

රටේ ජනතාව දැන් අලුත් නායකත්වයක් ඉල්ලා සිටිනවා. ඒ නායකත්වය අන්තවාදයට, ත්‍රස්තවාදයට යට නොවන සෘජු නායකත්වයක් විය යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ අයෝමය නායකත්වයේ ආශිර්වාදය ලබන නායකත්වයක් විය යුතුයි. අන්න ඒ නායකයා රටේ නායකත්වයට පත් කරන්න තමයි අපි කවුරුත් මේ වෙහෙසෙන්නේ.

ගුවන්තොටුපොළ සංචාරක මාර්ගෝපදේශක රියදුරු සංගමයේ සභාපති අජිත් රාමනායක , ප්‍රධාන ලේකම් අසංක ගොඩකුඹුර මහත්වරු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

66 views

9 Comments to “බදුයුදීන්, හිස්බුල්ලා, අසාද් සාලි නිවැරදිකරුවන් වී ප‍්‍රසන්න වරදකරු වෙයි.. ත‍්‍රස්තවාදය ඇති කිරීමේ චෝදනාව පොහොට්ටුවට..”

  1. Ranatunga says:

    ඡාතී වාඳී වැඩ එපා අය්යේ

  2. Sun says:

    Most of the politicians are corrupted due to the influence of corrupted leaders and the also following the way of surviving. No black and white sense of behaviour. Just imitating as true leader but not. Dual character to survive in politics. Because of that no one cannot direct the community. All just come with theories but not following it.

  3. sunimal says:

    යැංකි ඩිකී රජය පෙරලා දැමීම ලක් වැසි සියලු දෙනාගේ ජාතික යුතුකමයි

  4. Roshan says:

    Mage prasnaya, mowun EY thrasthaeadee weda karanna one eya sahamulinma owunge Komis walata pahara wadina hinda. Me desapaaluwo aagamika naayakiyan netha. Ehanam eyy mowun target wela thiyenne. Eththa hethuwa hoyannethiwa ape des wenapeththakata heri yanabawa Mata hithami…. something wrong somewhere in Sri Lanka.

  5. Kadiya says:

    UNP මන්ත්‍රීවරු තමුන් විසින් හදාවඩාගත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ගේ හිරකාරයෝ දැන්. ඔවුන් ආණ්ඩුවට තර්ජනය කරන්නේ මරාගෙන මැරෙන්න සුදානම් අන්තවාදී ත්‍රස්තවාදීන්ගෙන් තමුන්ට තියන බලපෑම් නිසයි. අපි බලමු ආණ්ඩුවේ ඉන්න කතෝලික සහ ක්‍රිස්තියානි මන්ත්‍රීවරුන්ගේ කොන්දේ හයිය සහ ඔවුන් වගකියන්නේ කතෝලික ජනතාවටද පක්ෂ නායකයාටද කියල.

  6. Panda says:

    Niroshan Perera vani katholika manthri varun agaya karamu. Ethuma sabe Christu parapure katholikayek bava penne. Ema aadarshaya Anith manyhrivaruth anagena Thama chanadaya pavichci karanna.

Main News