බදුල්ලේ ඇමතිගේ මහා මංකොල්ලය හෙලි කරනවා.. හෙට දේශපාලන තීන්දුවක් ගන්නවා.. එජාප පසුපෙල මා සමගයි..

June 17, 2019 at 10:00 am | lanka C news
බදුල්ලේ ඇමතිගේ මහා මංකොල්ලය හෙලි කරනවා.. හෙට දේශපාලන තීන්දුවක් ගන්නවා.. එජාප පසුපෙල මා සමගයි..

වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් සිදු කරමින් ඇති මහා පරිමාණ මංකොල්ලයක් සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කර තමන් දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් බව බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මෙම ඇමතිවරයා විසින් සිදුකරමින් සිටින මහා පරිමාණ කොල්ලය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට මහා අසාධාරණයක් සිදුවන බව ද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් දැනටමත් තමන් අගමැතිවරයාට පැමිණිලි කර තිබෙන බවද කී ඔහු අද දිනයේදී එම ඇමතිවරයා සමග තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බවද සඳහන් කළේය.

බදුල්ලේ ජනතාව වෙනුවෙන් තමන් මෙවැනි තීරණයක් ගන්නා බවද කී මන්ත්‍රීවරයා තමනට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සහාය පළ කිරීමට එකඟතාවය පළකර ඇතැයිද කියා සිටියේය.

28 views

15 Comments to “බදුල්ලේ ඇමතිගේ මහා මංකොල්ලය හෙලි කරනවා.. හෙට දේශපාලන තීන්දුවක් ගන්නවා.. එජාප පසුපෙල මා සමගයි..”

  1. Sinnaporan says:

    HOW MUCH WILL YOU GET TONIGHT AS BRIBE FROM THIS MINISTER? IF IT IS PAID TO YOU YOU WILL SHOUT UP YOUR MOUTH.

  2. Sun says:

    All have a making money principle for themselves rather than for the country. All have to learn to follow the ethics of the law and trustworthiness to come forward to politics. Common man is better thinkers today and they don’t accept corrupted in the future. We need very genuine solid characters to guide the country at this moment rather than opening big foolish mouths without knowing how to handle the issues. Give the opportunity for such people otherwise we are going to loose the land in near future my friends.

  3. MP විජේසිරි says:

    කරුණාවෙන් දැනුම් දීමයි.

    සිදු කරමින් ඇති මහා පරිමාණ මංකොල්ලයෙන් ලබාගත් අදායමෙන් කොටසක් අප වෙතද ලැබෙන්නට සලස්වන බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයා විසින් පොරොන්දු වූ බැවින් අදාල හෙලිදරව් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමූ බව කරුණාවෙන් සලකන්න.
    – මීට MP විජේසිරි

Main News