බදුල්ලේ නියෝජිතයින් පොහොට්ටුව අතහැර යාමට සැරසෙයි…

April 1, 2018 at 8:02 am | lanka C news
බදුල්ලේ නියෝජිතයින් පොහොට්ටුව  අතහැර යාමට සැරසෙයි…

පැවති පළාත්පාලන මැතිවරණයට ඉදිරිපත් වූ නියෝජිතයින් පිරිසක් පොහොට්ටුව අතහැර විකල්ප ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ.

මැතිවරණයෙන් පසු බදුල්ලේ පළාත් පාලන ආයතනවලට ලැයිස්තුවෙන් සභිකයන් තේරීමේදී නුසුදුසු පුද්ගලයන් මන්ත්‍රී ධුර සඳහා තෝරා ගැනීම ඊට හේතුව වී ඇත. එම නියෝජිතයන් පවසන්නේ මන්ත්‍රී ධුර ප්‍රදානය කිරීමේදී පක්‍ෂය වෙනුවෙන් කැපවී කටයුතු කල නියෝජිතයන් අතහැර පෞද්ගලික හේතු මුල් කර ගනිමින් පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය වෙනුවෙන් ලැයිස්තුවෙන් සභිකයන් පත් කර ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්‍ෂ කිහිපයකම මෙවැනි පත් කිරීම් සිදු කර ඇති බවත්, සුදුසුකම් සහිත කාන්තාවන් අපේක්ෂකත්වය ඉල්ලා සිටියද කිසිදු සාධාරණ හේතුවකින් තොරව අදාළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇති බව ද මෙම නියෝජිත පිරිස පැවසීය. උගත්, බුද්ධිමත්, හැකියාව සහ දක්ෂතාව ඇති පිරිස රටේ පාලන ක්‍ෂේත්‍රයට අවැසි බවත් එසේ තිබියෙදී මෙවැනි සභිකයන් තෝරා ගැනීම තුලින් පොහොට්ටුව නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ප්‍රභලයින් පොහොට්ටුවට ඡන්දය දුන් ජනතාව නොමඟ යවා ඇති බව ඔවුන් සඳහන් කළේය. මේ පිළිබඳව පක්ෂයේ නායකයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සාධාරණ පිළිතුරක් පක්ෂයේ නායකයින්ගෙන් තමන් බලාපොරොත්තු වන බවත් අපේක්ෂකයින් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාව හේතුවෙන් ඌව පළාත්සභාවට අයත් පළාත් පාලන ආයතන රැසක පක්‍ෂ ක්‍රියාකාරීන් සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් පිරිසක් පොහොට්ටුවේ මෙම ක්‍රියාවට එරෙහි ක්‍රියාමාර්ග වලට යොමු වන බවත් ඉදිරි කාලයේදී පක්‍ෂය සමඟ තව දුරටත් කටයුතු කරන්නේ ද නැද්ද යන්න තීරණය කරන බවත් සඳහන් කළේය.

– මාධ්‍ය අංශය

8 views

5 Comments to “බදුල්ලේ නියෝජිතයින් පොහොට්ටුව අතහැර යාමට සැරසෙයි…”

  1. bandara says:

    හොද හොද සෙල්ලම් එළි වෙන ජාමෙට 2020 දී පොහොට්ටුව පැරදවීමේ ජාත්‍යන්තර සෙල්ලම දැන පෙන්වනවා….එය අප්‍රේල් 04 දින රනිල් දිනවීමෙන් පසු වේගවත් වේ. සිංහලයන් වෙනුවෙන් පෙනී ඉන්නා සිංහල බිල්ලන් වැඩේ නියමෙට රගනවා.

  2. rahula says:

    April fools day joke

  3. Saman Lakmal says:

    Kaantha Niyojanaya Lebenne THAWWA honda ayata thama

Main News