බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..

August 23, 2019 at 1:20 pm | lanka C news
බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..

“බදුල්ලේ පොහොට්ටුව දිනවීමේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරැති මම ඔළුවෙන් සිටගන්නවා” යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අද(23) පළාත් සභාවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි අමාත්‍යවරයා මෙසේද කීවේය.

“බදුල්ලේ බංකොලොත් දේශපාලකයෙක් ගෝඨාභය මහත්තයා එනවා කියලා හැමතැනම බැනර් පෝස්ටර්, ගහලා ජනතාව ගෙන්වන්න හදනවා. ගෝඨාභය මහත්තයා එනවානම් කමක් නෑ. පොහොට්ටුවේම අය කියන්නේ වසර 31ක් බංකොලොත් දේශපාලනය කරලා, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිහින් ඡන්දය ළංවෙද්දී ජනතාව මුලා කරන ඒ දේශපාලනඥයා නිසා බදුල්ලේ පොහොට්ටුවටත් කැළලක්ලු. මෙවනි බංකොලොත් වැඩ පක්ෂයක ඉදිරි ගමනටත් හොඳ නෑ.

එළඹෙන 24 වැනිදා බදුල්ලේ තියෙනවා කියන පොහොට්ටුවේ මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා එන්නේ නෑ. එතුමා එන්නේ නැති රැස්වීම්වලට එනවා කියලා ජනතාව බොරුවට ගෙන්වන්නේ මොනාටද? ජනතාව මුළා කරන්න එපා. ඒ මහත්තයා ආවොත් මම නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට ඔළුවෙන් හිටගන්නවා.

අපි හැමදාම පක්ෂයත් එක්ක ඉන්නවා. පක්ෂය හෝ නායකයා ගන්න තීන්දු සමග වැඩ කරනවා. පිටිපස්ස දොරින් වෙනත් පක්ෂ වලට රිංගන්නේ නෑ.

ජනාධිපතිවරණයකට තව මාස දෙක හමාරක් තියෙනවා. පක්ෂය තීරණයක් ගනියි. ඒ තීරණයට අපි වැඩ කරනවා. ඡන්ද කාලයට විතරක් ජනතාව රවටන දේශපාලනඥයින්ට මේ ඡන්දයේදී බදුල්ලේ ජනතාව තීන්දුවක් ලබාදෙන්න බලාගෙන ඉන්නවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

– lankadeepa

723 views

35 Comments to “බදුල්ල රැළියට ගෝඨාභය ආවොත් මං ඔරලෝසු කණුව උඩ ඔළුවෙන් හිටගන්නවා..”

  1. අනේ ආලවකයෝ හිට ගනිං අපි ප්‍රාර්ථනා කරන්නම් තෝ ඔළුවෙන් හිටගන්නා තැනම පොලොව පලාගෙන නරකාදියටම පල කියලා

  2. MD says:

    Obatuma dan hitan inneth oluwen kiyalai mamanam hituwe.sorry hode

  3. 18 කනුව says:

    කොහොමද ඕයි ඔලුවෙන් ඉන්නේ තමුසේ අං දෙක බිම ඇනෙන් නැතුව?

  4. cw says:

    Standing on your “head” wearing Sarong? OMG.

  5. පොරමෝලා says:

    සරමක් ඇඳන් යටට අමුඩයක් වත් නැතිව ඉන්න එකා ඔළුවෙන් හිට ගත්තොත් මාර සීන් එකක් වෙයි

  6. Asoka says:

    මු කිලෝ 125ට වැඩිය බරයිනේ. ජරාව කාලා කාලා මත්වෙලා කිලෝ 200ක් විතර ඇති

  7. Nandasoma Suriyaarachchi says:

    ඔලුවෙන් හිටගන්න මෙිකාට ඔලුවක් තියෙන වාද?

  8. one shot says:

    උඹ හැමදාම හැම තැනම සරම ඇඳන් ඔලුවෙන් හිට ගන්න බව මුලු රටම දන්නව.

  9. Deshadiyani says:

    Olamottala katha kiyala Gotabaya ta chande dena aya Nawathwannata baaa……
    Athin alla chande dena aya nawaththannata baa….

  10. PULATHISI says:

    ඌව මහ ඇමතිගේ පසුගිය කාලය තුළ සිදු කරන ලද ආන්දෝලාත්මක නීතිය හා ආචාරධර්මවලට පටහැනි ක්‍රියාවන් කීපයක් නිසා වරින් වර චාමර සම්පත් දසනායක කවර ආකාරයේ පුද්ගල චරිතයක් දැයි විචාරශීලී ජනතාව අවබෝධ කරගන්නට ඇත.
    මෙහිදී අපට විමසීමට ඇත්තේ මොළය සහ ඔලුවේ පැවැත්ම පිළිබඳව මීට වඩා සැලකිළිමත් වන්නේ නම් ඉදිරි කෙටි කාලයටත් මහ ඇමති ධුරයේ ගෞරවය ආරක්‍ෂාවිය හැකිය යන්නයි.

Main News