බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි…

October 5, 2020 at 12:01 am | lanka C news
බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි…

20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොව ජනතා අපේක්‍ෂා ඉටුකිරීම නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

නමුත් දැන් දැන් ජනතා අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙන බවක් පේන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේ අදහස් පළ කළහ.

ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක අසීමිත බලයක් ලබාදී තිබියදී තවත් අය එකතු කර ගැනීමට යන්නේ යැයි ආරංචි ලැබී ඇතැයි ද පැවසූ උන්වහන්සේ බදුර්දීන්ගේ සහාය ගන්න ආණ්ඩුව සූදානම් වන්නේ රෙදි ඇඳගෙනදැයි විමසීය.

බලය නැතිව සිටියා නම් මීට වඩා හොඳ බව ද පැවසූ උන්වහන්සේ ජනතා විරුද්ධවාදීන් එක් කරගැනීම එම ජනතා මතයට කරන හානියක් යයිද කීහ.

69,058 views

28 Comments to “බදුර්දීන් ගන්නේ රෙදි ඇඳගෙනද.. බලය නොලැබුනා නම් මීට වඩා හොදයි…”

  1. ඩී says:

    පවුල් පොකුරට චන්දේ දුන්නේ කොරෝනා පොකුරට වඩා භයානකයි කියා නොදැනද? මූන එක්ක තරහා උනහාම නහය කපා ගන්න කියලා අනුශාසනා කරන එක හරිද? අන්‍ය ආගමිකයින්ට අපි ඇගිලි දික්කරන්න ඉස්සෙල්ලා මිස දුටුවෝ කියලා තමන්ගේ ඇහේ කුනු ටික ඇර ගන්න අනුශාසනා කරන්න. නිවැරැදි බුද්ද පුත්‍රයෙක්ගේ වගකීම් එයයි. ශාසනයත් ඉවරයි රටත් ඉවර කරන්න අන්ද මිනිස්සුන්ව ඉත්තෝ කර ගන්නේ නැතුව.

Main News