බලු බද්ද හෙලි කිරීම අපරාධයක් වෙයි.. මාධ්‍යවේදීන් තිදෙනෙක් රහස් පොලිසියට කැදවයි…

November 11, 2021 at 1:20 pm | lanka C news
බලු බද්ද හෙලි කිරීම අපරාධයක් වෙයි.. මාධ්‍යවේදීන් තිදෙනෙක් රහස් පොලිසියට කැදවයි…

දඹුල්ල මහ නගර සභාව විසින් 2022 වර්ෂයේදි බදු අයකරගැනිමට අදාල ක්‍රමවේදයට අනුව 2022 ජනවාරි සිට නගර සභා බල ප්‍රදේශයේ නිවෙස්වල ඇතිකරන සුනකයින් සදහා බලු බද්දක් යෝජනා කරමින් ඉදිරිපත්කල පත්‍රිකාව ඇසුරු කරගෙන ඒ පිලිබදව මාධ්‍ය වාර්තා පල කිරිම පිලිබදව අපරාධ පරික්ෂණ දේපාර්තමෙන්තුව විසින් පරීක්‍ෂණ අරඹා ඇත.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීන් තිදෙනෙකුට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු විශේෂ විමර්ෂණ ඒකකයේ පෙනි සිටින ලෙස දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති මගින් කැද වීම් කර ඇත.

මෙසේ කැදවීම් කර ඇත්තේ විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් වාර්තා කරුවන් තිදෙනෙක වන මහින්ද උදයසිරි, සරත් එරමිණිගම්මන, ලක්ෂිත විජේසේකර යන මාද්‍යවේදින් තිදේනාටයි.

අපරාධ පරික්ෂන දෙපාර්තමෙන්තුවෙන් විමසිමේදි පැවැසුවේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සිදුකල පැමිණිල්ලක් පිලිබදව මෙසේ විමර්ෂන සිදුකරණ බවයි.

ඒ අනුව 8, 9, 11, 10 දිනයන්වල පරික්ෂන පැවැත්වෙන බව දන්වා ඇතත් මාධ්‍ය වෙදින්ගේ ඉල්ලිම මත එම දින නොවැම්බර් 12 හා 16 යලි දින ලබා දි ඇත.

53,250 views

7 Comments to “බලු බද්ද හෙලි කිරීම අපරාධයක් වෙයි.. මාධ්‍යවේදීන් තිදෙනෙක් රහස් පොලිසියට කැදවයි…”

  1. 3% ට බය බයියා. says:

    මාධ්‍ය දඩයම දඩයම් මන්දිරය හරහා කරන්න වගේ යන්නේ ?

    • Saradiel says:

      බත කා ඉවරයි බලමින් උන්නොත්
      ගමේ ගෙදරකට සෙනෙහේ පපා සිටි
      බලු කුක්කට මොන බදුද අනේ
      තනේ තියෙන කිරි ටිකටාත් බද්දක්
      ගෙවන්න වේවිද නුදුරු දිනේ
      අනේ මගේ ලමයිනේ අඬනා විට
      මොනවද උඹලට මම දෙන්නේ
      බලේ සිටින දෙවියෝ අද ඇත්නම්
      මේ හොර දේශපාලුවන් හතරට පලනවනේ
      සප්පායම් වී ජාතික ආලෙන්
      කොස් කොටනා කඩු මුව තියලා
      හප්පන්නේ කවදද පර දේශපාලුවන්
      සිංහල පොලොවේ කැති ගහලා

  2. Anuradha says:

    හරිනේ මුන් ගසන බදු ජනතාවට සේරම බලු බදු තමයි ආයි එකේ දෙකක් නැහැ.ඕක කිවා කියා CID ගෙනියන්නේ මෝකටද?

  3. Sarath kannangara says:

    බල්ලන් ට බදු ගහන්න ඔන තමා. දඩාවතේ යන බල්ලෝ නිසා කෝටි ගනන් සල්ලි යනවා පිස්සු බලු එන්නත් විදින්න

    • JUDE says:

      පාරේ යන බල්ලන්ට නොවේ අයාලේ යන දේශපාලන බල්ලන්ට තමයි බදු ගහන්න ඕනේ

  4. Rasika says:

    දැන් ඇතිකරන බල්ලන් කොල්ලන්ට වඩා වටිනවා නේද? එහෙම බල්ලන්ට බද්දක් ගෙව්වාම මොකද?
    බල්ලන් අැතිකරන අය අනිත් අයට කරදර නොවෙන විදියට කරනවා නම් කොතෙක් හොඳ ද?
    අයාලේ යන බල්ලන් කොතරම් වදයක් ද කියලා දන්නේ බයික් පැදලා බල්ලන් ගේ හැප්පිල අත පය කඩාගත් අය තමයි. එ් සඳ හා මෙහෙම හරි පාලනයක් ඕනේ.
    බල්ලන් දඩාවතේ යවන උන්ට අනික් රටවල් වල වගේ දඩ ගහන්න ඕනේ.